subash

subash

කොරොනා වසංගතය පැයෙන් පැය ඔඩු දුවමින් විශාල ව්‍යයසනයක් කරා රට ඇදගෙන යමින් තිබෙන බව දැන් පැහැදිලිය. රටේ වාසනාවකට එකදු මරණයක් හෝ වාර්තා නොවීම සුබ ලකුණකි. මොන පිහිටකින් හො රට සුවපත් වීම විය යුතුය.

කොරෝන වෛරස් අසාදනය වීම තව දුරටත් පාලනය කළ හැකි මට්ටම ඉක්මවා යමින් තිබේ. එහෙත් ඒ පාලනය වෙනුවෙන් රජය දක්වන අකාර්යක්ෂම තාවයෙහි වෙනසක් නැත. සියලු දුර්වලතාවයන් ආණ්ඩුව විසින් වසාගෙන කටයුතු කරයි..ඒ සියල්ල පසෙක තැබුවත් මේ අවදානම් සහගත අවස්ථවේදී මහ මැතිවරණය කල් දැමීම සිදු විය යුතු බවට සමාජයෙන් දැඩි ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ.

 යුද්ධ කරන්න ඕන මෝඩයකුට පුලුවන.. අපි එහෙම යුද්ධයක් කර දැන් ජයග්‍රාහී ලීලාවෙන් සිටින්නො වෙමු.. ඒත් ඒ කළ විනාශයේ වන්දියවත් අප තම ගෙවා නැත. ගෙවමින් සිටිමු.. ''ජාතික ආරක්ෂාවයි'' කියා මළ ඉලව්වක් වෙනුවෙන් පසුගිය ජනාධිපතිපතිවරණයේදී රටේ බහුතරයක් දෙනෙක් ඒක කළ හැකියැයි කිව් කෙනෙකුට රටේ වගකීම බාර දී තිබේ..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් අද දින (02) පිහි‍ටු වීමට නියමිත 'සමඟි ජන බලවේගය' පක්ෂ සංධානයට එක්සත් ජාතික පක්ෂය එක් නොවන ලකුණු පහළ වී ඇත. එම සංධානයේ ලකුණ ලෙස අලියා ලබා දීමට එජාපයෙ රනිල් කල්ලිය එකඟ නොවීම අද දින ද දකින්නට ලැබිණි.

මීට දින කිහිපයකට පෙර (පෙබ.25) නාකොටික් පොලිස් ඒකකය විසින් අත් අඩංගුවට ගන්නා ලද කුඩු කිලෝ 4 සමඟ මාලදිවයින් ජාතීකයන් 6 දෙනකු ගැන වාර්තා වූ පුවත සම්බන්ධ සිද්ධිය පි‍ටුපස මෙරට දේශපාලන ප්‍රභූවරයකුගේ ව්‍යාපාරික සොයුරාගේ පුත්‍රරත්නය සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගැනීමට තිබේ..

ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර විසින් නිකුත් කර තිබෙන චක්‍ර ලේඛයක් අනුව ජනාධිපති ගොටාබයගේ නියෝගයක් ප්‍රකාරව රාජ්‍ය සංස්ථා ,මණ්ඩල සභාපතිවරුන්ගේ පඩිය රු ලක්ෂය දක්වා අඩු කර ඇති බවට මාධ්‍ය වාර්ථා කිහිපයක් පළ වී තිබේ. එසේම ඉන්ධන දීමනාවන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ දීමනාවන්ද සීමා කර තිබේ.

රංජන් රාමනායක ගේ හඬ පට කවුරුන් හෝ ලීක් කිරීම මත රටේ දේශපාලනය/ දේශපාලන සංස්කෘතිය මෙන්ම රටේ දෙදහස් පන්සීයේ සංස්කෘතික මෙව්ව එකද හෙල්ලීමට පටන් ගෙන තිබේ.

මේ වන විට ජනමාධ්‍යයට සූප්පු කර කර ඉන්න ලැබී තිබෙන රංජන් රාමනායක විසින් පටිගත කරන ලද හඬ පට කිහිපය මඟින් රංජනුත්, අධිකරණ විනිසුරුවරුත්, පොලිස් නිළධාරීනු නීතිය සමඟ සෙල්ලම් කර ඇති බවත් දුමින්ද සිල්වා වැනි 'අහිංසකයින්' ට මිනි මැරුම් චෝදනා ගොනු කර මරණීය දණ්ඩනය ලබා දී ඇති බවත් ආදී කප්පරක් දේවල් ගැන විහිළු සහගත විශාල කතා බහක් ඇති වී තිබේ.

කෝපි කෝපයෙන් ගෙවල් හදලා සම්මාන ගත්ත තරුණයකු ගැන අහන්න ලැබුණා .. මේක එක පාරටම විකාරයක් වගේ දැනුනත් වැඩේ ඇත්ත. ඒත් කවුද මෙ තරුණයා ගාල්ලේ පදිංචි ඔහු නමින් දුලාන් හෙට්ටිආරච්චි.

ඉදිරි මහ මැතිවරණයෙන් පසුව මහා දේවල් වීමට නියමිත බවට බොහෝ බලාපොරොත්තු සහගතව සිටින රටේ බහුතරයක් සිටී... ජනාධිපතිවරණයෙන් බලාපොරොත්තු වූ දේවල් සිහින බවට පත්වෙමින් තිබියදී මහ මැතිවරණයෙන් පසුව ඒවා යථාර්තයක් වෙනු ඇතැයි ඔවුන් ඒ සිහින නැවත නැවත මතු දිනයක් හා සම්බන්ධ කරමින් සිටී.. එහෙත් ඇත්ත කතන්දරය ඊට වෙනස්ව සිදු වෙමින් තිබේ..

Connet With Us