සජිත්-නාමල් ඩීල් එක සහ රනිල්-අනුර ලයින් එක බේරගැනීමේ සටන. Featured

Friday, 06 September 2024 12:53

මැතිවරණ දේශපාලනය කියන්නේ ඩීල් එක සහ ලයින් එක හරියට බේරාගෙන ගැසිය යුතු ගේම් එකකි. මේක හරියට ගහන කෙනා දිනුම්ය.

 

මේ දවස් වල ඩීල් සෙල්ලම රැසක් සිදුවෙමින් තිබේ.. සමහරු ලයින් එක හරියට හඳුනගෙන මේ ඩීල් සෙල්ලමට පැමිණි අතර සමහරුන් ඩීල් දැමීම විනා ලයින් එක හඳුන ගත්තේ නැත. කවුරු කොහොම ඩීල් දැම්මත් ලයින් එක් හරියට තෝර ගත්තේ නැතිනම් වෙන්නේ අවුලකි. ලයින් එකට ගැලපෙන ඩීල් දමා ගැනීමට අසමත් නම් එතැන වන්නෙ පරාජයකි.

රනිල් හැමදාම මුල් තැන දී තිබුණේ ලයින් එකටය. එ් අනුව ඩීල් දැමීම රනිල් කවදත් සිදු කළේය. නමුත් ලයින් එක නම් වෙනස් වූයේ නැත. රනිල් ඩීල් දැම්මේම තමන්ගේ ලයින් එක මේ යැයි පෙන්වාලාය. ඒකට එකඟනම් සෙට් වෙන්න යැයි කීවේය. නැතිනම් තනියෙම හරි ගේම ගැසුවේය. ඒ ලයින් එකට සෙට් වෙන කට්ටිය රනිල් එක්ක ඩීල් දමා ගොඩ ගොස් තිබේ. එ් ලයින් එක නොදැන රනිල්ට සෙට් වූවෝ රනිල්ව අත් හැර නන්නත්තාර වී ද තිබේ.

ඒ් සජිත් ඩීල් දම්මේ ලයින් එක්ක නැතිවය. සජිත්ට වුවමණා වූයේ කවුරු කවුරු හරි එක්ක ඩීල් දමා රනිල්ව පරදවාලීමය. එජාපය තුළදිත් කළේ ඒකමය. දැන් ජනාධිපති පුටුවට කෙසේ හෝ පැන ගැනීමට රනිල්ව පැරදීමට ජනාධිපතිවරණයට පැමිණ තිබේ. එ් අනුව සජිත් බැරි වෙලාවත් දිනුවොත් ඒ සජිත් පාලනය කියන්නෙ ලයින් එක්ක නැතිව ඩීල් කාරයන්ගෙ මනදොළ සපුරන්න වෙන පාලනයක් විය හැකිව තිබෙන්නකි... එවැනි පාලනයකදී රටට විය හැකි දේ ගැන අමුතුවෙන් කිව යුතු නැත. ඩීල් කාරයන්ගේ ග්‍රහණයට හසුවී රටත් ජනතාවත් සමඟ තමනුත් විනාසවීම හැර වෙන්න වෙනත් දෙයක් නැත. චම්පික එහෙම බලාගෙන සිටින්නේ ඒ වෙන තෙක් බවත් පැහැදිලිය.

නමුත් දැන් රනිල් ඉදිරියට පැමිණ තමන් තුන්වෙනි තැනට ඇද වැටීම නිසා සජිත්ට අවහ්‍යය වන්නේ රනිල්ට යන ඡන්ද ගොඩ හැකි තරමක් තමන් වෙතට ඇද අනුරට ජය ගැනීමට අවශ්‍ය තත්වයක් නිර්මාණ කර දීමය. අනුර තමන්ව අභිබවා ගොස් තිබෙන විට සජිත්ට තවත් කරන්න සටනක් ඉතිරිව නැත. මෙතනදී අනුර, සජිත් අභිබවා යන්නෙත් අනුරගේ ඇති දක්ෂ කමක් නිසා නොවේ. සජිත්ගේ දුර්වල කම නිසාය. විපක්ෂ නායකයා ලෙස සිය වගකීම ඉටු කිරීමට අසමත් වීම නිසාය. බොළද සිල්ලර වැඩ කරමින් රටටම විහිළුවක් වීම නිසාය. අනුරව කොපි කරමින් වැඩ කරන්න ගිය නිසාය. අඩුම තරමින් අනුරව විවේචනය කිරීමකටවත් නොගිය නිසාය.

මේ නිසා සජිත් අද භුක්ති විඳින්නේ තමන්ගේම දුර්වලකම් මෝඩකම් නොදන්නාකම් වල ප්‍රතිපලය. එක එකා එක්ක ඩීල් දමමින් එහෙන් මෙහෙන් කට්ටිය එකතු කරගනිමින්, තමන්ට තමයි හොඳම ටීම් එක ඉන්නේ කිවාට තමන්ගේ අසමත්කම වහගන්නට නොහැකිය. ඒ වගේම මේ හොඳම ටීම් එක කියන අයගේ හොඳකම කුමක්ද කියන එකත් ප්‍රශ්නයකි. මන්ද සජිත් වැනි අසමත් පුද්ගලයෙකුගේ නායකත්වය යටතට පත් වෙන්න තරම් මේ අය නිවට වී ඇති නිසාය. දුර්වලයන් වී ඇති නිසාය, දේශපාලන අනාතයන් වී ඇති නිසාය.

කොහොම නමුත් මේ ගමන අනුරට එහෙම දාන්න ඩීල් තිබුණේ නැත. කලින් දාපු ඩීල් වලින් අනුරලාට සිදු වුණ වාසියක් ද නැත. අනුරගේ ලයින් එකත් කාලෙන් කාලෙට වෙනස් විය. අනුරට කියා ලයින් එකක් තිබුණේම නැත. මේ නිසා මේ ගමන තෝරගත්ත තාවකාලික මාලිමා ලයින් එක වුණේ හුදු ජනප්‍රිය රැල්ලක් මතින් බලය අත්පත් කරගැනීමය. එයට වාමාංශික මුහුණුවරක් දෙන්න හැදුවත් එය සාමාජවාදීවත් ලිබරල්වත් ජාතිකවාදීවවත් ආගම්වාදීවත් නොවේ. ඒ සියල්ල එකතුකරගත් ජනප්‍රිය අච්චාරුවකි. හරියට මහින්දගේ පරණ ලයින් එකමය. මහින්ද දිනුවා වගේ තමන්ටත් දිනන්න පුළුවන් හිතන අනුර ඒ කෙරෙහි පමණක් විශ්වාසය තියාගෙන සිටියි...

ඒ අනුව අනුරගේ පාලනයක් කියන්නේ ඩීල් නැති ලයින් නැති ඒ ඒ වෙලාවට එන එන හැටියට ගහ උළුවස්සා පනන්යේ පාලනයකි. එහෙම කොපමණ දුරක් යන්න පුළුවන්ද කියන එක ගැන අනුරටවත් අදහසක් තියෙනවාද දන්නේ නැත. නමුත් මහින්දගේ ගෝඨාභයගේ පාලනයන් විසින් සිදු කළේ මොනවාද යන්න ගැන හිතුවොත් වෙන්න පුළුවන් දේ පැහැදිලිය.

අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ ඉන් පසුවත් පෙරත් දුන් පොරොන්දු අතර බරපතල පරස්පරයන් තිබෙනවා සේම අනුර පාලනයත් පරස්පරතා වලින් ගහන වෙනු ඇත. එ් අනුව අනුර පාලනය ගෝඨා පාලනයටත් වඩා අවුල් වියවුල් වී මොන විගඩමකින් ද මොන ඛේදවාචයකින් ද අවසන් වන්නේ කියා සිතා ගැනීමටත් නොහැකිය.

ඒ කොහොම නමුත් මේ දිනවල මැතිවරණ වේදිකා වල ඇසෙන තවත් ඩීල් කතාවක් තිබේ. විශේෂයෙන්ම සජිත් කියමින් සිටින්නේ අනුර- රනිල් අතර ඩීල් එකක් ඇති බවය.

සජිත් හිතන්නෙ තමුන් මෙන අනිත් අයත් සිල්ලර ඩීල් වලට යනවා ඇති බවය. රනිල් ඩීල් දමන ක්‍රමය අනුව අනුරට අවශ්‍ය නම් රනිල් සමග ඩීල් එකකට පැමිණිය හැකිය. නමුත් එ් රනිල්ගේ ලයින් එක පිළිගෙනය. එහෙත් එහෙම තත්වයක් නැත. රනිල් අද ඩීල් දමා ඇත්තේ සජිත්ව පැරදවීම පමණක් නොවේ. අනුරවත් රාජපක්ෂලාවත් පරද්දවා තමන්ගේ ලයින් එක දිනවීමටය.

නමුත් මේ දවස් වල කතා කළ යුත්තේ සජිත්ගේ ඩීල් ගැනය. මොකද ලයින් නැතුව ඩීල් වලට යෑමේ ආදීනව බරපතල බැවිනි. මේ අතරිනුත් සජිත් සහ නාමල් අතර තිබෙන රහසිගත ඩීල් එක හෙළිදරව් කිරීම විය යුතුය. මෙය රහසක් වන්නේ අනතුර බරපතල නිසාය.

මේ දෙදෙනාම වෙන වෙනම තරග කළත් දෙදෙනාටම අවශ්‍ය වන්නේ රනිල්ව පැරද වීමටය. අනුරව පැරදවීමේ වුවමණාවක නැත. නාමල්ගේ ලයින් එක කෙසේ හෝ රනිල් පරදවා තමන්ගේ කුමක් හෝ වටිනාකමක් ඇති බව රට්‍ටුන්ට පෙන්වීම පමණි. එය කළ හැක්කේ සජිත් සමඟ ඩීල් එකක් දැමීමෙන් පමණක් බව නාමල්ගේ වැටහීමය. ජනාධිපති සටන රනිල් සජිත් අතර බව පෙන්වන්න උත්සහ ගන්නේ ඒ නිසාය.

මේ දින වල නාමලුත් ඔහුගේ ගෝල බාලයන්ගේ ප්‍රචාරක වැඩ වලිනුත් කරන්නේ රනිල්ට අවලා ද නගමින් සජිත්ට එජාප ඡන්ද එකතුකර දෙන එකය. රනිල්, අනුරව දිනවන්න වැඩ කරන බව කියන්නේ ඒකටය. නාමල්ලාගේ ඒ කියුම් කෙරුම් උස්සගෙන දුවන්නේ සජිත්ගේ ගොල බාලයන්ය. රනිල් අනුර ඩීල් කතාව සජිත්ට කියන්න සිදුව ඇත්තේ මැතිවරණ සටනින් දැනටමත් සජිත් තුන්වෙනි තැනට ඇද වැටී ඇති නිසා දැන් රනිල්ට වැටෙන ඡන්ද ප්‍රමාණය අඩු කරලීම විය යුතු නිසාය. රාජපක්ෂලාට විරුද්ධව කිසිවක් නොකියන්නෙත් නාමල්ට පොහොට්ටු ඡන්ද එකතු කරගැනීමට ඉඩ සලසා ඒ ඡන්ද රනිල්ට වැටෙන එක නවත්තන්නය.

සජිත් වෙනුවෙන් නිර්ලජ්ලිතව සහ නීති විරෝධිව පෙනී සිටින හිරු නාලිකාවත් මේ ඩීල් එකට සාක්ෂි සපයයි. හිරු නාලිකාවේ සජිත්ට වැඩි කාලයක් වෙන් කරමින් විශාල ප්‍රචාරක මෙහෙයුමක් දියත් කරන අතරේ දෙවැනියට වැඩිම වැදගත්කමක් දෙන්නේ නමල්ටය. ඒ නාමල්, රනිල්ට කරන විවේචනයට ප්‍රචාරයකි දෙමින්ය. හිරු සහ සජිත් අතර ඩීල් එක දුමින්දව නිදහස් කරගැනීමේ වුවමණාව මත සිදු වන දෙයක් බවත් පැහැදිලිය. ඒකට නාමලුත් අකමැති නැත. මන්ද මේ අය ගජ මිතුරකු මෙන්ම පවුලේ සාමාජිකයකු තරමේ බැඳීමත් ඇති නිසාය.

අනුර හෝ රනිල් දිනන බව දැන් පැහැදිලි කතාවකි. තරගය ඇත්තේ ඒ දෙදෙනා අතරය. තුන් කොන් සටන දැන් පැහැදිලිව දෙකොණ සටනක් වී ඇත. දකුණ සහ වම ලෙස පැහැදිලිව බෙදී ඇත. දකුණ කඳවුරට රනිල් නායකත්වය දෙන විට වමට අනුර නායකත්වය දෙයි. සජිත්ට වැනි විහිළුකාරයකුට එතැන රිංගගෙන ඉන්න ඉඩක් නැත.

මේක ලයින් අතර තරගයකි. සීරියස් සටනකි. ඒ තැනට විහළු විගඩම් අවශ්‍ය නැත.
දැන් ජනතාවට පැහැදිලිවම තමන් කැමැති කඳවුර තෝරගැනීම ගැන පහසු තීරණයක් ගත හැකිය.

Last modified on Friday, 06 September 2024 12:54

Leave a comment

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us