subash

subash

අමාත්‍යවරුන්ට හිමිවූ අසීමිත බලය වගකීමෙන් හැසිරවිය යුතු බවත් ලැබු ජයග්‍රහණය විශාල වගේම ජයග්‍රහණය විසින් තමන් වෙත පවරා ඇති වගකීමේ බර ඒ හා සමාන බවද ඒ වෙනුවෙන් එකට වැඩ කළ යුතු බවත් ජනාධිපතිවරයා පවසයි.

නව පාර්ලිමේන්තුවේ වෛද්‍යවරු 16 කි. ගුරුවරු 24 කි. නීතිඥයෝ 17 කි. බොහෝ විට ඊටත් වඩා වැඩි විය හැකිය. වෘත්තිකයෝ ද, පූර්ණ කාලීනයෝ ද පිරී ඇත.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ වල කිසිදු අනුමැතියකින්‌ තොරව අත්නෝමතික ආකාරයකට බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක හිටපු ජනාධිපති රනිල්‌ වික්‍රමසිංහ මහතා එම පෙරමුණේ නියෝජිතයන්ට දැනුම්‌ දී ඇත.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාව නම් කර තිබේ.

මහ මැතිවරණයේ ප්‍රතිඵලයට අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නායකත්වය දෙන ලද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හෙවත් සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක හිටපු බල ශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර හා හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරවලට පත්කිරීම සඳහා අද (18) උදෙසන පැවැති සාකච්ඡාවකදී යෝජනා වු අතර එම යෝජානවට බහුතර කැමැත්ත පලකර ඇති බව මල් පාර කාරියාලයේ ආරංචි මාර්ග පවසනවා.

පසුගියදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කළේය.

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් ප්‍රථමයෙන් මහ බැංකු නිලධාරීන් මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

මැතිවරණ කොමිසම මෙම මස 27 වන දින යළි රැස්වීමට නියමිත බව වාර්තා වේ.

දිවයිනේ සහල් හිඟය උත්සන්න වෙමින් පවතින බවට තොරතුරු අනාවරණය වේ. නාඩු ඇතුළු සහල් වර්ග රැසක පවතින හිඟය හේතුවෙන් ඇතැම් සුපිරි වෙළෙඳසල්වලින් පාරිභෝගික ජනතාවට නිකුත් කරන සහල් ප්‍රමාණය සීමා කර ඇත.

Connet With Us