ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව සලකා බැලූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ‘වධහිංසාවෙන් නිදහස’ ඇතුළු සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා ආණ්ඩුවේ දූත මණ්ඩලයෙන් ප්‍රශ්න කළ බව ජිනීවා නගරයෙන් වාර්තා වෙයි.

හිමිකම් නිකුතුවක් ලෙස (Rights Issue) කොටස් මිලියන 12.5 ක් අළුතෙන් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නියම කර තිබෙන පරිදි ප්‍රාග්ධන අවශ්‍යතාවය ඉහළ දැමීමට සණස සංවර්ධන බැංකුව සූදානම් වේ.

ඌව පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් ඊයේ (07 දා) සිරිකොත පක්‍ෂ කාර්යාලයේදී, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිව්රුම් දුන් අතර, එම අවස්ථාවට නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී නොවීම කැපී පෙනෙන සිද්ධියක් විය.  

එප්පාවල කණ්ඩක්කුලම කුඹුක්වැව වෙල්යායේ දී සිදුවු ඇත් පොරයකින් එක් ඇතෙකු මියගොස් ඇත. 

බුද්ධ ශාසන නියෝජ්‍ය අමැති එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාට ජනතා විමුක්ති පෙරමුණේ පෝස්ටර් ගලවා ඉවත් කිරීමේ රාජකාරියද පැවරී ඇති බව සනතා කරමින් ත්‍රීකුණාමලය නගරයේ තිබූ එම පක්ෂයේ පෝස්ටර් ඉවත් කිරීමට සහභාගී විය.

නිල් පැහැ LED බල්බය ලොවට හඳුන්වාදුන් ජපාන හා ඇමෙරිකානු විද්‍යාඥයන් ති‍දෙනා 2014 භෞතික විද්‍යාව වෙනුවෙන් වූ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබා තිබේ.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ සෝභිත හිමියන් ද නැතිනම් රනිල් වික්‍රමසිංහ මහතා දැයි නිශ්චිතව පවසන්නේ නම් ඒ සඳහා බොදුබල සේනාව ප්‍රතිචාර දක්වන බව බොදුබල සේනා සංවිධානයේ මහ ‍ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

2015 වසරට අදාළ අය වැය ලේඛණය මේ මස 24 වැනිදා මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us