අලුත් කාර්ය මණ්ඩල ප්‍රධානියාට කරන්න වෙන වැඩ. Featured

Saturday, 17 October 2020 15:09

රටේ ඉහළ වැදගත්ම වගකීම් විශාල ප්‍රමාණයක් දරණ දේශපාලන බලවතෙකුට කාර්ය මණ්ඩලයක් පවත්ගෙන යෑමට සිදුවීම සාමාන්‍ය දෙයකි. ඒ මණ්ඩලයට ප්‍රධානියකු සිටීම කටයුතු විධිමත්ව පහසුවෙන් කිරීමට රුකුලකි. යම් ප්‍රධානයෙකුට අලුත් කාර්ය මණ්ඩල ප්‍රධානියකු පත්කර ගන්න වෙන්නේ තමන්ගේ අවශ්‍යතාවයට සරිලන ආකාරයෙන් මිස රට්ටු කියන විදිහටවත් රටේ නායකයාට ඕනෑ විදිහටවත් නොවේ.

ඒ අනුව මේ ළඟදි පත්කළ අලුත් කාර්ය මණ්ඩල ප්‍රධානියාට කරන්න වෙන වැඩ මෙසේ විය හැකිය.

 

උදෑසන අවදි කිරීම . (වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත අදාල පැය ගනන නිදිකරවීවෙන් පසුව අවදිකරවන්නේ උදේ 7 ද 8 ද 10 ද කියා නිර්දේශ කරන්නේ වෛද්‍යවරුන්ය),

උදෑසන ජලය, ඖෂධීය පානයන් හෝ තේ පානයට ලබා දීම. ( එයත් වෛද්‍ය නිර්දේශ අනුව)

ශරීරකෘත්‍ය කටයුතු කරවීම සහ දත් මද්දවා මුහුණ කට සේදීම.

ව්‍යායාම කරවීම. (වෛද්‍ය නිර්දේශ අනුව, යෝග ව්‍යායමද ඇතුලත්ය.)

උදැසන ආහාර වෙල සකසාදීම. (වෛද්‍ය නිර්දේශ අනුව)

නිර්දේශකර තිබෙන ඖෂධ ලබාදීම.

මේ අතරතුර එන දුරකතන ඇමැතුම් කිසිවකට ආමන්ත්‍රණය කිරීමට ඉඩ නොදීම.

මුණුබුරු මිනිබිරියන් හුරතල් කිරීමට කෙටි වෙලාවක් ලබාදිම.

ටීවී බැලීමට කෙටි වේලාවක් වෙන්කිරීම ( භීතිය නොදනවන සාමකාමී ‍තෝර ගත් වැඩ සටහන්) සහ පත්තරවල ‍තෝර ගත් ලිපි බැලීමට යොමු කිරීම, එහිදී ඒවා කියවා තේරුම් කරදීම.

යළිත් කෙටි වෙලාවක් නිදා ගන්න හෝ විවේකයෙන් සිටීමට සැලැස්වීම

නැවත අවදිවන තුරු දුරකතන ඇමැතුම් සහ පවුලේ නොවන කිසිවකුට හමුවීමට ඉඩක් ලබානොදීම.

දිවා ආහාරය සඳහා අවදි කිරීම සහ ඇඟපත සේදවීම.

දිවා ආහාරය ලබාදීම (වෛද්‍ය නිර්දේශ මත)

යළි ඖෂධ ලබාදීම

රාජකාරි කටයුතුවලට කාර්යාලයට සිදුවන්නේ නම් ඒ සඳහා ඇඳුම් පැළඳුම් සූදානම් කිරීම,

හදිසි අසනීප තත්වයන් වෙනුවෙන් වෛද්‍ය නිර්දේශ මත පාවිච්චි කරන ඖෂධ පෙට්ටිය සූදානම් කිරීම. උණුකර නිවාගත් වතුර බෝතලය, කෙටි කෑම වර්ග කිහිපයක් අමතර ඇඳුමක් පැළඳුමක් (යට ඇඳුම් පැම්පස් ද ඇතුලත්ව), හැර මිටිය සහ විශේෂයෙන්ම රත්තරන් වශී කොක්ක අමතක නොකර ඔහු අතට පත් කිරීම ආදියද කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ වගකීම වේ.

වාහනයට පරිස්සමෙන් නැග්ග වීම සහ බැස්ස වීම

කාර්යාලය ඒ වන විට අති පිරිසිදුව පිළිවෙලකට සකස්කර තැබීම කාර්ය මණ්ඩල ප්‍රධානියා අවශේෂ නිළධාරීන් හා සේවකයන් ලවා කරවා තිබිය යුතුය.

පරිස්සමෙන් කාර්යාලයට තුලට ‍රැගෙන ගොස් පරිස්සමෙන් වාඩි කරවීම,

අත්‍යවශ දුරකථන ඇමැතුම්වලට පමණක් පිළිතුරු දීමට ඉඩ දීම,

අත්සන් කිරීමට එවා ඇති ලිපි අත්සන් කරවීම, (ඒවා කියවා තේරුම් කරවීම එතරම් අදාල නැත)

අත්‍යවශ රාජකාරී වෙනුවෙන් පමණක් වන නිළධාරීන්, ව්‍යාපාරිකයන්, විදේශ නියෝජිතයන් ආදිය හමුවීමට අවස්ථාව ලබා දීම,

කොරෝන ප්‍රශ්නය නිආ වෛරසයෙන් ආරක්ෂාවීම වෙනුවෙන් සියලු සෞඛ්‍ය අංශවල උපදෙස් සහ තාක්ෂණික මෙවලම් පාවිච්චි කිරීමට අති විශේෂ සැලකිල්ලක් දැක්වීම, කිසිවකුට මීටර් දෙකකට වඩා ආසන්නය පැමිණිමට ඉඩ නොදීම. කිසිවකු දෙන කඩදාසි කැබැල්ලක්වත් ස්පර්ශකිරීමට ඉඩ නොතැබිය යුතුය.

කාර්ය මණ්ඩලයේ අනෙකුත් නිලධාරීන්ගේ සහ සේවකයන්ගේද සෞඛ්‍ය තත්වය නිරන්තරයෙන් පරික්ෂා කීරීම, වෛරස් සම්බන්ධයෙන් විශ්වාස කටයුතු නොවන කිසිවකු අහලක්වත් තබා නොගැනීම.

රාජකාරී වැඩ වලින් පසුව ඒ වන විට පවතින සෞඛ්‍ය තත්වය පිළිබඳ සැලකිලිමත්වීම සහ වෛද්‍ය උපදෙස් ලබාගැනීම

සවස කෙටි ආහාර සහ තේ පානයට සූදානම් කිරීම.

නැවත නිවසට පෙර සේම ආරක්ෂාකාරීව ගෙන යෑම.

ඇඟපත සෝදවා නිර්දේශිත තෙල් බෙහෙත් ගැලිවීම්. සම්භාහන කටයුතු ආදියවේ නම් ඒවා සිදුකර විවේක ගැනීමට සැලැස්වීම.

රාත්‍රී ආහාර පානද වෛද්‍ය නිර්දේශ මත සකස් කරදීම.

ඖෂධ වෙලාවට ලබාදීම.

වෙලාවට නිදා ගැනීමට සැලැස්වීම.

මීට අමතරව වෙනත් ස්ථානවල රාජකාරී රැස්වීම් උත්සව අවස්ථා ආදියට සහභාගී වීමට සිදුවේ නම් ශරීර ආරක්ෂාව, සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන්ට උපදෙස් ලබාදීම.

එම ස්ථානවලට ආරක්ෂාකාරීව රැගෙන ඒම සහ නැවත ගෙන ඒම ගැන වගකීම ද කාර්ය මණ්ඩල ප්‍රධානියට පැවැරේ.

දවසේ සෑම අවස්ථාවකදීම අධික ලෙස දුකට පත්වන,කලබලයට පත්වන සහ අධික ලෙස සතුටට පත්වන සිදුවීම් සහ පුවත් ආදියෙන් වැලක්වීම සිදු කිරීම. එය සෞඛ්‍යට අහිතකරන නිසා ඒ ගැන සැලකිලිමත් වීම. එවැනි දෙයක් වාර්තා කිරීමේදි මානසින වෛද්‍යවරයාගේ උපදෙස් මත සීරුවට කළ යුතුය.

පාර්ලිමේන්තුවට හෝ ඇමැති මණ්ඩල රැස්වීමට සහභාගීවීම අත්‍යවශ්‍ය අවස්ථාවක් වෙනුවෙන් පමණක් කෙටි වෙලාවක් වෙන් කිරීම. කාගෙන්වත් බැනුම් අහන්න ඉඩ නොතබා ඔහුව ආපසු එතැනින් වෙලාවට කලාවට ඉවත් කරගැනීමට කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ විශේෂ හැකියාවක් විය යුතුය.

මේ ආදී සුවිශේෂී කටයුතු රාශියක් තනතුරේ සහ වයසේ හැටියට කාර්ය මණ්ඩල ප්‍රධානියට පැවැරෙන බැවින් මේ සඳහා තමාට ඉතාම සමීප, තමන්ව ආදරයෙන් රැක බලා කියාගන්නා, තමන්ගේ කැතකුණු පවා අතගාන්න මැලි නොවන, උගත්, බුද්ධිමත්, ජවසම්පන්න, විශ්වාසවන්ත, පුද්ගලයකු ළඟ තබා ගැනීම විය යුතුය. තමන්ගේම පුතකු හැර මේවාට වෙන කවුද සුදුසු?

Leave a comment

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

ක්‍රීඩා

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (07) ක්‍රියාත්මක...

Connet With Us