ජනපතිවරයා කුවේට්‌ අගමැතිගෙන් කළ ඉල්ලීම !

Published in පුවත්
Tuesday, 21 September 2021 09:25

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් සබා අල් හමාඩ් අල් සබා මහතා අතර හමුවක් නිව්යොර්ක් නුවරදි පවත්වා තිබේ.

දෙරට අතර පනස් වසරක සමීප සහ මිත්‍රශීලි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිහිපත් කළ නායක දෙපළ එම සබඳතා තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු බව මෙහිදී සඳහන් කර තිබුණි.

ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් කුවේට් රාජ්‍යයේ සේවය කරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පුහුණු ශ්‍රමිකයින් සඳහා තවදුරටත් අවස්ථාවන් විවෘතකර දෙන ලෙස මෙහිදී ඉල්ලීමක් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

කොවිඩ් වසංගතය පාලනය සහ රට තුළ සිදුකෙරෙන එන්නත්කරණ වැඩපිළිවෙල පිළිබඳව පෙන්වා දුන් ජනාධිපතිවරයා වසංගතය පහවගොස් ලෝකය විවෘතවීමත් සමග ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ හැකියාව පෙන්වා දුනි.

වරාය නගරය, සූර්ය හා සුළං බලශක්ති සහ පිරිපහදු ක්ෂේත්‍රයන් තුළ කුවේට් රාජ්‍යයට ඇති ආයෝජන අවස්ථා පිළිබඳව ද ජනාධිපතිවරයා කුවේට් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුකළේය.

ආහාර සුරක්ෂිතතාව, අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය සහ සයිබර් ආරක්ෂාව පිළිබඳව ද රාජ්‍ය නායකයන් අතර කථා බහට ලක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර එක්සත් ජාතීන්ගේ 76 වන මහ මණ්ඩල සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව අද (21) ආරම්භ වීමට නියමිතය.

කොවිඩ් වෛරසයෙන් සුවය ලබාගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින්, ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරුකිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණගැන්වීම යන තේමාව යටතේ මෙවර එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ආරම්භ වීමට නියමිතය.

සමුළුවට සහභාගී වීම සඳහා රටවල් රැසක රාජ්‍ය නායකයින් මේ වන විට අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට පැමිණ සිටින බව වාර්තා වේ.

රාජ්‍ය නායක සමුළුවේ දෙවන දින වන හෙට (22) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දේශනය සිදුකිරීමට නියමිතව තිබේ.

23 වන දින පැවැත්වෙන ආහාර පද්ධති සමුළුවේදී සහ 24 වනදා පැවැත්වෙන බලශක්තිය පිළිබඳව ඉහළ මට්ටමේ සංවාදයේදී ද ජනාධිපතිවරයා අදහස් දැක්වීමට නියමිතය.

සැසිවාරය අතරතුර දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

-දෙරණ

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us