subash

subash

ඉන්දියාවේ නිෂ්පාදිත කොවිව් 19 එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අනුමත කිරීම ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් සිදුකර තිබේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පීඩාවට පත් ව්‍යාපාර 63,000කට ප්‍රතිමූල්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් ක්‍රියාත්මක 'සෞභාග්‍යයා කොවිඩ් 19 පුනරුද සහන ණය යෝජනා ක්‍රමය' යටතේ ලබා දී තිබෙන ණය මුදල රුපියල් කෝටි 18,000ක් (රුපියල් බිලියන 180) බව ආණ්ඩුව ප්‍රකාශ කරයි.

මහ කන්නයේ වී අස්වැන්න රජයේ වී ගබඩා වලට ලැබුණු වහාම ජනතාවට රුපියල් 97ට සහල් ලබා දෙන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත් ගමගේ පවසයි.

ජාතික අක්ෂි රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගීන්ට විශේෂ දුරකථන අංක සේවාවක් හඳුන්වා දී තිබේ.

පෞද්ගලික අංශයේ රෝහල් PCR පරීක්ෂණ සිදු කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇති මාර්ගෝපදේශවලට අනුව එම පරීක්ෂණ සිදු නොකළහොත් PCR පරීක්ෂණ ක්‍රියාවලියෙන් අදාළ පෞද්ගලික රෝහල් ඉවත් කිරීමට කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය තීරණය කර තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන්ව සිටි 10 දෙනෙකු අධිකරණය මඟින් නිදහස් කිරීම සම්බන්ධයෙන් මේ වන විට ආන්දෝලනයකට තුඩු දී තිබේ.

කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබු සියලු දුම්රිය සඳුදා (25) සිට සාමාන්‍ය පරිදි නැවත ධාවනයට එක් කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනෙවිරත්න ඊයේ (21) පවසා තිබෙනවා.

කොරෝන ව්‍යාප්තිය හමුවේ මාස තුනකට අධික කාලයක් අවලංගු කර තිබූ නගරාන්තර ශීඝ්‍රගාමී, තැපැල් ඇතුළු සියලු දුම්රිය මෙලෙස නැවත ධාවනයට එක් කරන බවයි ඔහු පවසා ඇත්තේ

මෙරට සිදුවී ඇති මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ සොයා බලා ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ නිර්දේශ ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කර තිබේනවා. ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු තිදෙනා යළි ලබන මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර කිරීමට ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් අද (21) නියෝග කර තිබෙන නමුත් වැදගත්ම දේ විත්තිකාර වෙනුවෙන් ශානි කිසිදු නීතිඥ නියෝජනයක්ද සිදුව නොමැති වීම.

නැගෙනහිර පළාතේ I-Road මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සතුටුදායක මටිටමක නොමැති බවත් ඒ හේතුවෙන් ජනතාවගේ අප්‍රසාදයට ලක්වීමට ඉඩ ඇති බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කොන්ත්‍රාත්කරුවන්ට පවසා තිබෙනවා.

Connet With Us