IMFනියෝජිතයින් අද මහ බැංකු නිලධාරීන් සමග සාකච්ඡාවක්

Published in පුවත්
Monday, 18 November 2024 09:41

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් ප්‍රථමයෙන් මහ බැංකු නිලධාරීන් මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව එම නියෝජිතයින් පිරිස බොහෝදුරට අද (18) දිනයේ දී මහ බැංකු නියෝජිතයින් මුණ ගැසී සාකච්ඡා කරනු ඇත.

කෙසේවෙතත් අදාළ සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපතිවරයා ඇතුළු නව රජයේ මැතිඇමතිවරුන් මුණ ගැසීමට ද එම කණ්ඩායම සැලසුම් කර තිබේ.

අදාළ සාකච්ඡාව අවසානයේ ඔවුන් මාධ්‍ය හමුවක් කැඳවමින් විස්ථීරණ ණය පහසුකමේ තෙවන සමාලෝචනයට අදාළ ප්‍රගතිය පිළිබඳව දැනුම්දීමට නියමිතය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ තෙවන සමාලෝචනය සඳහා එහි නියෝජිතයින් පිරිසක් ඊයේ (17) දිවයිනට පැමිණියේය.

මෙම සංචාරයෙන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ සිව්වන වාරිකය මෙරටට නිදහස් කිරීමට නියමිතය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් සිව් අවුරුදු විස්තීරණ ණය පහසුකම යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදලක් මෙරටට මුදා හැරීමට නියමිතව තිබේ.

ඒ අනුව එහි පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 333ක් පසුගිය වසරේ මාර්තු මස 21වන දිනත් අමෙරිකානු ඩොලර් මිලියන 337ක් දෙසැම්බර් මස 13වන දිනත් මෙරටට මුදාහරිනු ලැබීය.

තුන්වන වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 336ක් මෙම වසරේ ජුනි මස 12 වනදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් මෙරටට ලබා දීමට පියවර ගෙන තිබුණි.

-p.m

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us