විස්සේ කසකාරයා මදුෂ්... Featured

Tuesday, 20 October 2020 22:35

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් වෙනුවෙන් තිබූ රටේ නීතිය සංශෝධනයය කරමින් යළිත් වියරු ඒකාධිපතියකු බිහිකර ගැනීම සඳහා හෙට අනිද්දාට සම්මත කරගන්නා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු දිනයේ, ඊට සුළු මොහොතකට පෙර මාකඳුරේ මධුෂ්ව ඝාතනය කරමින් සමාජයට දුන් පණිවිඩය අතිශය සැහැසිය. බියකරුය.

මේ 20 වන සංශෝධනයේ බිහිසුණුකම ගැන කතාවකි. රාජපක්ෂවරු බලාපොරොත්තු වූ අපේක්ෂාව වෙත යෑමට ශ්‍රේෂ්ඨාධිකරණය යම් බාධාවක් වී තිබුණද රාජපක්ෂවරුන්ගේ උත්සාහය අපතේ යන්නෙ නැත. ඔවුන්ට අවශ්‍ය මජර ඉලක්කය වෙත ඔවුන් ගමන් කරනවා ඇත. අද මදුෂ්ව ඝාතනය කරමින් දුන් පණිවිඩය එයය. අධිකරණය හෝ රටේ නීතිය තමන්ට අදාල නැති බවත් තමන්ට අවශ්‍ය දේ තමන් කරන බවත් රාජපක්ෂවරුන් තහවුරු කර තිබේ. ජනාධිපතිගේ කටින් පිටවෙන නියෝගය චක්‍රලේඛ සේ එනම් නීතිය ලෙස ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති ගෝටාබය කීවේ ව්‍යවස්ථානුකූලව විධාකයක බලතල හෝ නොමැති තත්වයක් තුලදීය. ඒ අනුව 20 වන සංශෝධනය හරහා අත්පත් කරගන්නා බලතල කවරක් වූවත් ඉදිරියේදී වියහැකි දේ ගැන අමුතු විග්‍රහ අවශ්‍ය නැත.

පසුගිය රාජපක්ෂ රෙජීමය සමයේදී රාජපක්ෂලා තමන්ට එරෙහිවූවන් මහ මගදී මිනිසුන් බලා සිටියදී වුව මරා දැමීමට දෙවරක් සිතුවේ නැත. වැලිකඩ බන්ධනාගාරයට පැන අධිකරණයේ දඬුවම් විඳිමින් සිටි සිරකරුවන් පවා මරා දැමුණු වග යළි කිව යුතු නොවේ. 2015 දී ජනේලයේ එල්ලී පරාජයේ වේදනාව දරාගෙන සිටියදී රාජපක්ෂ පාක්ෂිකයන් කීවේ මරළා හරි යළි බලය ගතයුතු බවය. පාස්කු ඉරිදා ප්‍රහාරයේ මළකඳන් උඩින් පැන යමින් ඒ ම්ලේච්ඡ සෙල්ලම කළ හැටි අමතක වෙන්න තවමත් කාලය ගෙවුනේද නැත.

මිනිමැරුන් චෝද්නා එල්ල වී මරණ දඬුවම නියම වූවෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස අභිෂේක කළ රාජපක්ෂලාට තවත් මිනීමරුවන් තමන්ගේ සහයට සමීප කරගැනීම මහ ලොකු දෙයක් ද නොවේ.ඒ අනුව මරණ දඬුවමට යටත්ව සිටින දුමින්ද සිල්වා වැන්නකු හෝ මහා වීරයකු කරගනිමින් නිදොස් කොට නිදහස් කිරීමට විය හැකිව තිබෙන්නෙකි.

රාජපක්ෂ පාලනය සහ මිනීමරු ම්ලේච්ඡ ගෝත්‍රික පාලනයකත් අතර වෙනසක් ඉදිරියේදී අපට සොයාගැනීමට නොහැකිවනු ඇති බව දැනටම රාජපක්ෂලා වැඩකරමින් සිටින ආකාරය විසින් පැහැදිලිව පෙන්වා දෙනු ලබයි..

රට බරපතළ ආර්ථික අර්බූදයකට ඇද වැටී අවසන්ය. එයින් ගොඩ ඒම සඳහා කිසිදු අවංක වැඩ පිළිවෙලක් රාජපක්ෂලා සතුව නැත. එය ඉතා පැහැදිලිය. රටට පෙර තමන්ගේ බැංකු ගිණුම් පිරෙන විදිහක් යෝජනා නොවේ නම් ඒ සංවර්ධන යෝජනා යන්නේ කුණු කූඩයට බව ජපන් ආධාර මත කිරීමට යෝජනා වූ ‍LRT ව්‍යාපෘතියට සිදුවූ දෙයිනුත් ප්‍රත්‍යක්ෂ විය. මේ නිසා රාජපක්ෂලා මේ රට ගොඩනනු ඇතැයි මේ මොහොතේත් කිසිවකු කල්පනා කරයිද ඒ අමු තකතීරුවෙකි. ආර්ථිකය සම්බන්ධයෙන් දශක ගනනාවක් අඛන්ඩව නිකුත් කෙරුණු සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ වාර්තා පවා අද නිසි පරිදි නිකුත් වෙන්නෙ නැත. ඒ අනුව පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මේ වාර්තා හොරට හැදුවා සේ ඉදිරියේදී රටේ සංවර්ධන වේගය ගැන පුරසාරම් ගහන්න හැකි හොර වාර්තා පිට වීමද සිදුවිය හැක.

මුදල් සොයා ගන්න රටේ ඉඩම් සින්නක්කරව විදේශිකයන්ට විකිණුවේද රාජපක්ෂලාය. හම්බන්තොට වරාය චීනාටම සින්න වෙන තැනට වැඩකටයුතු කළේද රාජපක්ෂලාය. මේ වන විට මුහුණ දෙන ආර්ථික අර්බූද හමුවේද රට චීනාට විකුණනවා හැර රාජපක්ෂලාට වෙනත් කිසිදු විකල්පයක් නැත. පසුගියදා චීන දූතයන් ආවේ ඒ ඉඩම් ටික බලලා යන්නය. ඒ අනුව විටින් විට මහා සංවර්ධන යෝජනා ක්‍රමවල ලේබල් යටතේ රට චීනාට විකිණිමේ උත්සව අවස්ථා දැකිය හැකි වෙනු ඇත. ඒ කොමිස් කුට්ටිවලින් රාජපක්ෂලා ගොඩයන හැටි පසුව දැනගන්න්ට්ද ලැබෙනු ඇත. ඒ කොහොම නමුත් මුහුණ දී තිබෙන ආර්ථික අර්බුද හමුවේ සියලු පුරවැසියන් මහා ආගාධයකට වැටීම වැලැක්විය හැකි නොවේ. අර්බුදය පෙනෙන්න තිබෙනවාට වඩා දරුණුය. මේ වන විටත් ආදායම් මාර්ග අහිමි වූවන් දසදහස් ගනනකි. එය තවදුරටත් වරධනය වෙමින් තිබේ. මහා පරිමාණ හා සුළු පරිමාණ භේදකින් තොරව ව්‍යාපාර කඩා වැටී තිබේ. ඉතිරිකිරීම් අඩුවන විට බැංකු පවා බංකොලොත් විමේ ඉඩ කඩක් තිබිය හැකිය. විදේශ විනිමය, ඩොලර් ණය වලින් හැර වෙන ලැබෙන්න තැනක් නැත.

කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ එය නිවැරදිව කලමනාකරණය කරගැනීමට අසමත් වීම තුල රට තව දුරටත් අර්බුදය කරාම ගමන් කරමින් තිබේ. කොවිඩ් වසංගතයද කිහිප දෙනෙකු මහා ජාවාරමක් කරගෙන තිබෙන බවට හෙළිව තිබෙන තොරතුරු අනුව මෙයින් රට මුදවා ගැනීම කලමනාකරණය කිරීමේ හැකියාව රාජපක්ෂලා සතුව නැති බව පෙන්වා දෙයි. මේ තත්වයන හමුවේ ඉදිරියේදී එන සමාජ ආරථික අර්බුදවලට රාජපක්ෂලාට දෙන්න නිවැරදි විසදුම් නැත. ඒ අනුව චීන සල්ලිවලින් කරන මල්වෙඩි සංදර්ශන වලින් බොහෝ දේ යටපත් කිරීමට කැස කවනුද ඇත. එසේම රටේ නැති ව්‍යාජ අර්බුද, සන්ත්‍රාසජනක ජවනිකා මැවෙනු ඇත. ජාති ආගමික කලකෝලහලද සැලසුම් සහගතව පැතිරවීමද අප බලාපොරොත්තු විය යුතුය.

අර්ථික, සාමාජීය අර්බුද්ධ උග්‍ර වී පුරවැසියා බඩගින්නේ පාරට බැස උද්ඝෝෂණය කරන්න පටන් ගන්නා විට ඒ දරා ගැනීමේ සීමාව රාජපක්ෂලාගේ මොළේ තරමට හෝ වැඩී නැති නිසා ඒවා මර්දනය කිරීම වියරුවක් දක්වා ගමන් කෙරෙණු ඇත.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, මදුෂ්ව ඝාතනය කරමින් ගෙන එන්නේ ඒ ඉදිරි අනාගතය ගැන රජපක්ෂලාගේ ගනන් තැබීම අනුවය. ගෝටා ඉස්සර වගේ නෙවෙයි දැන් හරි හොඳයි , පරණ සෙල්ලම් එයාට දැන් කරන්න ලැබෙන්නේ නෑ අනේ.. කියමින් ගෝටාබය ගැන චරිත සහතික ලියු පුද්ගලයන් සහ ජවිපෙ වැනි අවස්ථාවාදී දේශපාලන සංවිධානත් මේ රාජපක්ෂලාගේ වියරුවෙහි ගොදුරු බවට පත්වීමද වැලැක්විය හැකි වන්නේ නැත. විපක්ෂ දේශපාලන පක්ෂ මේ වන විට බෙලහීනව හැකිලී නිවට නියාලුව සිටීම රාජපක්ෂලාගේ වාසියට හේතු වුවත් පුරවැසියාට එසේ සිටින්නට නොහැකිය.

පුරවැසි උද්ඝෝෂණය මර්දනය කිරීම හැර වෙන උත්තර රාජපක්ෂලාට නොමැති නම් (කොහොමටත් නැත,) මහ විනාශයක් සිදුවෙනු ඇත. ඊට මේ බෙලහීන විපක්ෂයද වගකිව යුතුවෙයි.

Last modified on Tuesday, 20 October 2020 22:53

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us