subash

subash

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ සැකකරුවන්ට මේ මස අවසන් වීමට පෙර නඩු පවරන බව මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර පවසයි.

වත්මන් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා දීර්ඝ කාලයක් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කළේය. ඒ නිසාම නිල බලයෙන් ඔහු දිගු කලක් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජිකයෙක් ලෙස ද කටයුතු කර තිබේ. එසේම භාණ්ඩාගාරයට නිලධාරියකු ලෙස පැමිණීමට පෙර ඔහු සේවය කළේ මහ බැංකුවේය.

මෙම පත්වීමට අදාලව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ලිපිය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ගෙන් කළ විමසීමකදී, ජනාධිපතිවරයා විසින් එම පත්වීම අනුමතකර ඇති බව තහවුරු කර තිබේ.

පත්වීමට අදාල දැනුම්දීම ජනාධිපතිවරයා ගේ අත්සනින් යුතුව ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වෙත නිකුත්කර ඇතැයි එම නිලධාරියා සඳහන් කලේ. එසේම ඔහුට මෙම පත්වීම බාර ගන්න ලෙස ආරාධනා කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් බවයි වාර්තා වෙන්නේ.

note

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ "සෞභාග්‍යයේ දැක්ම " ජාතික ප්‍රථිපත්තියට අනුව අනුරාධපුර ගම්බිරිගස්වැව ගම්මානයේ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොවිඩ් මර්දන එන්නත සඳහා ලැබී තිබේ. ඒ අනුව සියලුම වර්ගයේ කොවිඩ් මර්දන එන්නත් ශ්‍රී ලංකාව තුළ භාවිතයට අවස්ථාව හිමිවී ඇති බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ දී පිළිස්සුම් තුවාල ලබා මියගිය දැරිය දීර්ඝ කාලයක සිට ලිංගික ප්‍රවේශයක් සිදුවී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

ගුරුවරුන්ගේ ගැටලු විසදීමට අධ්‍යාපන බලධාරීන්ට අවශ්‍යතාවක් නොමැති බව ලංකා ගුරු සංගමය චෝදනා කර තිබෙනවා.

අමෙරිකානු රජයේ ප්‍රදානයක් ලෙස මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් අද (16) දිනයේ මෙරටට ලැබී තිබේ. කොවැක්ස් පහසුකම යටතේ මෙම එන්නත් මාත්‍රා තොගය ශ්‍රී ලංකාවට ලැබෙන අතර මෙම එන්නත මෙරටට ලැබෙන පළමු අවස්ථාවද මෙයවේ.

කොළඹට උතුරින් පිහිටි කෙරවලපිටියේ මෙගාවොට් 350ක ගෑස් බලයෙන් ක්‍රියාකරන විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකාවේ එල්ටීඑල් සමාගම සමග එක් වූ බව එක්සත් ජනපදයේ ‘නිව් ෆෝට්රස් බලශක්ති සමාගම'(New Fortress Energy) පවසා තිබෙනවා.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ තවත් පොරොන්දුවක් ඉටුකරමින් පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන ඇරඹේ. එහි පළමු සරසවිය කෑගල්ල දිස්ත්‍රික්කයේ, පින්නවල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඉදිරි සති කිහිපය තුළදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

Connet With Us