subash

subash

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් සබා අල් හමාඩ් අල් සබා මහතා අතර හමුවක් නිව්යොර්ක් නුවරදි පවත්වා තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන කටයුතු ප්‍රමාද බවට විවිධ පාර්ශව සිදුකරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේපකරන බව මහජන ආරක්ෂණ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

විභාගය ප්‍රමාද වීම නිසා සිසු දරුවන් පත්ව ඇති අපහසුතාව සලකා බලා අ. පො. ස. උසස් පෙළ ඉල්ලුම් පත්‍ර ලබන 21 වැනිදා වන විට යොමුර අවසන් කිරීමට තම සංගමය තීරණය කර ඇතැයි විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය පවසයි.

 ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ඉතා ධනාත්මකව ශ්‍රී ලංකාවට ලබාදෙන බව එහි මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් (Antonio Guterres)  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරි මාස හයක කාලයක් සඳහා වන කෙටි කාලීන ආර්ථික ඉදිරි දැක්මක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ පිහිටුවා ඇති Siyolit (Pvt) Ltd නම් සමාගමක් මගින් ඉදිරියේදී SIYOLIT යන වෙළෙඳ නාමයෙන් ගෘහස්ත LP ගෑස් නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කිරීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබා දී විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කර ඇත.

k1k2

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ වැඩපිලිවෙල යටතේ දිවයින පුරා විවිධ ස්ථානවල සාර්ථක කාබනික පොහොර වගාවන් සිදුවන ආකාරය දැක ගැනීමට ලැබෙනවා.

එක්සත් රාජධානියේ කොවිඩ් රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කර තිබෙනවා.

කොවිඩ් 19 වෛරසයට එරෙහිව සුපිරි ප්‍රතිශක්තියක් සහිත දෙමුහුන් ප්‍රතිශක්තිකරණයක් මේ වන විට ලොව ඇතැම් පුද්ගලයන් තුළ බහුලව වර්ධනය වෙමින් ඇති බව ඇමරිකානු පරීක්ෂණයකින් තහවුරු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Connet With Us