subash

subash

හරිත කෘෂිකර්මාන්තයක් මෙරට ස්ථාපනය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවා තිබේ.ඊට අදාල ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.

දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා 21 වන බ්‍රහස්පතින්දා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරේ. ලබන 19 සහ 20 දිනවල යෙදී ඇති නිවාඩු දින සමග දීර්ඝ සති අන්තයක් යෙදී ඇති බැවින් සියලුම පළාත් මායිම්වලදී ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂාවට ලක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක අංශවලට නියෝග කළේය.

මිල්කෝ ආයතනය හයිලන්ඩ් කිරිපිටි මිල ගණන් සංශෝධනය කර තිබේ.

සංජීව පුෂ්පකුමාර සෑමවිටම ප්‍රේක්ෂක අවධානයට ලක්වන සිනමා නිර්මාණවල කර්තෘත්වය හිමි සම්මානනීය සිනමා කරුවෙකි. සංජීවගේ අලූත්ම සිනමාපටය වන ‘ආසු 34’ වන ටෝකියෝ සිනමා උළෙල නියෝජනය කිරීමට සුදුසුකම් ලැබ තිබියදී ඔහුගේ සිනමා භාවිතය ගැන කළ කෙටි කතාබහකි මේ.

බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 දක්වා ඉහළ යා හැකි බව රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින් මහතා පෙරේදා (13) රුසියානු බලශක්ති සතියේ පැවති ව්‍යාපාරික ප්‍රවෘත්ති සහ මූල්‍ය වෙළෙඳපොළ ආවරණය පිළිබඳ ලොව ප්‍රමුඛ සීඑන්බීසී හමුවේ පැවසීය.

ලබන 21 දා පාසල් ආරම්භ කරන විට සිය කැමැත්තෙන් පාසල් එන ගුරුවරුවරුන්ට සම්පූර්ණ ආරක්ෂාව දෙන බව මහජන ආරක්ෂක ඇමැති ආචාර්ය සරත් වීරසේකර මහතා ඊයේ (14) අවධාරණය කළේය.

ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් සකස් කළ නව ක්‍රමවේද පිළිබඳ උපදෙස් අඩංගු “ඉදිකිරීම් කර්මාන්ත සඳහා භාවිතා කරන ඛනිජ කැණීම්, ප්‍රවාහනය සහ වෙළඳාම පිළිබඳ කාර්ය සංග්‍රහය”ට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව යෝජනා කර ඇති පරිදි දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරීන් හා වෙනත් නිලධාරීන් වෙත අවශ්‍ය බලතල පවරා දීමටත් ඔවුන්ට අවශ්‍ය නීතිමය ලියවිලි ලබාදීමටත් පියවර ගත යුතු බවත්

මෙරටට ආර්ථික හා සමාජයීය ප්‍රතිලාභයක් ගෙන ඒමට සමත් අක්කර 400 ක නව විශේෂිත රෙදිපිළි නිෂ්පාදන කලාපයකට පසුගියදා (11) පෙරවරුවේදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතා‍ගේ සභාපතීත්වයෙන් පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනුමැතිය හිමිවිය.

සෑම ගමකින්ම අන්තර්ජාලය සමඟ ගනුදෙනු කරන නව ව්‍යවසායකයෙකු බිහිකිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ලබන වසරේ සිට ආරම්භ කරන බවත් තරුණ පිරිස ගම ගොඩනගන වැඩපිළිවෙලට දායකත්වය ලබාදීමෙන් රට මුහුණ දී සිටින දුෂ්කර තත්වයෙන් ඉතා ඉක්මණින් මිදීමේ හැකියාව ඇති බවත් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ තිරුක්කෝවිල් උදයසූරියම් ක්‍රීඩා සමාජයේ වොලිබෝල් ක්‍රීඩාංගණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පවසා තිබිණි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට රාජ්‍ය ආයතන තුනක් රුපියල් කෝටි 15,400ක් (බිලියන 154) ණය බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ඩී. ආර්. ඔල්ගා ප්‍රකාශ කරයි.

Connet With Us