රාජපක්ෂගෙන් සල්ලි ගත් රාජ්‍ය නිලධාරීන්ට වැඩ වරදින ලකුණු.

Published in පුවත්
Saturday, 17 January 2015 14:26


පසුගිය ජනාධිපතිවරණයේදී එම කටයුතු වෙනුවෙන් අරලිය ගහ මන්දිරයේ පිහි‍ටුවා තිබු මැතිවරණ මෙහෙයුම් කමි‍ටුවෙන් දේශපාලන කටයුතු සඳහා මුදල් ලබා ගත් බව අනාවරණය වී තිබෙන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීමට නීතිඥ කණ්ඩායමක් සූදානම් වෙමින් සිටින බව ලංකා ඩේලි වෙත දැන ගැනීමට තිබේ.

විශේෂයෙන්ම ඊයේ (16) ඇමැතිවරු පිරිසක් අරලිය ගහ මන්දිරයේ කළ පරික්ෂාවකදී එහි එක කාමරයක් තුල තිබී රුපියල් මිළියන 120ක පමණ ගෙවීම් ඇතුලත් වව්චර් පත් විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබුණ අතර එම වව්චර්පත්වල ගෙවීම සිදු කරන ලද පුද්ගලයන් හා ඔවුන්ගේ ජාතික හැඳුනුම් පත් අංක පවා සටහන්ව තිබේ. ඒ අතර ඉහළ තනතුරු හෙබවූ රාජ්‍ය නිලධාරීන් ‍රැසකගේ තොරතුරු හෙළිව ඇත. රාජ්‍ය නිලධාරීන්ට මෙලෙස දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීම නීතියෙන් තහනම්ය.

කෙසේ නමුත් මෙම මුදල් ලබාගෙන සිදු කළ කටයුතු මොනවාද? යන්නත් මෙම මුදල් අරලිය ගහ මන්දිරයෙන් නිකුත් කෙරුණෙ රජයට අයත් මුදල්ද ? යන්න ගැනත් පරීක්ෂා කළ යුතු බව නීතිඥාවරයකු අප හා පැවැසීය.

එමෙන්ම මෙ හා සමාන මුදලක්, මෙම ගෙවීම් සිදු කිරීමට පෙර දිවි නැගුම අරමුදලෙන් බැසිල් රාජපක්ෂ විසින් ලබා ගෙන තිබු බවටත් තොරතුරු හෙළිව පවතී.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us