නිදහසෙන් පසුව තිබුණු අනෙක් විශාලම අභියෝගය වුණේ රටේ අධ්‍යාපනය ගොඩනැංවීම. රට තිබුණු තැනින් ඉදිරියට යන්න නම් අනාගතය ඉලක්ක කළ අධ්‍යාපන ප්‍රතිංස්කරණයන් වගේම යටිතල පහසුකම් වර්ධනය කළ යුතු වුණා. ඒ වන විටත් නිදහස් සහ නොමිලයේ අධ්‍යාපනය රාජ්‍ය ප්‍රතිපත්තිය වී තිබුණත් අද්‍යාපනයේ වටිනාකම සමාජයට තේරුම් ගිහිල්ලා තිබුණේ නැහැ. මේ නිසා සමාජ ආකල්ප වර්ධනය කිරීමේ වැඩ සටහන් පවා තෝරන්න සිදුව තිබුණා.

මිනිස්සු තමන්ගේ උවමනාවන් වෙනුවෙන් අරගල කරනවා ඉල්ලීම ඉල්ලනවා..

එදා ඞී.එස්.සේනානායක ප‍්‍රමුඛ ආණ්ඩුවට භාරගන්න තිබුණේ විශාල අභියෝගයක්. ස්ව ශක්තියෙන් නැඟී සිටීම වෙනුවෙන්, අනාගත සංවර්ධනය වෙනුවෙන්, රටට අලුත් ප‍්‍රතිපත්ති සැලසුම් වැඩපිළිවෙළ ගැන තීන්දු ගන්න සිදුවෙලා තිබුණා.

සජිත්ලා අනුරලා පසුගියදා තමන්ගේ මැතිවරණ පොරොන්දු පත්‍රය පසුගිය දා ප්‍රකාශට පත් කරලා තිබුණා. නමුත් මේ වැඩසටහන් තොගය සකස්ව ඇත්තේ විය හැකි අවදානම් නොසලකා හැරලා. සාමාන්‍ය තත්වයන්ට වෙනස්ව කුමක් හෝ ගැටලුවකට ඔවුන්ගේ පාලන සමයේදී මුහුණ දීමට සිදු වුවහොත් මේ පොරොන්දු ඔක්කොම හබක්.

අවුරුදු 76 ක තිස්සේ රට හැදුවා නම් තවමත් රටේ මෙහෙම අඩුපාඩු තියෙන්නේ කොහොමද? කියලා ඕන කෙනෙකුට පෙන්නලා දෙන්න පුළුවන්. ලොක්යේ සංවර්ධිතම රාජ්‍යයක වුණත් බරපතල අඩුපාඩු තියෙනවා. ඒ කොහොම වුණත් අපි හැමෝම ලබාගන්න ඕන දේවල් ගැන අරගල කළා මිසක්, අපිට දේවල් ඇත්තටම නැති වුණේ කොහොමද කියන එක ගැන කවුරුවත් හෙව්වේ නෑ.

මෙරට ක්‍රියාත්මක වන ආණ්ඩුකරණ ක්‍රමවේදය අනුව රටේ විධායක බලැති ජනාධිපතිවරයා වඩාත්ම තීරණාත්මක බල අධිකාරිය බවට පත්වේ. අවසන් තීන්දු තීරණ ගනු ලබන්නෙ ඔහු විසිනි. කැබිනට් මණ්ඩලය තුළ කවර මට්ටමේ විෂය ප්‍රවීණ ඇමැතිවරු සිටියත් එහි අවසන් තීන්දුව ගනු ලබන්නේ ඔහුය. ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණ ගත යුත්තෙ ඔහුගේ තීරණ අනුවය.

ලබන වසරේ ජනවාරි මස පළමුදා සිට ක්‍රියාත්මක වන පරිදී රාජ්‍ය සේවයේ එක් එක් ශ්‍රේණිවල ආරම්භක වැටුප අදියර කිහිපයක් ඔස්සේ වැඩිකර තිබෙනවා.

ජනතාව වඩාත් ප‍්‍රිය කරන අදහස් එක්ක දේශපාලනය කරන එක අපහසු නැහැ. සාමාන්‍යයෙන් සමාජය මුහුණ දෙන සංවේදී ගැටලූ වලට ජන කොටස් අපේක්ෂා කරන උත්තර තියෙනවා. ජනතාවගේ පැත්තෙන් ඒවා සාධාරණ වෙන්න පුළුවන්. නමුත් මේ ගැටලූ විසඳීම ඒ ජන කොටස් අපේක්ෂා කරන විදිහෙන්ම රජයකට කරන්න බැහැ.

ld add copy

Connet With Us