පාස්කු වීමර්ශනයන් ගැන සෑහිමකට පත්වෙනවා - ආරක්ෂණ ඇමති

Published in පුවත්
Tuesday, 21 September 2021 09:16

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන කටයුතු ප්‍රමාද බවට විවිධ පාර්ශව සිදුකරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේපකරන බව මහජන ආරක්ෂණ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙරට සහ ලෝකයේ මෑතක සිදුවු ත්‍රස්ත ප්‍රහාරවලට අදාළව සිදුකළ පරික්ෂණවලට සාපෙක්ෂව වත්මන් රජය බලයට පත්වූ පසු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන කටයුතු වේගවත්ව සිදුකර ඇති බවය.

මේ වන විට පාස්කු ප්‍රහාරයට අදාළව මහාධිකරණ 05ක නඩු 09ක් පවරා ඇති බවත් 25 දෙනෙකුට අධිචෝදනා ගොනුකර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඊට අමතරව තවදුරටත් විමර්ශන සිදුකිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ද පත්කර ඇති අතර මෙම ප්‍රහාරයට අදාළව චෝදනා 23,700 මේ වන විට පවරා ඇත බවත් අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ වසර 2 1/2කට ආසන්න කාලයක් තුළ පාස්කු ප්‍රහාරය පිළිබඳව සිදුකර ඇති විමර්ශනයන් සෑහිමකට පත්විය හැකි තත්ත්වයක පවතින බවය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us