මෙවර ජනාධිපතිවරණයෙ වඩා තීරණාත්මක වන්නෙ පසුගිය ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වූ පොදු ජන පෙරමුණේ ගෝඨාබය රාජපක්ෂට ලැබුණු ඡන්ද 69 ලක්ෂය මෙවර බෙදී යන ආකාරයයි. ඔහු සමඟ තරග වැදුනු සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර මෙවරත් ඉදිරිපත්ව සිටින අතර අලුත් අපේක්ෂකයා වන්නෙ රනිල් වික්‍රමසිංහ ය.

නිදහසෙන් පස්සේ බගයේ හිටපු හැම ආණ්ඩුවක්ම මේ රටේ සංවර්ධනය වෙනුවෙන් ගත්ත පියවරයන්ගේ අතිශය සාධනීය පියවරයන්, අඩු පාඩු දෝශයන් මඟ හැරීම් සියල්ල මධ්‍යයේ අද යම් සංවර්ධන මට්ටමක් නියෝජනය කරනවා.

මහින්ද රාජපක්ෂ පාලනය අවසන් කාලය වන විට විදේශ ණය පිළිබඳ ප්‍රශ්නය මත රටට බරපතල අර්බුදයකට මුහුණ දීමට සිදුවිය හැකි බවට අනතුරු හැඟවීම් තිබුණා. මේ නිසා 2016 පැවැත්විය යුතුව තිබු ජනාධිපතිවරණය දෙවසරකට පෙර කැඳවා ජයග්‍රහණය තහවුරු කර ගැනීමේ උත්සාහයක් ගත්තත් එම ජනාධිපතිවරණයෙන් මහින්ද පරාජය වී මෛත්‍රීපාල සිරිසේන බලය අත්පත් කර ගත්තා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය වෙනුවෙන් නිකුත්කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගුව සම්බන්ධයෙන් ආර්ථික විශේෂඥ ඇඩ්වොකාටා AdvocataPlus ආයතනයෙහි සභාපති මුර්තසා ජෙෆර්ජී විසින් සිදු කරන එම විවරණයෙහි සිංහල පරිවර්තනය. 'ලිබරල් තරුණ ව්‍යාපාරය' සිය වෙබ් අඩවියෙහි පලකර ඇත. ඒ අනුව එහි සාධනීය ලක්ෂණ මෙන්ම ඇතැම් කරුණු කෙරෙහි විවේචනයක්ද ඉදිරිපත් කර තිබේ.

මේ රට සිංගප්පුරුවට, දකුණු කොරියාවට, මලයාසියාවට වගේ මේ කලාපයේ සියළු රාජ්‍යයන් වලට වඩා එහා ගිය සංවර්ධනයක් අත්පත් කරගැනීමේ හැකියාවන් සහිතව තිබුණු රටක්. ඒ හැකියාව නියමාකාරයෙන් පාවිච්චි කිරීමට ගත් උත්සාහයන් විටින් විට කඩාකප්පල් කරන වාම ජාතිකවාදී දේශපාලනික මැදහත් වීම් නිසා අවස්ථාවන් රැසක් අහිමි කර ගැනීම සිදු වුණා.

ජනාධිපති අපේක්ෂකයන් වටා කැරකෙන ඡන්ද යනු මේ අරට තමන්ට අවශ්‍ය විදිහට හැදෙයි කියල හිතන පිරිසගේ අපේක්ෂාවන් ගොන්නක්. ඒක ආත්මාර්ථකාමි හෝ පරාර්ථකාමී හැඟීමක් වෙන්න පුළුවන්.

විවෘත්ත ආර්ථිකය වෙනුවෙන් පෙනී හිටපු ජේ ආර් ජයවර්ධනගේ නායකත්වයෙන් යුතු එජාපය 1977 මහ මැතිවරණයෙන් අති විශාල ජයග‍්‍රහණයක් වාර්ථා කළා. පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක්. මේක මේ රටේ සංවර්ධනයේ හැරවුම් ලකුණක් වුණා. සංවර්ධනය අධි වේගයෙන් පිමි පනිමින් ඉදිරියට ගන්න හේතු වුණා.

දේශපාලනයට අලුත් නමුත් සිරිමාවො බණ්ඩාරනායක මෙරට රාජ්‍ය නායිකාව ලෙස සිය පාලන කාලය තුළ වැදගත් මෙහෙවරක් කර තිබෙනවා. කෙසේ නමුත් අගේ පාලන සමයේදී නිශ්චිත ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කෙරුණේ නැහැ. මේ නිසා පරස්පර තීන්දු ක්‍රියාත්මක වීමේ දුර්වල තාවයන් තිබුණා.

Page 5 of 205

ld add copy

Latest News

ගංවතුර වන්දි මේ මස අවසානයේදී

ගංවතුර වන්දි මේ මස අවසානයේදී

 පසුගිය නොවැම්බර් මාසයේ ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් හානිවූ වගාවන් සඳහා වන්දි මේ මස අවසානයේ ලබාදෙන බ...

Connet With Us