සගවා තිබියදී සොයා ගැනුණු අලි තෝම්බුව හෙවත් අලි පොතෙහි අන්තර්ගත අලි ඇතුන් පිළිබඳ තොරතුරු විකෘති කර අති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන්ද වෙනම විමර්ශනයක් සිදු කරන බව ඔහු සඳහන් කළේය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්‌ති කුමාරතුංග මහතාට එළඹෙන මහ මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වන ලෙස එම පක්‍ෂය ආරාධනා කර ඇත.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිත් කරන ලද නව රජයේ අතුරු අය වැය වැඩි ජන්ද 163කින් සම්මත වී තිබේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මඟින් ශිෂ්‍ය මර්දනයට එරෙහිව හා තවත් ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් මීට වසරකට පෙර එනම් රාජපක්ෂ පාලන සමයේ කැළණිය විශ්වවිද්‍යාලයේ සිට පැවැත්වූ පා ගමනක් සම්බන්දයෙන් කට උත්තර දීම සඳහා මෛත‍්‍රී පාලන යටතේ අද දින(7) ශිෂ්‍ය නායකයින් පිරිසකට පොලිසියට පැමිණෙන ලෙස සිතාසි නිකුත් කර ඇත.

මෙරටදී සිදු වූ මහා පරිමාණ වැට් බදු වංචාව සම්බන්ධයෙන් වරදකරුවන් වී සිටි පුද්ගලයින් දෙදෙනෙකු මලයාසියාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ පදිංචිය සදහා නව නිවසක් කුළියට ගෙන ඇති අතර මෙහි මාසික කුළිය ලක්ෂ 12 ක් වන බව වාර්තාවේ.

හේමසිරි ප්‍රනාන්දු මහතා මහජන බැංකුවේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබේ. ඔහු ජාතික ඔලිම්පික් කමිටුවේ වර්තමාන සභාපතිවරයා මෙන්ම කලක් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපතිවරයා ලෙසින්ද කටයුතු කර තිබේ.

ළමා හිංසන සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයින්ට ජිවිතාන්තය දක්වා සිරදඩුවම් ලබාදීමට අදාලව නීති සංශෝධනය කිරීමට රජය සුදානම් වේ.

ld add copy

Connet With Us