ටෙලිනාට්‍ය කලාව ලිංගික අල්ලස් ගන්න තැනක් කළේ රජයයි - රංජන් රාමනායක
සමහර කලාකරුවන් මුදල් ඉපැයීම් අරමුණු කරගෙන ජනතාව මුලාකරන බව එක්සත් කලා සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ඊයේ (03) ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෙහෙයුම් කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.
ටීඑන්ඒ - මෛත්‍රී ගිවිසුමක් තිබෙන බව කියන්න බෑ කිව් මන්ත්‍රී අතුරුදහන් !
දෙමළ ජාතික සන්ධානයේ මන්නාරම් දිස්ත්‍රික් පළාත් සභ මන්ත්‍රී ජී.ගුණසීලන් මහතා ට ආරක්ෂක අංශවලින් එල්ල වූ ජීවිත තර්ජන හමුවේ ආගිය අතක් නැතැයි වාර්තාවේ.
රාජපක්ෂ පවුල් වනය ගැන ඊයේ පෙරේදා යම් යම් පුවත් නිර්මාණය වෙන්න ගත්තේ එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බලකාය විසින් ප්‍රකාශයට පත් කර ඇතැයි කියන පොත් පිංචක් අත් අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සිරිකොතට එජාප මුලස්ථානයට කඩාපැනීමට ගත් උත්සාහයත් සමඟය.
කෙසේ නමුත් මේ සම්බන්ධ හෙළිදරව් කිරීමක් අද (04)පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සම මාධ්‍ය ප්‍රකාශක මංගල සමරවීර මහතා විසින් කරනු ලැබීය.
එම මාධ්‍ය සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව පහත දක්වා ඇත
එමෙන්ම "රටටම වණයක් වූ රාජපක්ෂ පවුල් වනය"කෘතිය මෙම සැබැඳියාවෙන් කියවීමට හෝ බා ගැනීමට හැකිය.
https://www.facebook.com/pages/Rajapaksha-Family-Tree/854111587968329
මහින්දත් ප්‍රභාට කිව්වේ 'මිස්ටර් ප්‍රභාකරන්' කියල තමයි. මේ තියෙන්නේ සාක්ෂි
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමරතුංග මහත්මිය යාපනයේදී ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වූ කතාවකදී ඝානතයට ලක්වූ හිටපු එල්ටීටීඊ නායක වෙලුපිල්ලෙ ප්‍රභාකරන්ට 'මිස්ටර් ප්‍රහාකරන්'Mr.pabakaran යැයි ඇමැතීම ගැන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂ පාක්ෂිකයන් විශාල මඩ ව්‍යාපාරයක් චන්ද්‍රිකා මහත්මියට එරෙහිව ගෙන යන නමුදු මහින්ද රාජපක්ෂ මහතාද ප්‍රභාකරන් ඇමැතුවේ මිස්ටර් ප්‍රභාකරන් ලෙස බව හෙළිවේ.
ඔත්තු සේවා නිලධාරින් තිදෙනකු සමග කුමාර පද්මනාදන් හෙවත් කේපී හොර රහසේ රටින් පිටව ගොස් ඇතැයි යැයි ලංකා හෙරල්ඩ් වෙබ් අඩවිය වාර්තා කරයි. එම වාර්තා වලට අනුව ඔහුගේ ගමනාන්තය සහ මෙරටන් පිටවූ ගුවන් යානය මෙතෙත් හෙලවී නැත.
දෙමළ ජනතාවටත් සිංහල ජනතාවට මෙන් ම සමාජ, ආර්ථික, දේශපාලනිකමය පොදු ප්‍රශ්න තිබෙනවා. මෙම ලැබුණු අවස්ථාව ඉතාම ඓතිහාසිකයි, තීරණාත්මකයි. පසුගිය තිස් අවුරුද්දක ඉතිහාසයම ලියැවුනේ ලේ වැගිරුණු පරිච්ඡේදයක් හැටියට.
මැතිවරණ නීති උල්ලංගණය කිරීමේ වරදට 130 ක් අත්අඩංගුවේ
ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා සිදු වූ මැතිවරණ නීති උල්ලංගණය කිරීමේ සිද්ධීන් වලට අදාළව පුද්ගලයින් එකසිය තිස් දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන අැත.
අපේක්ෂකයෙකු ප‍්‍රවර්ධනය වන අයුරින් ද්‍රව්‍යමය ආධාර බෙදා හැරීම හෝ එවැනි ආධාරයක් ලබාදීමට පොරොන්දු ලබාදීම ඡන්ද විමසීමට අදාළ නීතිය යටතේ බරපතල දඩුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා පවසයි.