subash

subash

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයින පුරා රජයේ රෝහල්වල පළාත් මට්ටමින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය අද (03) උතුරු පළාතේ රෝහල්වල ක්‍රියාත්මක කෙරෙයි.

මෙරට ආර්ථිකය වෙනුවෙන් සුවිශේෂ දායකත්වයක් ලබාදුන් කඳුකර දමිළ ජනතාව වෙනස් ප්‍රජාවක් ලෙස නොසලකා එම ජනතාව සම්පූර්ණයෙන් ශ්‍රී ලංකා සමාජයට ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

මෙරට මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු ආකාරය ගැන සොයා බැලීමට හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ගේ සභාපතිත්වයෙන් පත් කළ ජනාධිපති කොමිසමේ බලතල වැඩි කරන ගැසට් නිවේදනය අද (03දා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

බංග්ලාදේශ රජයෙන් මෙරටට ඇමරිකානු ඩොලර් 58000 ක් වටිනා ඖෂධ ආධාර තොගයක් ඉදිරි සතිය තුළ දී ලැබීමට නියමිත බව වාර්තා වේ. එම ඖෂධ අතර පිළිකා හා වකුගඩු සදහා අවශ්‍ය ඖෂධ මෙන්ම තවත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 54 ක් ඇති බවත් සදහන්.

ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ විභාගය දෙසැම්බර් මස පළමු සතියේ දී පවත්වා, මාස තුනක් ඇතුළත පත්වීම් දී අවසන් කරන බව අගමැති දිනේෂ් ගුණවර්ධන පවසා තිබේ.

පාසල් දරුවන් අතර කෘෂභාවය සහ අධිබර වැඩි වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යංශය නිවේදනය කර තිබේ.

චෙක් ජනරජය සහ ශ්‍රී ලංකාව අතර සත්ව හුවමාරු යෝජනා ක්‍රමය යටතේ කැපිබරා Capybaras යුවලක් ශ්‍රී ලංකාව වෙත ලබා දී ඇත.

වැට් බද්ද 18%කින් වැඩි කිරීමට ගත් තීන්දුව තමා හෝ ඇමති මණ්ඩලය කැමැත්තෙන් ගනු ලැබූවක් නොවන නමුත් එය රටේ ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් ගත යුතුව තිබු තීන්දුවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.

ඉන්දුනීසියාවේ තිමෝර් දිවයිනේ අද (02) අලුයම 5:04 ට පමණ රික්ටර් මාපකයේ 6.6 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගවර්ස් කෝපරේට් සමාගමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සියලු විත්තිකරුවන්, සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

Connet With Us