Litro - Laugh එකමුතුවෙන් SIYOLIT ගෑස් ළඟදීම ! Featured

Published in පුවත්
Sunday, 19 September 2021 12:51

 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ පිහිටුවා ඇති Siyolit (Pvt) Ltd නම් සමාගමක් මගින් ඉදිරියේදී SIYOLIT යන වෙළෙඳ නාමයෙන් ගෘහස්ත LP ගෑස් නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කිරීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

 

පසුගියදා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් මේ පිළිබඳව කරුණු අනාවරණය කර තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි.

දැනටමත් මෙම Siyolit (Pvt) Ltd සමාගම ස්ථාපිත කර ඇති අතර, ඒ සඳහා සභාපතිවරයා ඇතුළුව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් අට දෙනෙකුද පත් කර තිබේ.

ඒ අනුව එහි සභාපතිවරයා ලෙස එල්.ඊ.එස් සිල්වා මහතා පත් කර තිබේ. එසේම මහාභාණ්ඩාගාරය නියෝජනය කරමින් අධ්‍යක්ෂවරයෙකු ලෙස පී.එස්.ඒ. කුමාර මහතාද පත් කර ඇත. එසේම දැනට මෙරට තුළ ගෘහස්ත LP ගෑස් ව්‍යාපාරයේ නිරත සමාගම් දෙක වන ලිට්‍රෝ ගෑස් ලංකා සහ ලාෆ්ස් ගැස් පීඑල්සී යන සමාගම් දෙකද මෙම නව සමාගම සඳහා ආයෝජනය කර ඇති අතර, එහිදී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් දෙදෙනකු බැගින් හතර දෙනෙකු එම සමාගම මගින් පත්ව ඇත.

ඒ අනුව ඩබ්ලිව්. එම්. එල්.සී. හපුආරච්චි, ඊ.කේ.පී. එදිරිසිංහ යන මහත්වරුන් ලිට්‍රෝ ගෑස් සමාගමෙන්ද, ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය සහ යූ.කේ.ටී.ඒ. ඩී සිල්වා යන මහත්වරුන් ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගමෙන්ද නියෝජිතයන් ලෙස අධ්‍යක්ෂ මණ්ලයට පත්ව තිබේ.

මේ අතර නව සමාගම ස්ථාපිත කිරීම සඳහා අරමුදල් සපයන මහජන බැංකුව නියෝජනය කරමින් කේ.එන්. සේනාරත්න මහත්මියද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස නම් කර තිබේ.

දැනට අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව මෙම Siyolit (Pvt)Ltd සමාගමෙහි කොටසක් රුපියල් 10 බැගින් මිල කෙරී ඇත. ඒ අනුව ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සමාගමට එහි කොටස් 750ක් එනම් 75%ක ප්‍රතිශතයක් හිමිව තිබේ. එසේම ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගම එහි කොටස් 249ක් හිමි අතර එය 24.99%ක ප්‍රතිශතයකි. ඉතිරි එක් කොටස ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහා භාණ්ඩාගාරය වෙත හිමිව ඇති අතර එය 0.01%ක ප්‍රතිශතයකි.

මෙම නව SIYOLIT වෙළෙඳ නාමය යටතේ LP ගෑස් නිෂ්පාදනයටත්, ආනයනය කර බෙදාහැරිමටත් කටයුතු යොදන බව බලශක්ති අමාත්‍යවරයා පවසා තිබේ. එහිදී දේශීය වෙළෙඳ පොළ වෙත තරගකාරී මිල ගණන් යටතේ පාරිභෝගිකයාට වඩාත් ප්‍රතිලාභලැබෙන ආකාරයෙන් එය සිදු වනු ඇතැයිද ඔහු අනාවරණය කර ඇත.

අද වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙරට LPG ගෑස් නිෂ්පාදනෙයන් 5%ක් සිදු කරන අතර, ඒවා ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් වෙත බෙදාහැරීම සඳහා අලෙවි කරයි. ඒ අනුව පිහිටුවා ඇති මෙම සමාගම හරහා ඉදිරියේදී එම නිෂ්පාදන අලෙවිය සහ බෙදාහැරීම සිදු කිරිම සැලසුම වී තිබේ.

 

enbsl

Last modified on Sunday, 19 September 2021 12:53

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us