අලුත් ආණ්ඩුවට සජිත් ගෙන් සුබපැතුම් Featured

Published in පුවත්
Sunday, 17 November 2024 10:33

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා එදා විපක්ෂ දේශපාලඥයෙකු ලෙස ප්‍රකාශ කළ පරිදි ම,පැවති දේශපාලන බලවේග, තුනෙන් දෙකක බලය භාවිත කරමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිති කඩ කරන නීති සම්පාදනය කළ ආකාරය අමතක නොකරන ලෙස වත්මන් රජයට ද සිහිපත් කරන බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර තිබුණේ මෙවර මහා මැතිවරණය ජයග්‍රහණය කළ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ නව ආණ්ඩුව වෙත සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමිනි.

මාලිමා පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි මෙරට ලක්ෂ 220ක ජනතාව වෙනුවෙන් ‘‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’’ ගොඩනැගීමට හැකියාව සමගි ජන බලවේගය ලෙස ප්‍රාර්ථනා කරන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර ඇත.

මතු දැක්වෙන්නේ එම නිවේදනය යි.

ගරු සරු රටක් වෙනුවෙන් කැපවෙමු

ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 10වන පාර්ලිමේන්තුව සඳහා මහජන නියෝජිතයන් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවති මහ මැතිවරණයේ දී බහුතර ආසන ප්‍රමාණයක් ලබා ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ, ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට අපගේ අවංක සුබ පැතුම් එක් කර සිටින්නෙමු.

ඒ අනුව ශ්‍රී ලාංකීය ජනතාව බලාපොරොත්තු වන යහපත් රාජ්‍ය පාලනයක් සඳහාත්, ජනතාවගේ සිතුම් පැතුම් ඉටුවන දේශයක් ගොඩනැගීම සඳහාත් අවශ්‍ය ශක්තිය, වත්මන් පාලනයට නොඅඩුව ලැබී තිබේ. ඒ මගින් රටක් ලෙස අප මේ මොහොතේ මුහුණ දී සිටින දුෂ්කරතා ජය ගැනීමේ හැකියාව වත්මන් පාලනයට උදාවනු ඇත.

ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ, මෙරට ජනතාවට ලබාදුන් පොරොන්දු මත පිහිටා සිය ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ තම ධුර කාලය තුළ සාර්ථකව ඉටු කිරීම තමන් සතු අභියෝගය ලෙස ඔවුන් වටහාගෙන ඇති බව අපගේ විශ්වාසයයි. එමගින් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබූ ලෙසට ම, ‘‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’’මෙරට ලක්ෂ 220ක ජනතාව වෙනුවෙන් ගොඩනැගීමට හැකියාව උදාවේවායි සමගි ජන බලවේගය ලෙස අපි ප්‍රාර්ථනා කර සිටින්නෙමු...!

එමෙන්ම, මෙරට ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂය වන සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් ප්‍රජාතන්ත්‍රවාදය මූලික කර ගත් සියලු පුරවැසි අයිති සුරැකෙන, සමාජ සාධාරණත්වය සුරක්ෂිත වන යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබාදිය හැකි උපරිම සහය ලබාදීමට සූදානම් බව ද අවධාරණය කර සිටින්නෙමු.

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා එදා විපක්ෂ දේශපාලඥයෙකු ලෙස ප්‍රකාශ කළ පරිදි ම, පැවති දේශපාලන බලවේග, තුනෙන් දෙකක බලය භාවිත කරමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිති කඩ කරන නීති සම්පාදනය කළ ආකාරය අමතක නොකරන ලෙස අපි වත්මන් රජයට ද සිහිපත් කරන්නෙමු.

මෙම තීරණාත්මක මැතිවරණයේ දී, සමගි ජන බලවේගය වෙනුවෙන් ඡන්ද 1,968,716 ලබාදී, පාර්ලිමේන්තු ආසන 40 ක් දිනා දෙමින් පක්ෂයේ ප්‍රතිපත්ති, වැඩපිළිවෙළ සහ නායකත්වය විශ්වාස කළ ජනතාවටත්, පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් නන් අයුරින් උරදුන් සියලු පාර්ශ්ව වෙතටත් මා ඇතුළු සමගි ජන සන්ධාන කණ්ඩායමේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටින්නෙමු.

ගරු සරු රටක් වෙනුවෙන් අවැසි දේශපාලන න්‍යාය පත්‍ර සැකසූ අපි, සමගි ජන බලවේගය ලෙසින් හෙට දිනයේදීත් මේ රටේ දරුවන් ප්‍රමුඛව, සියලු පුරුවැසියන්ගේත්, රටේත් අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් උත්තම ප්‍රජාතන්ත්‍රවාදී හර පද්ධති රැක ගැනීමේ මෙහෙවර වෙනුවෙන්, දැඩි අධිෂ්ඨානයෙන් යුතුව කැපවන බව ලක්වාසී සියලු පුරවැසියන් වෙත අවධාරණය කරන්නෙමු.

විශ්වය තුළ ශ්‍රී ලාංකීය අනන්‍යතාව විශිෂ්ට ලෙස තහවුරු කිරීම සඳහා අපි එක්ව පියවර තබමු.

සජිත් ප්‍රේමදාස
නායක,
සමගි ජන බලවේගය/ සමගි ජන සන්ධානය

 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us