දැන් සැප ද ? කියලා අහන අය බංග්ලාදේශයෙත් ඇති.. Featured

Wednesday, 04 September 2024 09:40

මිනිස්සු තමන්ගේ උවමනාවන් වෙනුවෙන් අරගල කරනවා ඉල්ලීම ඉල්ලනවා..

ඒවා නොලැබෙන කොට මිනිස්සු කුපිත වෙනවා. පාලකයන්වත් එළවනවා.. ඒ අස්සේ රටේ බලය අතට ගැනීමේ කුමන්ත්‍රණකාරයෝ කළ එළි බහිනවා..පහුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂය අරගලය අස්සට පැනලා රටේ බලය ප්‍රචණ්ඩ කුමන්ත්‍රණයකින් අතට ගන්න හැදුවා.. නමුත් වාසනාවකට ඒක වුණේ නෑ.. රනිල් ඒ විනාශකාරී වැඩේ නැවැත්තුවා..

එහෙම නොවුනා නම් අර බංග්ලාදේශයේ වෙන දේ ඊට කලින් අපිට හැබැහින් දකින්න තිබුණා.. අනුර ජනාධිපති වෙයි. මාලිමාවේ වියත්තුයි කියන අය ඇමැතිලා වෙයි..ජෙප්පො ටික පොලු කෑලි අතේ තියාගෙන රාජ්‍ය පාලනය අතට ගනියි.. අනුරල සංදර්ශන කර කර ඉඳියි.. ජන අරගලය ජය ගත්තා..ඓතිහාසික සුවිශේෂ ජයග්‍රහණයක් කිය කියා..සමරයි..

හැබැයි රට තවත් බංකොලොත් වෙනවා.. අර්බුදයට විසඳුම් නැහැ. රටේ සල්ලි නෑ.. මිනිස්සු ගාවත් සල්ලි නෑ.. රස්සා ඉවරයි.. කර්මාන්තශාලා වහලා.. ගොවිතැන් ඉවරයි. ඉස්කෝල කැම්පස් වහලා, තෙල් නෑ ගෑස් නෑ.. කරන්ට් එක නෑ.. කන්න නෑ බෙහෙත් ටික නෑ..

දැන් බංග්ලාදේශයෙත් එහෙම තමයි වුණේ.. මේ වෙද්දි අරගලයෙන් පත් කළ ආණ්ඩුවේ වගකීම් භාර ගත්ත නොබෙල් ත්‍යාගලාභි වයසක උන්දෑව තනිකරලා, ඇමැතිකම් භාරගත්ත අරගල කාරයෝ සෙට් එක රටේ සල්ලිත් හොරකම් කරගෙන රටිනුත් පැනලා ගිහිල්ලා.. අරගලය උඩදාගෙන හිටපු අයගෙන්, දැන් සැප ද ? කියලා අහන මිනිස්සුත් දැන් එහෙ ඔ්න තරම් ඇති.

ජෙප්පො කරන්න ගිය කුමන්ත්‍රණය සාර්ථක උනා නම් වෙන්නෙ ඔය ටිකමයි. රටේ වාසනාවකට අනුරලාගේ වැඩේ වැරදුනා..

දැන් තමන් මොකුත් වැරැද්දක් කළේ නෑ වගේ ජෙප්පෝ ආයෙත් ඡන්දෙන් බලය ඉල්ලනවා.. මොනවා කරන්නද? මිනිස්සු බලාපොරොත්තු වෙන මොකුත් කරන්නේ නෑ.. කරන්න දන්නෙත් නැහැ.. රට හදන්න උවමනාවක් හරි පුළුවන් කමක් හරි තිබුණානම් අර්බුදය වෙලාවේ රට නීත්‍යනුකූලව, ප්‍රජාතන්ත්‍රවාදී විදිහට අනුරට භාර ගන්න තිබුණා..ඒකට පහසු අවස්ථාවක් තිබුණා.. නමුත් කළේ නැහැ.. මොකද ව්‍යවස්ථා නීති, සිස්ටම් එක්ක මේ අයට රටක් පාලනය කරන්න දන්නේ නැති නිසා..එ් අයට ඔ්න බලහත්කාරයෙන් ප්‍රචණ්ඩත්වයෙන් තුවක්කුවෙන් භිෂණයෙන් බලය පෙන්න ගෙන තමන්ගේ අධිකාරියක් හදාගෙන තමන් කැමති වැඩ කරන්න විතරයි..

කලින් ඇමැතිකම් අරගෙන කරගන්න බැරුව දාලා ගියේ එ්කයි..ප්‍රජාතන්ත්‍රවාදීව රට භාරගන්න කිව්වාම භාර නොගෙන හිටියේ ඒකයි.. කරුමයකට හරි දැන් ඡන්දයෙන් ආණ්ඩු බලය හම්බ වුණත් මාස කීපයයි..මොකද මේක කරන හැටි දන්නේ නැහැ. අර්බුද විසඳන්න දන්නේ නැහැ. ඊනියා වියත්තු සෙට් එක කාබනික පොහොර වගේ විගඩම් දිගටම කරනවා..ජෙප්පෝ සමාජවාදය කරන්න හදනවා.. රාජ්‍ය යාන්ත්‍රණම අවුල් කරනවා. කිසි දෙයක් පාලනය කරගන්න බැරි වුණාම තමන් දන්න ප්‍රචණ්ඩ ඒකාධිපති ක්‍රමයට බහිනවා. ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩු කරන විදිහ අත්හරිනවා. මර්දනය අනිවාර්යයි. දේශපාලන විරුද්ධවාදීන්ට ඇඩ්‍රස් නැති කරනවා..අතුරුදන්වූවන්ගේ ලැයිස්තු දිගට හැදෙන්න පුළුවන්.. රාජ්‍ය මාධ්‍යයන් විතරක් තියේවී පාලකයන්ගේ ගුණ වනමින්.

ඒවා එහෙම වෙනකොට රටත් විනාසම වෙලා මිනිස්සුත් බඩගින්නෙ ලෙඩ රෝග වලින් දුක් විඳලා මැරිලා යන දවස් ඉක්මනින්ම ඒවී..

තමන්ට ඔ්න විදිහට රටේ දේවල් වෙන්න ඔ්න කියලා හිතන අරගලකාරයන් කැරැලිගහලා බලය ගත්තත් එකයි, ඡන්දයෙන් බලය ගත්තත් එකයි. කරන්න බැරි දේ කරන්න බැහැ. නොදන්න දේවල් කරන්නත් බැහැ.. අන්තිමට රටම ඉවර කරලා රටින් පැනලා යනවා.. වෙන වෙන්න නියමිත දෙයක් නැහැ.

ඒත් ඒක වලක්වන්න මේ ගමනත් රටට වාසනාවක් තියෙයිද දන්නේ නැහැ. වාසනාව කුමක් වුණත් මේක නවත්තන්න ඔ්න.. හැබැයි මිනිස්සු හිතුවොත් ඒක කරන්න පුළුවන්..
ඒ පුළුවන් මිනිහාට රට බාර දෙන එක.

Leave a comment

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us