සෞඛ්‍ය රීති කඩ කරමින් PCR කරන පෞද්ගලික රෝහල්වලට වැඩවරදි !

Published in පුවත්
Friday, 22 January 2021 12:04

පෞද්ගලික අංශයේ රෝහල් PCR පරීක්ෂණ සිදු කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇති මාර්ගෝපදේශවලට අනුව එම පරීක්ෂණ සිදු නොකළහොත් PCR පරීක්ෂණ ක්‍රියාවලියෙන් අදාළ පෞද්ගලික රෝහල් ඉවත් කිරීමට කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය තීරණය කර තිබේ.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන ඇතුළු කණ්ඩායමක් හා පෞද්ගලික රෝහල්වල රසායනාගාර අංශ ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවකදී මේ බව දන්වා ඇත.

ඇතැම් පෞද්ගලික රෝහල් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරයකින් තොරව ප්‍රාදේශීය රසායනාගාරවල පී.සී.ආර්. පරීක්ෂණ කරන බවට හෙළි වී ඇතැයි මෙහි දී අනාවරණය විය. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙතෙක් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා අවසර දී ඇත්තේ රජයේ හා පෞද්ගලික අංශයේ රසායනාගාර තිහකට පමණි.

සෞඛ්‍ය අංශ දැනුම් දී ඇති නීති රීති වලට පිටින් ගොස් පී.සී.ආර්. පරීක්ෂණ ක්‍රමවේදවල විශ්වාසනීයත්වය කඩ නොකරන ලෙස මෙහි දී දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් හමුදාපතිවරයා පෞද්ගලික රෝහල් අංශය නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා අයකරන ගාස්තු අඩු කරන ලෙසයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us