ජාතික පුනරුදයට මුලපිරූ එක්සත් ජාතික පක්ෂය   Featured

Thursday, 05 September 2024 10:23

(හෙටට (6) යෙදෙන එක්සත් ජාතික පක්ෂයේ 78 වැනි සංවත්සරය නිමිත්තෙනි)

අදින් වසර හැත්තෑ අටකට පෙර මෙරට විසූ සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ගර් ආදි ජාතික නායකයන් රැසක් එක් වී ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ සොහොයුරු එඩ්මන් හේවාවිතාරණ මහතාගේ නිවෙසේදී දේශයේ ජාතික පුනරුදයට මූලාරම්භය සපයමින් ජාතිවාදි ආගම්වාදි බෙදීම්වලින් තොර ජාතිකවාදි නව දේශපාලන පක්ෂයක් ලෙස 1946 සැප්තැම්බර් 6 දා එක්සත් ජාතික පක්ෂය පිහිටුවාගනු ලැබිණි. එම රැස්වීමේදී පක්ෂයේ ආරම්භක නායක අතිගරු ඩී.ඇස්. සේනානායක මහතා සිදු කළ දෙසුමේ මෙසේ ඇතුළත්ව ඇත.

“මේ දේශයට පිරිනමා තිබෙන පාලන ව්‍යවස්ථාවඅනුව ස්ථිරසාර වූත් විනයගරුක වූත් බහුතරයකගේ සහයෝගය ලබන ප්‍රබල ආණ්ඩුවක් අවශ්‍ය වන්නේය. ඒ අනුව ප්‍රබල පක්ෂයකුත් අවශ්‍ය වනු ඇත. විරුද්ධ පක්ෂය සිතන ආකාරයට අපේ පක්ෂය පළමු මැතිවරණයෙන් ජයග්‍රහණය කරනු සඳහා කඩිනමින් පිහිටුවාගත් තාවකාලීන හවුලක් නොවේ. අපගේ පක්ෂය වූකලි නියෝජිත මන්ත්‍රණ සභාවේදී පාලක පක්ෂය වශයෙන් හෝ විරුද්ධ පක්ෂය වශයෙන් හෝ ව්‍යවස්ථානුකූල ප්‍රතිපත්ති අනුව ක්‍රියා කරනු පිණිස සකස් කරන ලද ස්ථාවර සංවිධානයකි. ”

මේ අනුව ක්‍රියාත්මක වූ එජාපයට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සියලු නායකයන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ ප්‍රතිපත්තිය මත 1947 දී පැවැති ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලංකාවේ ප්‍රථම ආණ්ඩුව පිහිටුවීමට හැකි වූයේ මැතිවරණයෙන් ජය ලබා පැමිණි වෙනත් ස්වාධීන මන්ත්‍රීවරුන්ගෙන්ද දායකත්වය ලබමිනි. මේ රජය ක්‍රියාත්මක වන විටද විරුද්ධ පක්ෂය සෑම දෙසටම විරුද්ධ වූවා මිස සහයෝගයක් ලබා නුදුන්නේය. විරුද්ධ පක්ෂයද සමසමාජ, බෝල්ෂේවික් ලෙනිනිස්ට්, කොමියුනිස්ට් ආදි පක්ෂ ලෙස බෙදී වෙන්ව සිටි අතර, තවත් පිරිසක් කටයුතු කළේ සමාජවාදි නිදහස් මතධාරීන් ලෙසය. මේ නිසා ඔවුනට විරුද්ධව පක්ෂයේ නායකයකුද පත් කරගැනීමට එකඟතාවකට පත් වීමට නොහැකිව තිබිණි. මේ තත්ත්වය හමුවේ විපක්ෂ නායකයා ලෙස ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා පත් කරගත්තේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීන් විසින් නොව, එජාපය ප්‍රමුඛ රජය මඟිනි.

පක්ෂය ආරම්භයේදී එහි සභාපති ලෙස ඩී.ඇස්. සේනානායක මහතාත් උප සභාපතිවරුන් ලෙස ඇස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, ටී.බී. ජායා, අරුණාචලම් මහදේව, එස්. නටේසන්, ශ්‍රීමත් ජෝන් කොතලාවල, සහ ජෝර්ජ් ඊ. ද සිල්වා මහත්වරුන්ද පත් වූ අතර, ලේකම් වූයේ එච්.ඩබ්. අමරසූරිය මහතාය. භාණ්ඩාරිකවරුන් වශයෙන් ජේ.ආර්. ජයවර්ධන මහතාත් ශ්‍රීමත් රසීක් ෆරිඩ් මහතාත් පත් වූහ. ආරම්භක රැස්වීමට 205 දෙනකු සහභාගි වී ඇති අතර, පක්ෂය අරඹා වසර 50ක් සපිරෙන විට (1996) පක්ෂයේ ලියාපදිංචිය සාමාජික සංඛ්‍යාව ලක්ෂ 14 ඉක්මවා තිබිණි.

එදා මෙදා තුර එජාප රජයන් යටතේ මෙරටට සිදු වූ සේවාව සුළුපටු නැත. අංග සම්පූර්ණ සිංහල ශබ්දකෝෂයක අඩුවට පිළියමක් සේ 1920 දශකයේ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි සිංහල ශබ්දකෝෂයේ කටයුතුද පැවැතියේ ගොළුබෙලි ගමනිනි. මේ තත්ත්වය වෙනස් කිරීමට අවශ්‍ය ශක්තියත් රාජ්‍යානුග්‍රහයත් දුන්නේ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන සමයේදීය. රටේ සැම දරුවකුටම නිදහස් අධ්‍යාපනය ලැබීමට මඟ පෑදූ නිදහස් අධ්‍යාපන පනත ඉදිරිපත් කළේ එජාපයේ උප සභාපතිවරයකු වූ ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතාගේ සංකල්පයකට අනුවය.

මහවැලි නදිය මුල් කරගෙන ගොඩනැඟු මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ගොවිතැනට ජලය සපයා දුන්නා පමණක් නොව, නව ගොවි ජනපද, නව විදුලි යෝජනා ක්‍රම, නව නගර, නව පාසල්, පන්සල් ආරාම, දේවාල, කෝවිල්, පල්ලිද බිහි කළේය. නව මංමාවත් හා රෝහල්ද ලක්ෂ සංඛ්‍යාත රැකියාද ජනතාවට දුන්නේ කඩිනම් වැඩ පිළිවෙළක ප්‍රතිඵල වශයෙනි. සරසවි උසස් අධ්‍යාපන විද්‍යා පීඨ ඇතුළු වෘත්තීය පුහුණු ආයතන මෙරට ගොඩනැඟුණේද එක්සත් ජාතික පක්ෂ රජයන් යටතේය. අධ්‍යාපන ශිෂ්‍යත්ව සමඟ විවිධ දීමනා පාසල් නිල ඇඳුම්, පොත පත, දිවා ආහාර ළමයින්ට පිරිනමමින් නැති බැරිකම් ජය ගැනීමට එජාප රජයන් ගත් පියවරරටම දනී.

එක්සත් ජාතික පක්ෂයේ පාලන සමයන්හිදී රටේ ප්‍රශ්න ගැටලු විසඳීමට ගත් උත්සාහයන්ද රට සංවර්ධනය කිරීමට ක්‍රියාත්මක අති විශාල ව්‍යාපෘතිද අපමණය. විධායක ජනාධිපති ක්‍රමයට උපතේ සිට විරුද්ධ වූ අය තමාට එම බලය ලැබුණු විට ඉදිරියටද පවත්වාගෙන යන්නට වූයේ ව්‍යාජ විරෝධතා පෙන්වමිනි. තිස් අවුරුදු යුද්ධය අවසන් කිරීමට හැකි වූයේ එජාපය හඳුන්වා දුන් විධායක ජනාධිපති ක්‍රමය තිබුණු නිසාය.

එක්සත් ජාතික පක්ෂයට වසර 78ක් සපිරි ඇති මේ මොහොතේ යළි මෙරට බේරාගැනීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට හැකි වූයේ සිංහල රජ සමයේවත් බංකොලොත් නොවුණු රටක් බංකොලොත් තත්ත්වයට පත්ව ඉන්දීය යාචකයන්ද අප රටට සම්මාදම් එවන තත්ත්වයක තිබියදීය. එසේ එජාපය එදත් අදත් හෙටත් රටේ පවතින යුගයේ කාර්යභාරය ඉටු කිරීමට සැදී පැහැදී ඇත. එක්සත් ජාතික පක්ෂයට තවත් වසර දෙකකින් අසූ විය සපිරෙන විට ශ්‍රී ලංකාවම දුගී බවින් මිදුණු සශ්‍රීකත්වයෙන් පිරුණු දේශයක් බවට එම සියලු දෙනාගේ සහයෝගයෙන් පත් කිරීමට හැකි වනු ඇත. එම ගමනට එක්වන ලෙස 78 වැනි සංවත්සරය සමරන මේ මොහොතේ සියලු භේදයන්ගෙන් තොරව එක් වන ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු.

දිනමිණ

Last modified on Thursday, 05 September 2024 10:24

Leave a comment

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us