පසුගිය මාස 6 තුල මේ රටේ ප්‍රජතන්ත්‍රවාදය නීතිය බල්ලට ඇද දැමීමට ක්‍රියාත්මක වීම පාලකයාගෙන් ප්‍රදර්ශනය විය. ඒ අනුව රාජ්‍ය යාන්ත්‍රණයද හැඩ ගැසුනු අතර සමාජයද ඊට අනුගත වෙමින් තිබේ, ත්‍රීරෝධ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ ඝාතනය සිදු වන්නේ ඒ අනුවය. අනෙකෙකුගේ පීඩාව හමුවේ ඒ වෙනුවෙන් පෙනී සිටි ඔහුගේ ඝාතනය සමරණ තවත් සංගම් කාරයෙකුගේ පෝස්ටුවක්ද ෆේස්බුක් ජාලයේ සැරිසරමින් තිබිණි..තත්වයන් ඒ තරමට දුරගොස් තිබේ.
පසුගිය දිනවල පොලිසියේ හැසිරීම ගැන කල්පනා කර බලන්න.. ලොකු ලොකු අපරාධකාරයන්, මහ හොරු, රැකීමත්, පොඩි මිනිහාට තිරස්චීන ලෙස සැලකීමත් දකින්නට ලැබිණි. සැකකාර පුද්ගලයා නැති නම් ගෙදර පොඩි එකාව හෝ ඇද ගෙන යෑමට පොලිසිය ක්‍රියාත්මක වෙයි.ආබාධිත වුවත් කම්නැත තඩි බාගෙන යයි. සාමකාමී හෝ වේවා විරෝධතාවක් නම් එය පාලකයාට එරෙහි යැයි හැඟේ නම් ඒ තලා පෙලා කුඩු පට්ටම් කර දමයි. බන්ධනාගාර තුල ඝාතනයන් සිදුවෙයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කිරීම වෙනුවෙන් වන ආයතන පද්ධතියට එල්ලවන බලපෑමද සුළු පටු නැත. ඒ තබා දැන් රටේ මුල්‍ය පරිපාලනය ක්‍රියාත්මක වන්නේ නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී ආකාරයෙනි. කොවිඩ් වසංගතය දුරැලීම වෙනුවෙන් ලැබුණු මුදල් වලට වෙච්ච දෙයක් නැති බවත් ඊයෙ පෙරේදා හෙළි විය. මිලිටරි යාන්ත්‍රණයක් මඟින් රටේ මර්මස්ථාන සියල්ල යටපත් කර තිබේ. ගහපන් කපපන් කොටපන් මරපන් කියන කොට කිසි වග විභාගයක් නැතිව ඒ නියෝග පිළිපැදීමට පුරුදු පුහුණු වූ මිලිටරිකාරයන් රටේ පාලනයට පත් වූ පසු ඔවුන් හැසිරෙන්නෙ එලෙස බව දැන් තහවුරුව තිබෙන්නෙකි..
පසුගිය කාලයේ මිලිටරි පාලනයක් ආවොත් සිදුවිය හැකි අනතුරු ගැන බොහො දෙනා පෙන්වා ලූ නමුත් රටේ බහුතරය ඒ පිළිගත්තේ නැත. එහෙම වෙන්නට ඉඩක් නැති බව ඔවුන් කීවේය. ඒත් දෙන් සියල්ල ඇස් පනා පිට සිදු වෙමින් තිබේ. ඒ කිව් උන් දැන් නිහඬය.
එහෙත් දැන් ඒ තත්වයන් වෙනස් කිරීමට ප්‍රමාද වැඩිය. මේ දරාගෙන ජීවත් වෙනවා හැර ඉදිරි අවුරුදු 5 තෙක් අවස්ථාවක් නැත. මේ නිසා මේ පාලකයන් පන්නා දැමිය යුතු යැයි මේ මොහොතේ කීමෙහි පළක් නැත..පාලක පක්ෂයට එරෙහි විපක්ෂ දේශපාලන පක්ෂ කියා තොගයක් තිබුණාට ඒවා කිසිවක් අවංකභාවය ගැන කිසිදු සහතිකයක් ලබන්නට තරම් සුදුසු නොවේ. ඒත් පට්ට හොරු රැලකි. ඒ නිසා ඔවුන් මේ මොහොතේ කියන කරන දේවල් ගනන් ගත යුතු තැනක නැත.
සමාජයේ බහුතරය විසින් ගත් තීන්දුව, මේක තමයි ජනමතය කියා ඉවසන්නට සිදුව තිබේ.. මෙරට සතිශය බහුතර ජනතාව යනු අනෙකාගේ නිදහස අයිතිය ගැන විශ්වාස කරන්නො නොවෙති. ඒ තබා අනෙකාගේ දුක වේදනාව ඉදිරියෙහිද ඊට උසුලු විසුලු කරමින් විනෝදයක් ලබන ජනතාවකි.. එහෙම නැති මිනිස්සු ඉන්නවා යැයි කීවාට ඇත්තටම එහෙම මිනිස්සු ඇත්තේද නැත. එහෙම මිනිස්සු ඉන්නවා නම් මේ තත්වයන්ට එරෙහිව ජීවිත පරිත්‍යාගයෙන් හරි කටයුතු කළ යුතුව තිබේ. ඇමරිකාවේ එහෙම උනාට මෙහෙ එහෙම වෙන්නේ නැත. තවමත් මනුස්සයෝ අමරිකාවේ ඉතුරු සිටීම ගැන නම් සතුටු විය හැක. එහෙම අය ඉස්සර මෙහෙ හිටියාට දැන් නැත. ඒ මිනිසුන් තුල අඩුම තරමින් මනුස්සකමත් ඉතුරුව තිබු මිනිස්සුය.. දැන් එහෙම මනුස්සකම් නැත. තමන්ගේම වාසිය පිණිස ගනන් හදාගෙන පැවැත්ම සහතික කර ගන්නා මනුස්ස වේසයෙන් සිටින උන් හැර වෙන කිසිවකුත් නැත.
ඒ නිසා මෘග පාලනයක දී මෘගයන් ලෙසම හැසිරෙමින් තමන්ගේ බඩ ගෝස්තරය හොයාගෙන හැකි විදිහට පැවැත්ම හදාගැනීමට යුගයේ පිළිවෙත අනුව ජීවත් වීම වඩා හොඳම විදිහ යැයි කිසිවකුත් කිව්වොත් එහි අසාධාරණයක් ද නැත. මන්ද අද පොදු කුලකයකට ගෙන කතා කිරීමේදී මේ රටේ මිනිස්සු නැති නිසාය. ඒ නිසා මේ දැන් රටක් ද නොවේ.
ඒ ගැන සැක නම් පාර්ලිමේන්තු මැතිවරණයේ දී 3න් 2 කක බැරිනම් 6න් 5ක හෝ බලයක් පාලකයාටම ලබාදී ඒ සහතික කරගත හැක.
- k