subash
ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් පහත බැස තිබිය දී ආසාධාරණ ලෙස ඉහළ මිල ගණන් යටතේ එළවළු අලෙවි කිරීමේ නිරත ජංගම වෙළෙඳුන්ගේ බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (18) අළුයම දිවයිනෙන් පිටත්ව ගියේය.
මෙරටට පැමිණෙන්නන්ගේ පී.සී.ආර් ප්‍රතිඵල අනුව කඩිනමින් නිවෙස් වෙත !
විදේශගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර එම ප්‍රතිඵල අනුව පැය කිහිපයකින් තුළ ඔවුන්ව කඩිනමින් නිවෙස් කරා යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී තීරණය වි තිබෙනවා.
සත්ත්ව ආහාර අත්‍යාවශ්‍ය ආහාර ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණ !
සත්ත්ව ආහාර ද අත්‍යාවශ්‍ය ආහාර ලෙස ප්‍රකාශයට පත් කිරිමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් මෙරටට පරිත්‍යාග කිරීමට චීන රජය තීරණය කර තිබෙනවා.
කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණපා සිටින පෞද්ගලික බස්රථ 17,000ක් සඳහා සහන පැකේජයක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
දරුවන්ට උගන්වන ගුරුවරුන්ට තර්ජනය කරන්නන්ට දැඩිව නීතිය !
මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉගැන්වීම් සිදු කරන ගුරුවරුන්ට තර්ජන එල්ල කරන්නන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.
වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට රජය තීරණය කර තිබෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
කටුනායකට ප්‍රහාරයක් එල්ල කරන කතාවට බිය නොවන්න - ආරක්ෂක ලේකම්
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ප්‍රහාරයක් එල්ලවන බවට ගුවන් තොටුපොළ බලධාරීන්ට ලැබී ඇතැයි ප්‍රචාරය වන ව්‍යාජ විද්‍යුත් පණිවිඩ සම්බන්ධයෙන් ජනතාව කලබල වියයුතු නැති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.
දරුවන්ට උගන්වන ගුරුවරුන්ට වෘත්තිය සමිතිවලින් තර්ජන !
අපොස උසස්පෙළ විභාගය හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් භාර ගැනීම ඊයේ දිනයෙන් අවසන් වුණා. අපොස උසස්පෙළ විභාගය සදහා පාසල් අයදුම්කරුවන් 204984 දෙනෙකු ඉල්ලුම් කර තිබෙනවා. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සදහා අයදුම්පත් 243704 ක් යොමු කෙරුණා.
