රිළා නැ‍ටුම් පෙන්නපු කාලෙ ඉවරයි..දැන් ගෝටා නටන්නේ Featured

Monday, 08 June 2020 11:52

වත්මන් දේශපාලන අධිකාරියෙහි අසමත් බවත් විසුළුකාරී බවත් පසුගිය මාස 6 දී වුවමනාවටත් වඩා පෙන්නුම් කර තිබිණි. මේ නිසාම සමහරු ප්‍රශ්න කර සිටියේ ජනාධිපතිවරණයට පෙර, 'ගෝටා ආවොත් ඉවරයි, ආයේ සුදු වෑන් කැරකේවී, මිනි කඳු ගොඩ ගැහෙවී, වියරු ඒකාධිපතියකු බිහි වේවී..' යනුවෙන් කියපු කතාවල ඇත්තක් නැති බවටය.

එසේම ජනාධිපතිවරණයට පෙර ජනතා විමුක්ති පෙරමුණද කියා සිටියේ ගෝටාට ඉස්සර සෙල්ලම් කළ නොහැකි බවය. ජවිපෙ ප්‍රකාශය හරි වගේ යැයි පසුගිය මාස 6 දී පෙන්නුම් කර තිබිණි

එහෙත් ඒ කිසිවක් ඇත්ත නොවේ. විශේෂයෙන්ම ජනාධිපති ගෝටාබය කියන්නෙ රාජ්‍ය පරිපාලනය මෙහෙයවිය හැකි දක්ෂයකු නොවේ. ඔහුට පරිපාලන සේවය ගැන විශ්වාසයක් හෝ නැත. එය ඔහු විසින් නැවත වරක් මේ හය මස තුලදී ඔප්පු කර පෙන්වා දී ඇත. එසේම දුෂිත අමන තකක්ඩින්ගෙන් පිරුණු ආණ්ඩුවේ ක්‍රියකලාපයත් අපි මේ මාස තුලදී දු‍ටුවෙමු. ඒ හෝ පාලනය කර ගැනීමේ හැකියාව හෝ ජනාධිපතිවරයා නොපෙන්වා තිබීමත් නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු කෙරුවාව තව වැඩිකල් කළ නොහැකි බව සහතිකය. අප ඒ බව කීවේ ජනාධිපතිවරණයට පෙරමය. ආරක්ෂක ලේකම් වරයා ලෙස රාජ්‍ය පරිපාලනයේ අසමත් කම ඔහු එවකටද පෙන් වූ බව අප කරුණු කාරනා සහිත පෙන්වා දී ඇත්තෙමු.

රට පිළිගත් නීති රීති, ක්‍රමවේදයන් අනුව රටක් පාලනය කර ගත නොහැකි දේශපාලන බලවතා ඒ නිසා තමන්ගේ අසමත්කම පිලිගෙන බලය අත් හරින්නෙ නැත. බලය අත්පත් කර ගැනීම වෙනුවෙන් කළ හැකි හැම තක්කඩිකමක්ම සිදුකර බලය ඩැහැ ගත්තේ ඒ කිසිදා අත් හරින්නට නොවේ. ඒ නිසා මේ බලය රැක ගැනීම වෙනුවෙන් ඕනෑම මිළක් ගෙවීමට ඔවුන් සූදානම්ය. අද මේ වන විට වත්මන් පාලකයාද ඒ සූදානම පෙන්වා දී තිබේ. එහි නිල ප්‍රකාශය ලෙස හැඳින් විය හැක්කේ ජනාධිපතිවරයා විසින් පසුගියදා ගැසට් නිවේදනයක් මඟින් පිහි‍ටු වනු ලැබූ රටේ ' සදාචාරවාදී, විනය සහ නීති ගරුක සමාජයක්' බිහිකිරීම පිණිස වන ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවීමය. මේ නිකම්ම නිකම් කාර්ය සාධක බලකායක් නොවේ. මීට හැම ජනාධිපතිවරයකු විසින්ම කාර්ය සාධක බලකායන් පිහි‍ටුවනු ලැබ තිබිණි. එමඟින් විෂය කර ගන්නා ක්ෂේත්‍රවලට අධිකාරි බලයකින් මැදිහත් වීමේ හැකියාව ජනාධිපතිවරයාට ඉන් ආරෝපණය කර ගැනීමට හැකි වීම නිසාය. නමුත් එහිදී අදාල විෂය පථයේ සීමාවන් සලකුණු කරනු ලබයි. එසේ සිදු කරන්නේ අනෙක් රාජ්‍ය බලාධිකාරයන් හා ගැ‍ටුම් ඇති නොවීම වෙනුවෙනි.

එහෙත් වත්මන් ජනධිපති ගෝටාබය පිහි‍ටුවනු ලැබූ සදාචාරය, විනය, නීතිය වෙනුවෙන් වූ කාර්යසාධක බලකාය යනු එසේ මෙසේ එකක් නොවේ. එහි සීමාවන් ජනාධිපතිවරයාගේ කැමැත්ත පරිදි තීරණය වෙන්නක් බව පෙනෙන්නට තිබේ. එනම් මේ හරහා විධායක ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් හිමි බලය අභිබවා ගොස් බලයක් ආරෝපනය කර ගැනීම මෙහිදී සිදු කරගෙන තිබේ.

අපට මතු කරගන්න අවශ්‍ය වූයේ ජනාධිපතිවරයාට මෙසේ හැසිරීමට හේතුභුත වන ප්‍රමුඛ කාරණාව ගැනය. අප ඉහතින්ම සඳහන් කළේ ඒ කාරණාවය. එනම් රාජ්‍ය පාලනයේ අසමත් භාවයව විසින් විසුළුකාරි පාලනයක් බවට පත් කර ඇති මේ පාලනය නිසා නුදුරේම ඊට එරෙහිව වන ජනතා විරෝධයන් මර්දනය කිරීම, බලය අහිමි වීමේ අනතුර වලක්වා ගැනීම උදෙසා මෙවැනි අධිපතිවාදී හිතුවක්කාර මිලිටරි යාන්ත්‍රණයක අවශ්‍යතාවය මතුව තිබිම ගැනය. ඒ හරහා සිදු කරනු ලබන මර්දනකාරී සියලු දේම නීත්‍යනුකූල කර ගැනීමේ හැකියාව දැන් ඔවුන් සතුය.. ඒ අනුව ජනාධිපතිවරණයට පෙර කිව් ගෝටා යළි මතු වීම නුදුරේම දකින්නට ලැබෙනු ඇත. වියරු ඒකාධිපතියා යළි අපට මුණ ගැහැනු ඇත.

මෙහිදී මතක් කළ යුතු අනෙක් කරුණ නම් මේ මර්දනය එල්ලවන්නේ ගෝටාබයට ඡන්දය දුන් 69 ලක්ෂය වෙන්කරගෙන නොවන බවය. අද ගෝටා හෝ පොහොට්ටුව වෙනුවෙන් ප්‍රශස්ති ගී ගයන සියලු දෙනාමත් මේ මර්දනකාරී යාන්ත්‍රණයේ ගොදුරු බවට පත් වෙනු ඇත. ඒ නොසලකා නොහැරිය යුතු වැදගත්ම කරුණය.

මේ සම්බන්ධයෙන් විකල්ප ප්‍රතිපත්ති කෙන්ද්‍රය නිකුත් කළ නිවේදනයක් සම්බන්ධයෙන් srilankabrief.org වෙබ් අඩවියෙහි වූ සටහනක් පහත් පළවේ

විධායකය අධික්ෂණය කැරෙන පාර්ලිමේන්තුව අක්‍රීය වී ඇති අතරවාරයෙහි ජනාධිපති රාජපක්ෂ විසින් කාර්ය සාධක බලකා දෙකක් පත්කිරීම විසින් අධිකාරවාදී සහ යුදකරණයේ ගැටලු සහගත ප්‍රවණතාවයන් පෙන්නුම් කරන්නේ යැයි ප්‍රකාශනයක් නිකුත් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කියා සිටී. ඒ විසින් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථානුකූල ප්‍රජාතන්ත්‍රවාදයටත් සංහිදියාවටත් බරපතල බලපෑමක් ඇති කරනු ඇතැයි ද එම ප්‍රකාශණය සඳහන් කරයි.

එම ප්‍රකාශය තවදුරටත් මෙසේ සඳහන් කරයි:

අංක 2178/18 දරණ ගැසට් පත්‍රිකාව මගින් ජනාධිපතිවරයා “ සදාරවාරවාදී, විනය සහ නීති ගරුක සමාජයක්” ශ්‍රී ලංකාවේ බිහි කිරීම පිනිස කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබේ. එයට නායකත්වය දෙන්නේ ආරක්ෂක අමාත්‍යාංයශයේ ලේකම් විසින් වන අතර එයට යුද හමුදා සහ පොලිස් බුද්ධි ප්‍රධානීන්, රේගු අධ්‍යක්ෂ ජෙනරාල්, සහ ආරක්ෂ ආමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකුද ඇතුළත් වෙයි. තවත් වැදගත් කරුනක් වෙන්නේ කාර්ය සාධක බලකාය සමන්විත වන්නේ වත්මන් සහ හිටපු යුද සහ නීතිය හා සාමය රැකීමේ නිලධාරීන්ගෙන් වීමය.

කාර්ය සාධක බලකායේ විධානය අපැහැදිළි සහ සීමා රහිතය. ඊට අයත් “ සමාජ විරෝධී ක්‍රියා” යන්නට කිසිදු නීතිමය අර්ථයක් නැත. එවැනි කටයතු වලට එරෙහිව නීතිමය පියවර ගන්නට යන්නේ කෙසේදැයි යන ප්‍රශ්ණය ද මතුවෙයි. මෙම කාර්ය සාධක බලකාය පිහිටුවා ඇත්තේ හුදෙක් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පියවර ගැනීමට පමණක් ද නැත්නම් එය තවත් පුළුල් පරාසයක් ආවරණය කරන්නේ ද යන්න පැහැදිලි නැත. තවත් ව්‍යාකූලතාවයක් නම් කාර්ය සාධක බලකාය ප්‍රතිපත්ති සම්පාදනයේ ද නියැළෙන්නේ ද නැත්නම් එහි කාර්ය වනු ඇත්තේ පවත්නා නීති සහ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමද යනුය.

වැලිත්, එහි ප්‍රකාශිත අරමුණ නොසළකා, කාර්ය සාධක බලකාය ඇමැති මණ්ඩළය මඟහැර රාජ්‍ය සේවාවන්ට කෙලින්ම නියෝග දිය හැකි දැනටමත් පවත්නා ආයතනයන්ට සමාන්තරව ක්‍රියාකළ හැකි අන්දමින් එය සැළසුම් කර තිබීම ද සටහන් කළ යුතුය. මෙම කාරනා, තවත් කාරනා ගණනාවක්ම සමඟ අතිශය බරපතල බලපෑමක් ඇති කරන බැවින් හදිසි අවධානයට ලක් කළ යුතුව තිබේ.

සිය අවධානය යොමු වන්නේ ශ්‍රී ලංකාවේ ආන්ඩුව සහ ආන්ඩුකරණය එන්න එන්නම යුදකරණයට සහ ආරක්ෂකරණයට බදුන් කිරීමත් මූලික තීන්දු සහ තීන්දු ගැනීමත් විශ්‍රාමික සහ සේවයේ නියුතු යුද සහ පොලිස් නිලධාරීන් අත මත තහවුරු කිරීම සම්බන්ධයෙන් බව එම ප්‍රකාශය පවසයි.

මෙම කාර්ය සාධක බලකායන් පිහිටුවීම සහ වර්ධනය විය හැකි දුක්ගැනවිලි සහ ත්වරණයන් ඉහළ ගොස් අද ලංකාවෙහි මූලිකත්වයන් විය යුතු සංහිදියාවේ සහ සංක්‍රමණීය යුක්තියේ බලාපොරොත්තු අනතුරේ හෙළනු ඇතැයි ද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ප්‍රකාශ කරයි.

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

Connet With Us