ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත් කළ උදය කුමාර මහතාට ඌව පළාත් සභාව වෙනුවෙන් මොණරාගල දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන ඇති තීරණය හේතුවෙන් තවදුරටත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් ලෙස කටයුතු කරනවාද නැද්ද යන්න පිළිබඳව අද (29දා) රටට දැනුම්දෙන බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පැවසීය.

'' සෑම වාහන අංක 10,000 කටම ලියාපදිංචි නොමැති අංක 488 ක්‌ තිබෙනවා. ඒ අංකවල විශේෂ ලක්‍ෂණයක්‌ තිබෙනවා. එකතුව 13 යි. තමුන්නාන්සේලා යන එන කොට බලන්න වාහනවල අංක වල එකතුව 13 නම් ඒක හොර නොම්බරයක්‌. ඒ වාහනය තුළ මැරකල්ලි ඉන්නවා, ඔබව අතුරුදන් කරන්න පැහැර ගෙන යන්න පමණක්‌ නොවේ ඔබව ඝාතනය කරන්න වුණත් පුළුවන් යෑයි ශ්‍රී ලංකා නීති සංගමයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කෑගල්ලේ පැවැති, 'නීතියේ ආධිපත්‍ය සුරකිමු' නමින් මහජන සභාව අමතා පැවසීය.

තමාගේ මූලික බලාපොරොත්තුව හෙට දවස භාරගන්න ඉන්න තරුණ තරුණියන්ට යහපත් සමාජ ක‍්‍රමයක් බිහිකරදීම බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද වන විට විවිධ වර්ගයේ රුපලාවන්‍ය නිෂ්පාදන වෙළඳපොලේ දකින්න ලැබෙනවා.

බාබර් සාප්පුවක් තුළදී තරුණියක සමුහ දූෂණය කළ බව කියන සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අද (28) අත්අඩංගුවට ගෙන ඇති බව මුන්දලම පොලීසිය පවසයි.

කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් අද (28) අලුයම රටපුරා පෝස්ටරයක් අලවා ඇත. සිංහල, දෙමල හා ඉංග්‍රීසි භාෂා තුනෙන්ම ප්‍රදර්ශනය කර ඇති මෙම පෝස්ටරයේ 'අඳුරට එරෙහි ඔබට ...' නමින් වැකියක් වේ.

පනාගොඩ මැදමන්ඩිය මාර්ගයේ පවත්වාගෙන ගිය නීති විරෝධී සූදු පොළක් වටලා සැකකරුවන් 07 දෙනෙක් පානදුර දූෂණ මර්ධන ඒකකය විසින් ඊයේ(27දා) මධ්‍යම රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය විශ්ව විද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ කළමනාකරණ පීඨයේ සිසු දෙපිරිසක් අතර අද උදෑසන ඇති වු ගැටුමකින් තුන්දෙනෙකු තුවාල ලබා ඇත. මෙලෙස තුවාල ලබා තිබෙන්නේ කළමනාකරණ පීඨයේ දෙවන වසර සිසුන් තුන්දෙනෙකි.

worky

worky1

ld add copy

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us