subash

subash

වන රක්ෂිත කලාප විනාශ කරන පුද්ගලයන් සහ වන සතුන් දඩයම් කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්ක කිරීම සඳහා දිගු දුර විහිදුම් බළකායක් ස්ථාපිත කිරීමට වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

මෝල් හිමියන්ගේ හිතුවක්කාරී ක්‍රියාවන් වැළැක්වීම සඳහා වී අලෙවි මණ්ඩලය විසින් ගොවියාගෙන් මෙම කන්නයේදී වී මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් මිලට ගන්නා බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ (11 වැනිදා) පාර්ලිමේන්තුවේදී පවසා ඇත.

ආන්දෝලනාත්මක මහ බංකු බැඳුම්කර වංචා නඩු විභාගය සඳහා විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් (Trial at bar) පත් කරන ලෙස නීතිපතිවරයා, අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

යහපාලන ආණ්ඩුව සමයේ ඇමරිකානු ඩොලර් හාරකෝටි හැටලක්ෂ අනූඅටදහස් පන්සිය අනූඑකක් වැය කරමින් ගුවන් යානා 12ක් මිලට ගෙන ඇති බවත් භාවිතා කළ නොහැකි පැරැණි ගුවන් යානාවක් ඒ අතර වූ බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඊයේ (11 වැනිදා) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර තිබේ.

මරණ දඬුවම යළි ක්‍රියාත්මක කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණයට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන සැප්. 06 දා සලකා බැලීමට ඊයේ තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදිනට පෙත්සම්වල කරුණු තහවුරු කරන ලෙස පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.

ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලබන මාර්තුවේ ඉදිරිපත්වන යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහා සංඝරත්නය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර හමුවක් ඊයේ (10) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත් වුණා.

පෙබරවාරි 13 සහ 14 දෙදින කොළඹ 07, පදනම් මාවතේ ඉදිරිපිට පැවැත්වෙන 'Made in Sri Lanka වෙළඳ ප්‍රදර්ශනය 2021' වෙත පැමිණ දේශීය නිෂ්පාදකයා දිරිගන්වමින් ඔවුන්ගේ නිෂ්පාදනවල වටිනාකම උරගා බලන ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා දේශීයත්වය අගය කරන සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පසුගියදා කිලිනොච්චියේදී මාධ්‍ය හමුවක් පවත්වමින් උතුරේ දෙමළ ජනතාවට යුක්තිය ඉ‍ටු කරන ලෙස ඉල්ලා සිටියේය.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදෙස් රටවල සිරවී සිටි තවත්, ශ්‍රී ලාංකිකයින් 423 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණ තිබෙනවා.

රංජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ලබන මාර්තු මස 16 දා තෙක් කිසිඳාු පියවරක් නොගන්නා ලෙස අභියාචනාධිකරණය පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද නියෝගයක් නිකුත් කර ඇත.

Connet With Us