රාජපක්ෂලාගේ බල පෙරේතකම හමුවේ මිනිස්සු පරාදයි..,ලැජ්ජයි ගෝටා. Featured

Published in පුවත්
Monday, 16 March 2020 18:06

කොරෝන වෛරස් අසාදනය වීම තව දුරටත් පාලනය කළ හැකි මට්ටම ඉක්මවා යමින් තිබේ. එහෙත් ඒ පාලනය වෙනුවෙන් රජය දක්වන අකාර්යක්ෂම තාවයෙහි වෙනසක් නැත. සියලු දුර්වලතාවයන් ආණ්ඩුව විසින් වසාගෙන කටයුතු කරයි..ඒ සියල්ල පසෙක තැබුවත් මේ අවදානම් සහගත අවස්ථවේදී මහ මැතිවරණය කල් දැමීම සිදු විය යුතු බවට සමාජයෙන් දැඩි ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ.

එය අතිශයින්ම සාධාරණ ඉල්ලීමකි. එහෙත් ඊට එරෙහිව කරුණු දක්වමින් මහ මැතිවරණය අනිවාර්යෙන්ම පවත්වන බවට ආණ්ඩු පාර්ශ්වය චණ්ඩි කතාද කියමින් තිබේ. අද දින නිවාඩු දිනයක් කිරීම මඟින් මේ වෛරසය පැතිරවීම සුළු පාලනයකට ලක් වීම විය හැකි නමුදු යලි එය හෙට සිට සක්‍රීය වෙනු ඇත. ඒ ඕන ගොන් මෝඩයකුට වුවත් තේරුම් ගත හැකි දෙයකි.

එහෙත් ආණ්ඩුව එම නිවාඩුව දිගු නොකළේය. ඊට එකම හේතුව මහ මැතිවරණය සඳහා නාම යෝජනා ගැනීම මේ ඉදිරි දින කිහිපයේදී සිදු කළ යුතු බැවිනි. රජයේ නිවාඩු දිනවල එම කටයුතු සිදුකිරීමට නොහැකිය. මේ අනුව රටේ මහ ජනතාවට හෙණ ගැහුවත් බලය අල්වා ගැනීමෙ මළ පෙරේතකම රාජපක්ෂවරු නැවත පෙන්වා දී ඇත.
පසුගිය රාජපක්ෂ සමයේදීද ඔවුන් අනුගමනය කළේ මේ පිළිවෙතමය. බලය වෙනුවෙන් රටේ ජනතාව මොවුන්ගේ ගොදුරු බවට පත් විය.
පාස්කු ඉරිදා ප්‍රහාරයන්ද රාජපක්ෂලාගේ ගිණුමට බොහො දෙනෙකු බැර කළේ රාජපක්ෂවරුන්ගේ හැටි දන්නා නිසාය..එම ප්‍රහාරයට වගකිව යුත්තන් අල්ලනවා කිව්වද ඒ ගැන මීක් නැත. මේ නිසා එම ප්‍රහාරයේ වගකීමද දැන් රාජපක්ෂ වරු විසින්ම ඔවුන් මත පටවාගෙන ඇති සෙයකි.

දේශපාලනය කියන්නේ බලයට තියෙන මළ පෙරේතකම ක්‍රියාවේ යෙදවීම නොවේ.. ඒ ශිෂ්ඨ සම්පන්න විය යුතුය, දේශපාලනයේදී ජනතාවගේ පැත්ත ගැනීම විය යුතුය. බඩ ගෝස්තරය වෙනුවෙන් බල ලෝබය වෙනුවෙන් ඒ නොවිය යුතුය. එහෙත් රාජපක්ෂලා කරමින් සිටින්නේ තමන්ගේ බඩ ගොස්තරය වෙනුවෙන් ඕනැම දහදුරා වැඩක් කිරීම වෙනුවෙන් බව මේ කොරෝනා වසංගතය හමුවේත් පෙන්වා දෙමින් තිබෙන බව පැහැදිලි කරුණකි.

මේ වන විට රටේ ආර්ථිකය කඩන් වැටෙන්න ගෙන තිබේ.හෙට අනිද්ද වෙන කොට දහස් ගනනකට කන්න බොන්නවත් නැති තැනට පත් වෙනු ඇත... සුළු ව්‍යාපාර..මහ ව්‍යාපාරත් දැන් අර්බුදයේය..ඒවාට දෙන විසඳුම් ගැන කතාවක් නැත..

තව මාස 2ක් වත් යනකම් මේකෙන් ගොඩ ඒමක් ගැන හිතන්නවත් හැකියාවක් නැත...පෙනෙනවාට වඩා තත්වය බරපතලය. ඩෙංගු වලට වඩා සිදුවන හානිය දස දහස් ගුණයකින් වැඩි බව දැනටමත් පෙන්වා හමාරය.. මේකේ බරපතල කම හෑල්ලුවට දැමීම හිතක් පපුවක් තියෙන මිනිහෙකුට කළ නොහැක. එහෙත් රාජපක්ෂලාට පුළුවන.

election 2020

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us