ආර්ථිකයේ ඉදිරි දැක්ම ඔක්. 01 දා - හොඳම මහ බැංකු අධිපති කබ්රාල්

Published in පුවත්
Sunday, 19 September 2021 13:19

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරි මාස හයක කාලයක් සඳහා වන කෙටි කාලීන ආර්ථික ඉදිරි දැක්මක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

සිය ට්විටර් ගිණුම හරහා පණිවුඩයක් තබමින් අධිපතිවරයා හේ බව සඳහන් කර ඇත.

ඒ අනුව මේ වනවිටත් ඒ සඳහා සූදානමින් සිටින බවත්, මෙම ඉදිරි දැක්ම ලබන ඔක්තෝබර් 01 වැනිදා දියත් කිරීමට සැලසුම් කරන බවත් ඔහු පවසයි. මෙහිදී සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි එම ඉදිරි දැක්ම සකස් කිරීමට බලාපොරොත්තු වන බවත්, එහිදී ‘ අනිවාර්යයෙන් සිදු කළ යුතු වැඩ ලැයිස්තුවක්‘ සකස් කිරිම සිදු කරන බවත් ඔහු පවසයි.

සැප්තැම්බර් 15 වැනිදා ඒ මහතා මහ බැංකුවෙහි 16 වැනි අධිපතිවරයා ලෙස පත් වූ අතර, පසුගියදා ඒ මහතා මහ බැංකුවෙහි ප්‍රධාන නිලධාරීන් හමුවී මෙම වැඩපිළිවෙල පිළිබඳව සිය පළමු සාකච්ඡාව පවත්වා තිබේ.

මහ බැංකුව විසින් සෑම වසරකම පළමු සතියේදී එම වසරට අදාළ ඉදිරි දැක්ම ඉදිරිපත් කරන අතර, මේ වසර සඳහා වන ඉදිරි දැක්ම 2021 හිටපු මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් පසුගිය ජනවාරි මාසයේදී එළිදක්වන ලදි.

අද පවතින ආර්ථික අගාධය හමුවේ මහ බැංකුවට ගැළපෙනම කෙනා තමයි කබ්රාල් - හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ.විජේවර්ධන

අද රට මුහුණ දී සිටින ආර්ථික අගාධය සහ අහේනිය හමුවේ මහ බැංකුවේ අධිපති තනතුරට අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත්වීම අවශ්‍යම දෙයක් බව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය ඩබ්ලිව්.ඒ.විජේවර්ධන මහතා පවසයි.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා යළි මහබැංකු අධිපතිවරයා ලෙස පත් වීම ගැන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අදහස් දක්වමිනුයි විජේවර්ධන මහතා මේ බව කියාසිටියේ.

2007 වසරේ යුද්ධය පවතී සමයේ හමුදාවට ආයුධ මිලදී ගැනීමට මුදල නොතිබුණු තත්ත්වයක එදා අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රමුඛ මහ බැංකු නිලධාරීන් ෆයිනෑන්ෂියල් වෝ එකක් සිදුකර එම මුදල් ලබාදීමට කටයුතු කළ අතර එය කිරීමට නොහැකි වුවා නම් එදා ප්‍රභාකරන් වෙඩි තැබීමකින් තොරවම ඊළම ලබාගැනීමට ඉඩ තිබුණු බව හිටපු නියෝජ්‍ය අධිපතිවරයා සඳහන් කළේය.

තිරයෙන් පිටුපස සිට එලෙස විශාල වැඩ කොටසක් කිරීමට එදා හැකි වූ අතර අජිත් නිවාඩ් යනු මහ බැංකුව වැනි විවිධ මතිමතාන්තර දරන බුද්ධිමතුන් එකට ඒකරාශී කරගෙන එක ඉලක්කයකට යා හැකි පුද්ගලයෙක් බවද ඔහු ප්‍රකාශ කළේය.

''මම දැකපු දෙයක් තමයි එයා හරි ඉක්මණට ඕනෑම දෙයක් ඉගෙනගන්නවා. එතැනදී තමන් නොදන්නා දේ දන්නා ඕනෑම පුද්ගලයෙක්ගෙන් ඉගෙන ගන්න තිබෙන කැමැත්ත හරි වැදගත්.

එතුමා මහ බැංකුවට එද්දී තිබුණ චෝදනාව හරි. ඔහු මහ බැංකුව ගැනවත්,මුදල් ගැනවත් මුදල් මණ්ඩලය ගැනවත් සාර්ව ආර්ථිකය පිළිබඳවත් එතුමාට දැනුවත්කමක් තිබුණේ නැහැ. නමුත් මාස තුනක් ගතවෙනකොට එතුමා මේ හැමදේම පිළිබඳව විශාරදයෙක් බවට පත්වෙලා අපිටත් උපදෙස් දෙන තත්ත්වයට එතුමා පත්වුණා. එතුමා හොඳ කළමණාකාරවරයෙක්. මොකද මම කවදාවත් දැකල නැහැ එයාට කේන්ති යනවා. ගොඩක් වෙලාවට සිනාමුසු මුහුණින් තමයි අමතන්නේ. කාටවත් කේන්ති ගිහිල්ලා ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ කතා කරන්නේ නැහැ. මහ බැංකුව කියන ආයතනය බුද්ධිමතුන්ගෙන් සමන්විත ආයතනයක්. විවිධ මතිමතාන්තර දරන බුද්ධිමතුන් කණ්ඩායමක් එක්ක ඉලක්කයක් කරා ගෙනයාම සඳහා ඉතම දක්ෂ අන්දමින් එතුමා එතුමාගේ කාලය තුළ කටයුතු කළා.

මම ප්‍රධාන වශයෙන් එතුමාව විවේචනය කළ පුද්ගලයෙක්. නමුත් මාත් එක්ක එදා වගේම අදත් එතුමා මිත්‍රශීලියි. අදටත් අපි විවිධ විෂයන් ගැන කතා කරනවා. විවිධ මතිමතාන්තර දරන සමූහයක් එක ඉලක්කයක් කරා ගෙන යාමට අවශ්‍ය හැකියාව එතුමාට තියෙනවා.

එතුමාට ඉලක්කයක් දුන්නොත් දිවා රෑ වෙහෙස නොබලා ඒ වෙනුවෙන් කටයුතු කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි කුමක් හෝ දළ යෝජනාවක් කරන්න පුළුවන්න,මුත් ඒ යෝජනාව මහා විශාල ව්‍යාපෘතියක් බවට පත්කරලා එය සාක්ෂාත් කරගැනීම සඳහා එතුමා කැපවෙනවා. උදාහරණයක් ගත්තොත් අවුරුද්ද මුලදී හැම මහ බැංකු අධිපතිවරයෙක්ම රෝඩ් මැප් කියල එකක් ඉදිරිපත්කරනවා. වරක් මම ඕක ගැන එතුමාට කිව්වා මෙහෙමයි අපි මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියල. පස්සේ බැලුවහම ඒ අවුරුදේ ඉවරවෙද්දී වගේ එතුමා ආවා මහා විශාල රෝඩ් මැප් එකක් එක්ක. ඒක තමයි අදත් හැම මහ බැංකු අධිපතිවරයෙක්ම අනුගමනය කරන්නේ අවුරුද්ද මුලදී. බැංකුවල ඉන්න අයට,රටේ විදෙස් දූත මණ්ඩලවලට,ව්‍යාපරික ප්‍රජාවට,මහා බැංකුවේ අරමුණ මේකයි කටයුතු කරන්නේ මෙහෙමයි, පසුගිය අවුරුදේ කළේ මේකයි, එකේ ප්‍රතිඵල මේකයි කියල මැප් එක ඉදිරිපත් කරනවා. ඒක අධිපතිවරයෙකුගේ ආර්ථික විද්‍යාව පිළිබඳ දැනුම ගැන ප්‍රශ්නයක් නෙවෙයි ඒක කළමණාකාරීත්වය පිළිබඳ දක්ෂතාවය.ඒ හැකියාව ඔහුට තිබෙනවා.

මම එතුමත් එක්ක ළඟින් වැඩකරපු නිසා දන්නවා 2007 අවුරුද්දේ ලංකාවේ මහා විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. මොකද LTTE යුද්දේ කාලේ. අපිට ආයුධ ගන්න සල්ලි තිබුණේ නැහැ. සල්ලිත් තිබුණ නැතිවෙලාවේ අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රමුඛ අපි මහා බැංකුවේ ඇතුළේ ඉඳන් ෆයිනෑන්ෂියල් වෝ එක කරලා තමයි යුද්දෙට අවශ්‍ය මුදල් අපි ලබාදුන්නේ. ඒකට මහා විශාල කර්තව්‍ය කළා. ඒ දේ සිදු නොවුනා නම් ආයුධ නැතුව අපේ හමුදාවට යුද්ධ කරන්න වෙන්නේ. ප්‍රභාකරන් වෙඩි තියාගන්නේ නැතුවම මේ ඊළම ලබාගන්නවා. තිරය පිටුපස ඉඳල මේ කරපු සේවය බොහෝ දෙනා දන්නේ නැහැ.

අද ගත්තම මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කිව්වනේ මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය කියල. විශාල ණය කන්දක් තියෙනවා, රුපියල අවප්‍රමාණය වෙනවා,විදෙස් ණය ගන්න හැකියාවක් නැහැ. ඒ වගේම හැම පැත්තෙන්ම ආර්ථික අගාධයකට වගේම අද ආර්ථික අහේනියකට මුහුණ පාලා ඉන්නවා. එවැනි අවස්ථාවක අපිට ඇත්ත වශයෙන් අපට අවශ්‍ය වන්නේ මෙන්න මේ වගේ වැඩකරන්න පුළුවන් ප්‍රායෝගික, හැම දෙනාගේම සහයෝගය ලබාගැනීමට හැකියාව තිබෙන අධිපතිවරයෙක්.'' යනුවෙන් විජේවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us