පසුගිය රජය සමයේ සිදු වූ අකටයුතුකම් සම්බන්ධයෙන් හා තමාට වූ බලපෑම සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව හිටපු මහජන කටයුතු හා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන ඒකකයට අද (17දා) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
මෙහිදී ඊට අදාල ලිපි ගොනු 4 ක් මර්වින් සිල්වා මහතා කොමිසමට භාර දිමට කටයුතු කර තිබේ.
විශේෂයෙන් බැසිල් රාජපක්ෂ හා ගෝඨාබය රාජපක්ෂ මහතා පසුගිය කාලයේ ආරක්ෂක හමුදා සෙබලුන් දේශපාලන කටයුතු සඳහා යොදා ගත් බවත් මෙම කණ්ඩායම් වෙතින් තමන්ටත් තම පවුලේ සාමාජිකයන්ටත් බලටපෑම් සිදුවූ බවත් ඔහු චෝදනා කර තිබේ.