subash

subash

මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ යුධ හමුදා කඳවුරක සෙබළුන් පිරිසකට උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් කඳවුරේ සෙබළුන් කඳවුර තුළම නිරෝධායනය කිරීමට කටයුතු කොට ඇති බව මන්නාරම සෞඛ්‍ය අංශ පවසති.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය සඳහා සමගි ජන බලවේගයෙන් නම් කිහිපයක් ඉදිරිපත් වී තිබේ.

කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ශ්‍රීලන්කන් ගුවන් යානා කිහිපයක ඇති වු තාක්ෂණික දෝෂ හේතුවෙන් ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබේ.‍

නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (18) දිවුරුම් දීමට නියමිතව තිබේ.

අදත් තද වැසි

Published in පුවත්
Monday, 18 November 2024 07:40

අද (18) දිනයේ උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වර්තමාන ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ඓතිහාසික ජයග්‍රහණයක් ලබා තිබීම ශ්‍රී ලංකාවට විශේෂ අවස්ථාවක් බවත් එමෙන්ම කැබිනට් මණ්ඩලයට දකුණේ පක්ෂ නියෝජනය කරමින් උතුරු පළාතේ ඇමතිවරුන් පත් කිරීමට හැකියාවක් ලැබීම ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිදිනක අපිට ඉටුකර ගැනීමට නොහැකි වූ කාරණයක් වර්තමාන ජනාධිපතිතුමත්, මේ බලයට පත්වන ආණ්ඩුවත් ලැබු ජයග්‍රහණය බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

චීන ජනාධිපති ෂී ජින්පිං හා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් හමුවෙයි. ඒ ඊයේ (16) පේරු රාජ්‍යයේ, ලීමා නගරයේ දී.

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා එදා විපක්ෂ දේශපාලඥයෙකු ලෙස ප්‍රකාශ කළ පරිදි ම,පැවති දේශපාලන බලවේග, තුනෙන් දෙකක බලය භාවිත කරමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිති කඩ කරන නීති සම්පාදනය කළ ආකාරය අමතක නොකරන ලෙස වත්මන් රජයට ද සිහිපත් කරන බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුනේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන සහ හිටපු ඇමැති රවී කරුණානායක පත් කිරීමට තීරණය කර තිබේ.

10 වන පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන් අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි කිරීමේ කටයුතු අද (17) සිට ලබන 20 වැනිදා දක්වා සිදු කිරීමට නියමිතව තිබේ.

Connet With Us