subash

subash

ශ්‍රී මහබෝධින් වහන්සේට ගිරවුන්ගෙන් වන හානිය වලක්වා රැක ගන්න කටයුතු කළ කර්නල් රවීන්ද්‍ර මීගමආරච්චිට එරෙහිව යුද හමුදාව විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ. ඒ, ඔහු විසින් නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව විදේශ රටකින් මෙරටට භාණ්ඩ ගෙන්වීමේ සිද්ධියකට අදාළවයි. මේ වන විටත් එම භාණ්ඩ ශ්‍රී මහාබෝධින් වහන්සේ වෙනුවෙන් ගෙනැවිත් පුජා කර අවසන්ය.

මේ රටේ අනාගත හැරවුම් ලක්ෂය වන හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ නගරය (Tech City) ඉදිකිරීමේ කටයුතුවලදී දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන් එය කඩාකප්පල කිරීමට කළ හැකි සෑම ආකාරයකින්ම කටයුතු කළ, ඇතැම් අය අද කිසිදු ලැජ්ජාවකින් තොරව එය තමන්ගේ නිර්මාණයක් ලෙස විවෘත කිරීමට කටයුතු කිරීම තරම් නින්දා සහගත ක්‍රියාවක් නොමැති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

වත්මන් දේශපාලන අධිකාරියෙහි අසමත් බවත් විසුළුකාරී බවත් පසුගිය මාස 6 දී වුවමනාවටත් වඩා පෙන්නුම් කර තිබිණි. මේ නිසාම සමහරු ප්‍රශ්න කර සිටියේ ජනාධිපතිවරණයට පෙර, 'ගෝටා ආවොත් ඉවරයි, ආයේ සුදු වෑන් කැරකේවී, මිනි කඳු ගොඩ ගැහෙවී, වියරු ඒකාධිපතියකු බිහි වේවී..' යනුවෙන් කියපු කතාවල ඇත්තක් නැති බවටය.

කොරොනා වෛරසය මෙරට ආක්‍රමණය කිරීමෙන් පසුව ආණ්ඩුව විසින් ගත් පියවරයන්ගේ සාර්ථකත්වයන් අසාර්ථකත්වයන් සහ හෙට දවසේ පාලකයාත් පුරවැසියාත් මුහුණ දෙන තත්වය ගැන සත්‍යය මේ රටේ පුරවැසියන් වන අප සියලු දෙනාටම දැනගැනිමට අවශ්‍යය. ඒ පුරවැසි අපගේ අයිතියකි.

ඇඳිරි නිතිය අඛන්ඩව ක්‍රියාත්මකවීමත් සමඟ අත්‍යවශ්‍ය ආහර ද්‍රව්‍ය සපයා ගැනීමේ අර්බුදයට යම් යම් විසඳුම් ක්‍රියාත්මක වෙමින් පැවැතියද .ඒවා හෝ මෙතෙක් සම්පුර්ණ වී නැත. තවමත් දින ගනනාවකින් ආහාරයක් බඩට නොවැ‍ටුනු මිනිස්සු සිටිති. ඒ ගැන මීට පෙරද අප පෙන්වා දී ඇත.

වෛරස ආසාදනයෙන් වැලකීම සඳහා කවදත් අනුගමනය කරන පිලිවෙත වන්නේ එකිනෙකා මුහු වීම වැලැක්වීමය. ස්පර්ශයන් , කෙළ බිඳිති හෝ රුධිරය වැනි මාධ්‍ය හරහා වෛරසය ශරීරයකින් ශරීරයකට ගමන් කරනවාය කියන දැනුම පුරාණයේ සිටම පැවැතිනි. දෙයියන්ගේ ලෙඩක් හො හඳුනාගත නොහැකි අභූත හේතුවක් නිසා හෝ වන මේ රෝගයට පිළියමක් ලෙස හුදකලා කර තැබීම එකල්හී ද සිදු විය.

“සීනි නැතුව තේ බොන්නම්, මිරිස් නැතුව හොදි කන්නම්, පුලුවන්නම් කාපියව් මැතිණි අපිට කියනව නම් පිදුරු වුණත් අපි කන්නම්” මේ 70-77 සමඟි පෙරමුණු ආණ්ඩුව කාලේ එහෙම කියාගෙන මැයි පෙලපාලි ගිය මිනිස්සු සිටියහ.. පුලුවන්නම් කාපියව් කියා අනෙක් පාර්ශ්වයන්ට කීවද ඒ පාර්ශ්වය කළේ එහෙම කන්න බෑ කියා 77 දී ආණ්ඩුව පෙරළා දැමීමය. ඒ නිකම්ද නොවේ.. 6ක 5 ක බලයක් ජේ ආර්ට ලබා දෙමිණි.

 බඩු මිළ පාලනයකින් තොරයි..අඩු කරපු ගනන් වලට බඩු නැත...වැඩි මිළට ගන්නද බඩු නැත...තොග පිටින් එක් ‍රැස් කරන්නෝ.. සියල්ල ‍රැගෙන ගොස්ය... හතර වටින් දොෂාරෝපණයන්ය....

සමාජ ජාලා තුලින් කොරෝනා පිළිබඳව බොරු ප්‍රචාර සිදු කරන්නන් අත්අඩංගුවට ගන්නා බවත්, දුරකථන ඔස්සේ (ඇමතුම්, කෙටි පණිවිඩ) එසේ කරන අයටද නීතිය ක්‍රියාත්මක වන බවත් රජය විසින් දැනුම් දී තිබේ.

කොරොනා වෛරසයෙන් බේරීමට රතන සූත්‍ර දේශානාවෙන් පුලුවන් බවට කහකඩධාරීන් විසින් බෞද්ධයන් තුල ගොඩනගා ඇති විශ්වාසය දැන් හොඳටම ඔඩු දුවා ඇත. පන්සලක් පන්සලක් ගානේ හන්දියක් හන්දිය ගානේ බෝ ගහක් ගහක් ගානේ ශබ්ධ විකාශන යන්ත්‍ර (Loudspeakers) බැඳ ගෙන නානා ප්‍රකාර පිරිත්, සුත්‍ර, බණ, වැදි බණ, සිංදු විකාශය කෙරෙමින් පවතී.

Connet With Us