subash
විශ්වවිද්‍යාල සිසුන් සඳහා කොරෝනා එන්නත් ලබාදීම සියළුම විශ්වවිද්‍යාලවලදී අද ආරම්භ වුණා. එය ලබන 15 වනදා දක්වා සිදු කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කර තිබේ.
තිරිඟු පිටි මිලත් සමාගම් තීරණය කරයි. යළි රුපියල් 10 කින් ඉහළට
තිරිඟු පිටි මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට ප්‍රධාන තිරිඟු පිටි ආනයනික සමාගම වන ප්‍රීමා සමාගම ඇතුළු සෙසු සමාගම් තීරණය කර ඇති බව ප්‍රීමා සමාගමේ නිලධාරියකු පැවැසීය.
ප්‍රවාහනය කරමින් තිබූ කහ කිලෝග්‍රෑම් 1150ක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 54 සේනාංකයට අයත් 7වන විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් මන්නාරමේදී අද (11) උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී.
ලාෆ් ගෑස් සමාගම ද ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ගණන් ඉහළ දමා තිබේ.
දෙසැම්බරයේදී විවෘත වන දකුණු ආසියාවේ ජගත් මුවදොර – කොළඹ වරාය නගරය
පෞද්ගලිකව මෙන් මරටක් වශයෙන් ගත් කල ආර්ථික සමෘද්ධිය යනු යහපත් ජීවන තත්ත්වයක ප්‍රධාන අංගය වන අතර ලෝක ආර්ථිකය තුළ ජාතියක් වශයෙන් තරඟකාරී වීම සඳහා ද එය අත්‍යවශ්‍යවේ. ලෝක ආර්ථිකයත් සමග උරෙනුර ගැටීම සඳහා ඍජු විදේශ ආයෝජන තුළින් නව ඩොලර් ප්‍රවාහ රට තුළට ලබා ගැනීමකෙරෙහි මෙරට ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ ප්‍රධාන අවධානය යොමු වී තිබේ.
ලොවපුරා ඉන්ධන හිඟයක්. ප්‍රබල රටවල් කිහිපයක විදුලි සැපයුමත් ඇණ හිටියි
ඉන්ධන හිඟකම නිසා ලෙබනනයේ ප්‍රධාන විදුලි බලාගාර දෙක සිය විදුලි උත්පාදන නවතාලීම හේතුවෙන් මිලියන 06 කට ලෙබනන් වැසියන්ට විදුලි බලය ඇණ හිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
අවුරුදු 18 -19 වයස් කාණ්ඩයේ පාසල් ළමුන් එන්නත් කිරීම 21 වන බ්‍රහස්පතින්දා සිට ආරම්භ කිරීමට තීරණය කෙරේ. ඉගෙනුම ලබන පාසලේදීම එන්නත් ලබාගැනීමට සියලු දරුවන්ට අවස්ථාව සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දෙනු ලැබිණ.
සිමෙන්ති, කිරිපිටි, තිරිඟු පිටි සහ ගෑස් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත්කිරීමට රජය තීරණය කර තිබේ.
ඉදිරි මාස කීහිපය තුළ ලංකාවේ ආර්ථිකය ඉහළටම ගෙන යන බවට කබ්රාල්ගෙන් පොරොන්දුවක් !
ඉදිරි මාස කීපය තුළ ලෝකෙ රටවල් කුමන පසුබෑමකට ලක්වුවද ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉහළට රැගෙන යන බවට සහතික වන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.
අපොස උසස් පෙළ විභාගය සහ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය නියම කරගත් දිනවල පැවැත්වීමට නොහැකිවී ඇති බව අද නිවේදනය කෙරුණා. එම විභාග පැවැත්වෙන දින පසුව දැනුම්දීමට නියමිතයි.
