subash

subash

එක් වරක් පමණක් භාවිතා කර ඉවතලන පොලිතින් සහ ප්ලාස්ටික් (ෂැෂේ පැකට් ) තහනම මේ වසරේ අප්‍රේල් මාසයේ මුල් සතියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් ජෝ බයිඩන්ට සහ උප ජනාධිපතිනී කමලා හැරිස් මහත්මියට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් සුබ පැතුම් එක්කර තිබේනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාලව අද(20) ප්‍රධාන පුවත්පත් මුල් පි‍ටු සැරසී ඇත. එක් පුවතකින් කියවුණේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයෙක්ට අයත් තඹ කම්හලක සේවය කරමින් සිටියදී අත් අඩංගුවට පත් සැකකරුවන් 10 දෙනෙකු නිදහස් කර ඇති බවය. තවත් පුවත්පතක් ඊයේ වාර්ථාකරන්නේ එම ප්‍රහාරයේ ප්‍රමුඛ සැකකරුවන් ගනනාවකගෙන් ප්‍රශ්න නොකරම එම කොමිසමේ කටයුතු අවසන් කර ඇති බවය. එම සිදුවීම වලට අදාල දිර්ග විස්තරන්ද මාධ්‍යයෙහි පළ කර ඇත.

සත්‍යය සහ යුක්තිය සඳහා වන ව්‍යාපෘතිය (ITJP) සහ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) යන සංවිධාන විසින් හිටපු හමුදා නිලධාරියකු ද වන ජනාධිපති ගෝඨභය රාජපක්ෂගේ පාලනය යටතේ රජයේ ඉහළ පෙලේ තනතුරු වලට හමුදා නිලධාරීන් 39 දෙනකු නම් කර ඇති බවට හුවා දක්වමින් ශ්‍රි ලංකාව හමුදාකරණයකට ලක්කිරීම ' කිළිපොලායන සුළු අත්පත්කර ගැනීමක්' ලෙසට නම් කර තිබේ.

කොළඹ පහ කැප්පෙටිපොළ මාවතේ නව නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට අදාළ ගිවිසුමට අද අත්සන් තැබුණා.

මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය රටවල් 60 කට වැඩි සංඛ්‍යාවකට මේ වන විට ව්‍යාප්තව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.

රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනා ගැනීම හේතුවෙන් එම අමාත්‍යංශය වසාදමා ඇති බවට පැතිර යන කටකතා වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

පාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අලව්දීන් අහමඩ් මුවාර් නමැති මරාගෙන මැරෙන බෝම්බකරුගේ පියා ලබන 02 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය බන්ධනාගාර අධිකාරිවරයාට නියම කර තිබේ.

කෘෂිකර්මාන්තය සඳහා ජාතික ප‍්‍රතිපත්තියක් ඉදිරි මාස 6 තුළ හදුන්වාදිමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප‍්‍රකාශ කර තිබෙනවා.

ආසාදිතයින් 130ක් වාර්තා කරමින් දිනක් තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

Connet With Us