දැන් රතු ඉර ආසන්නයට සියලු දෙනා පැමිණ තිබේ Featured

Published in පුවත්
Saturday, 04 April 2020 21:11

වෛරස ආසාදනයෙන් වැලකීම සඳහා කවදත් අනුගමනය කරන පිලිවෙත වන්නේ එකිනෙකා මුහු වීම වැලැක්වීමය. ස්පර්ශයන් , කෙළ බිඳිති හෝ රුධිරය වැනි මාධ්‍ය හරහා වෛරසය ශරීරයකින් ශරීරයකට ගමන් කරනවාය කියන දැනුම පුරාණයේ සිටම පැවැතිනි. දෙයියන්ගේ ලෙඩක් හො හඳුනාගත නොහැකි අභූත හේතුවක් නිසා හෝ වන මේ රෝගයට පිළියමක් ලෙස හුදකලා කර තැබීම එකල්හී ද සිදු විය.

කොරොනා වෛරසය පැතිරෙන්න පටන් ගත් චීනයේදී ලත් අත්දැකීම අනුවත් මේ වෛරසය පැතිරීම පාලනය කිරීමට ගත් හැකි වඩාත් පළදායක විසඳුම සියලු වැසියන් හුදකළා කරණයකට ලක් කිරීම බව පසක් වී තිබිණි. .. මෙරට තුල වෛරසය පැතිර යෑම ආරම්බ වන විටත් බොහෝ පාර්ශ්ව ආණ්ඩුවට කිව්වේ මිනිසුන් හුදකලා කරන්න කියාය.. ඒ වෙනුවෙන් යොදා ගත හැකි සංකල්පය වූයේ රට ලොක් ඩවුන් කිරීමය.. නැතිනම් රට අක්‍රීය තත්වයෙන් තැබීමය. රට ලොක් ඩවුන් කරනවා කියන්නේ ඇඳිරි නීතිය පැනෙව්වා සේ මිනිසුන් ගෙදරට හිර කර තැබීමක් නොවේ. සමාජයේ මූලික අවශ්‍යතා සපුරාගත හැකි ලෙස ඊට විධිමත් වැඩ පිලිවෙලක් යාන්ත්‍රණයක් සකසා පුරවැසියා ; ගෙ තුල රඳවා තැබීමය.

එහෙත් කල්පනාවෙන් සීරුවට ක්‍රියාත්මක කළයුතු මේ මූලික කාරනා අත්හැර හිටි හැටියේ ඇඳිරි නීතිය දැමීමට මේ මුග්ධ පාලකයන් කටයුතු කළේය.. එහි අහිතකර ප්‍රතිපළ දින තුනකින් ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පැහැදිලි විය.. ඇඳිරි නීතිය යනු එක දිගට පවත්වාගෙන යා හැකි තත්වයක් නොවේ. ඒ විටින් විට ලිහිල් කිරීමට සිදුවන්නේ ඒ තුල ජනජීවිතය බිඳ නොවැටී පවත්වගෙන යෑමට වෙනත් ක්‍රියාකරකම් නොවන නිසාය. ඒහෙත් එය වෛරසයක් පාලනය කිරීමට සුදුසු ක්‍රමවේදය  නොවේ.

 කෙසේ හෝ බොහෝ පසුවී නරක පාඩමක් ඉගෙන ගැනීමෙන් පසුව හෝ ඇඳිරි නීතිය තිබියදී මුලික අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ඉඩ කඩක් ලබා දීම සිදු කරන ලදී.. ආහාර බෙදා හැරීමේ අවසරයන් ක්‍රියාත්මක විය. ඖෂධ මිලදී ගැනීමට අවස්තාවන් ලබා දීම සිදුවිය.. එහෙත් ඒ කිසිවක් සමාජීය වුවමනාවන් සපුරා ලීමට ප්‍රමාණවත් වූයේ නැත ..නගර වාසීන්ගේ , බොහො විටම ඉහල මට්ටමේ නගර වාසීන්ගේ සියලු අවශ්‍යතා සැපීරීම නියමාකාරයෙන් සිදුවෙමින් පැවතියද එම නගරයේම දුප්පත්, පැල්පත් වාසීන්ගේ අවශ්‍යතාවයන් සැපිරුණෙ නැත. ආණ්ඩුවේ සහන මලු නියමා කාරයෙන් මේ පිරිස් වෙත ලැබුනේ නැත. දේශපාලනික හේතු මත ජාති ආගමික හෙතු මත වෙනස් කිරීම් වලට මේ අය ගොදුරු විය.. එදා වෙලා හම්බ කරගත් කුලීකාර ජීවිත ගත කරපු බහුතරයකගේ තත්වය වඩාත් ශෝචණීය වී තිබේ. එසේම ග්‍රාමීයව ද ඇත්තෙ එකම සන්තෑසියකි.. ආණ්ඩුවේ සහන මලු බෙදුනේ එහෙමත් තැනක පමණය. ඒ සහන මල්ලත් අපිරිසිදු පරණ කුණු ආහාර වලින් සමන් විත බවට ඇතැම් තැනක චෝදනා එල්ල විය.

රාජ්‍යයේ හෝ ආණ්ඩුවේ කියා මේවන විට දියත් කර ඇති සියලූම වැඩ පිළිවෙලවල් අසාර්ථකය.,. කියන තරමට මේ තත්වයන් කැපී පෙනෙන්නට තිබේ. රෝහල් වල ඖෂධ හිඟයක්ද මතුව තිබේ. පෞද්ගලිකව යම් ව්‍යාපාරිකයන්ගේ දානපතියන්ගේ මැදිහත් වීමෙන් . රාජ්‍ය සේවකයකුගේ පෞද්ගලික උත්සහය මත පදනම්ව කෙරුණු දෙයක් මිස මිනිසුන්ගේ බඩ ගින්නත් ඖෂධ අවශ්‍යතාවයත් සපුරාලීමට පාලකයෝ අසමත්ය.. එය ඉතා පැහැදිලි නරකම තත්වයකි..තවත් මාස 2ක් වත් මේ අමාරු කාලය ගෙවා දැමීමට සිදුවෙනු ඇත... ඒ සඳහා නිසි වැඩ පිළිවෙලක් තිබිය යුතුය. මේ සති දෙකෙහි කළ සෙල්ලම් තවත් ඒ විදිහට කරගෙන යෑමට වගකිවයුතු පාලනයකට නොහැකිය.

මේ රටේ මාස් පඩි කාරයෝ සිටින්නේ ලක්ෂ 35 කට ආසන්න ප්‍රමාණයකි .. ඔවුන්ගෙන් තව යැපෙන්නන් 3 දෙනෙකු ගනනේ ගන්න හැදුවත් ඒ ලක්ෂ 120 කි..මේ මස් පඩි කාරයගෙන් විශාල පිරිසකද දැන් ඉන්නෙ අප්‍රේල් මස වැ‍ටුප අහිමි වීමේ අනතුරකය. දැනටමත් බොහෝ ආයතන එය අඩකින් කපා දමා හෝ ලබා දීමට නොහැකි බවට දැනුම් දීම්ද සිදු කර තිබේ. මේ අනුව රජයේ සේවකයන් වන ලක්ෂ 15 හැරුණු විට පෞද්ගලික අංශයේ බොහො පිරිසක් ලොකු අමාරුවක වැටීමට නියමිතය. එනම් තවත් ලක්ෂ 80 ක වත් පිරිසක් දැන් කිසිදු ආදායමක් නොමැතිව සිටින පිරිසක් වේ. දවස් පඩි කුලී වැඩ ස්වයං රැක්යා ආදියෙහි යෙදුනු පිරිස සදා අනාතය. දැන් සති දෙකක් තිස්සෙ මේ පිරිස තමන් වෙනුවෙන්, නිවසේ වෙසෙන ආදරණීයයන් වෙනුවෙන්, අසල් වැසියා වෙනුවෙන්, රට වෙනුවෙන් බොහෝ දේ ඉවසාගෙන සිටියහ. ඒත් දැන් රතු ඉර ආසන්නයට සියලු දෙනා පැමිණ තිබේ.

රටෙන් අඩක් දැන් කෑ මොර දෙන්නේ 'දැන් නම් හොඳටම බඩගිනියි ' යනුවෙනි..

Last modified on Saturday, 04 April 2020 21:14

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us