නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය Featured

Published in පුවත්
Monday, 18 November 2024 10:44

අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කළේය.

ඒ අනුව පළමුවෙන්ම අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුනි.

ඒ අනුව නව අමාත්‍ය මණ්ඩලය පහතින් දැක්වේ.

01. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය - අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය

02. විජිත හේරත් - විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය

03. මහාචාර්ය චන්දන අබේරත්න - රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය

04. නීතිඥ හර්ෂණ නානායක්කාර - අධිකර හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය

05. සරෝජා සාවිත්‍රි පෝල්රාජ් - කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය

06. කේ.ඩී. ලාල්කාන්ත - කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය

08. රාමලිංගම් චන්ද්‍රසේකරන් - ධීවර, ඡලජ සහ සාගර සම්පත් අමාත්‍ය

09. මහාචාර්ය උපාලි පන්නලගේ - ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජාව සවිබලගැන්වීමේ අමාත්‍ය

10. සුනිල් හඳුන්නෙත්ති - කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය

11. ආනන්ද විජේපාල - මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය

12. බිමල් රත්නායක - ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය

13. මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි - බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය

14. වෛද්‍ය නලින්ද ජයතිස්ස - සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය

15. සමන්ත විද්‍යාරත්න - වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය

16. සුනිල් කුමාර ගමගේ - තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය

17. වසන්ත සමරසිංහ - වෙළෙ ඳ, වානිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය

18. මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන - විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය

19. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු - කම්කරු අමාත්‍ය 

20. ඉංජිනේරු කුමාර ජයකොඩි - බලශක්ති අමාත්‍ය

21. වෛද්‍ය ධම්මික පටබැඳි - පරිසර අමාත්‍ය

 

අමාත්‍යාංශ තුනක්‌ ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත්‌ කරගෙන තිබේ.


ආරක්ෂක ,මුදල්‌ සැලසුම්‌ සහ ආර්ථික සංවර්ධන,ඩිජිටල්‌ ආර්ථික යන අමාත්‍යාංශ ජනපති අනුර දිසානායක මහතා යටතේ පවතියි.ඒ
අනුව නව රජයේ අමාත්‍ය මණ්ඩලයේ ජනපති සමග 22කි.

Last modified on Monday, 18 November 2024 15:14

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us