අපිට කරගන්න බැරි වුණ කාරණයක් වර්තමාන ජනාධිපතිතුමා කළා - වජිර  

Published in පුවත්
Sunday, 17 November 2024 22:19

වර්තමාන ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ඓතිහාසික ජයග්‍රහණයක් ලබා තිබීම ශ්‍රී ලංකාවට විශේෂ අවස්ථාවක් බවත් එමෙන්ම කැබිනට් මණ්ඩලයට දකුණේ පක්ෂ නියෝජනය කරමින් උතුරු පළාතේ ඇමතිවරුන් පත් කිරීමට හැකියාවක් ලැබීම ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිදිනක අපිට ඉටුකර ගැනීමට නොහැකි වූ කාරණයක් වර්තමාන ජනාධිපතිතුමත්, මේ බලයට පත්වන ආණ්ඩුවත් ලැබු ජයග්‍රහණය බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන,

“වර්තමාන ආණඩුවේ යම් යම් අවස්ථාවල ඔවුන් විසින් ප්‍රකාශ කරන ලද කරුණු සමත් කර ගැනීමට අපොහොසත් වන අවස්ථාවේදී ප්‍රජාතන්ත්‍රවාදීව එක්සත් ජාතික පක්ෂය ඒ සඳහා ක්‍රියාකිරීමට පෙළ ගැසෙමින් සිටිනවා.

ඒ වගේම අපි කල්පනා කරලා බැලුවොත් අපි මේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්වුණේ දේශපාලන පක්ෂ ගණනාවකින් සමන්විත විවිධ කණ්ඩායම් නියෝජනයක් සමගයි. මේ තරඟ වැඳීම තුළ අපි කාරණා දෙකක් මතක තබා ගත යුතුයි. එකක් තමයි රටේජනතාව විශාල වශයෙන් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිට තිබෙනවා. අති විශාල පිරිසක් ප්‍රධාන වශයෙන්ම පරාජ්‍ය වූ දේශපාලන පක්ෂ වලට සම්බන්ධ සාමාජිකයින්.

ඔවුන් බලාපොරොත්තුවෙන යම් යම් කාරණා තිබෙන්න පුලුවන්. ඒ වගේම වර්තමාන ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ඓතිහාසික ජයග්‍රහණයක් ලබා තිබෙනවා. ඒ ගැන අපේ ප්‍රශංසාව අපි පුදකර සිටිනවා. ඒ වගේම මෙය ශ්‍රී ලංකාවට විශේෂ අවස්ථාවක්. ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිදිනක අපිට ඉටුකර ගැනීමට නොහැකි වූ කාරණයක් වර්තමාන ජනාධිපතිතුමත්, මේ බලයට පත්වන ආණ්ඩුවත් ජයග්‍රහණයක් ලබා තිබෙනවා. ඒ ගැන අපි ශ්‍රී ලාංකිකයින් හැටියට සතුටු විය යුතුව තිබෙනවා.

උදාහරණයක් විදිහට ගත්තම නිදහසින් පස්සේ ඩී. එස්. සේනානායක මැතිතුමන්ගෙන් පස්සේ විවිධ අවස්ථාවල ද්‍රවිඩ නායකයින් කැබිනට් මණ්ඩලය නියෝජනය කළත් ඒ නියෝජනය කළ කැබිනට් මණ්ඩලයේ ද්‍රවිඩ නායකයින් ඔවුන්ට ආවේණික වූ පක්ෂවලින් ජයග්‍රහණය කර නියෝජනය කිරීම තමයි සිදුවී තිබුණේ. ඒ කියන්නේ පසුගිය රජයේ ඩග්ලස් දේවානන්ද මැතිතුමා කැබිනට් එක නියෝජනය කළත් දකුණේ දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් නෙමෙයි ඔහු කැබිනට් අමාත්‍ය ධූරයේ වැඩකටයුතු සිදුකළේ.

ඒ නිසා තමයි මෙය විශේෂ අවස්ථාවක් කියලා මම කිව්වේ. දකුණේ දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් උතුරෙත් නැගෙනහිරත්, විවිධ දේශපාලන පක්ෂ විවිධ බලවේග සමගින් ක්‍රියා කරමින් සිටියදී දකුණේ දේශපාලන පක්ෂයක් කෙරෙහි විශ්වාසය තබලා විශේෂ ජයග්‍රහණයක් ලබා තිබෙන්නේ. එවිට ඔවුනුත් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් හැටියට පැමිණෙයි. එය ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකිකයින් හැටියට ලැබූ ජයග්‍රහණයක් හැටියටයි අපි දකින්නේ. එයට විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය අපේ සතුට පළකර සිටිනවා. මොකද මේ රටේ ශ්‍රී ලාංකිකයින් හැටියට අපිට යම් යම් අවස්ථාවලදී එකඟතාවයන්ට පැමිණෙන්න තිබෙනවා.

දැන් කෙසේ හෝ වර්තමාන ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට විශාල බලාපොරොත්තු ප්‍රමාණයක් එහෙම නැතිනම් විශාල වෙනස්කම් ප්‍රමාණයක් තිබෙනවා. දැන් ඔවුන්ට කියන්න බැහැ එය ඉටු කරන්න බැහැ කියලා. බලය කියන්නේ මහා ශක්තිමත් අවියක්. ඒ ශක්තිමත් අවිය කෙසේද ශ්‍රී ලාංකික දෙකෝටි විසි ලක්ෂයක් මහජනතාවගේ යහපත සඳහා යොදවන්නේ කියන අභියෝගය මේ මොහොතේ සිට වර්තමාන ජනාධිපතිවරයාටත් රජයටත් තිබෙනවා.

අපි විශ්වාස කරන දේශපාලන දර්ශනයට අනුව වර්තමාන රජය ආර්ථික වශයෙන් ඒ වගේම දේශීය වශයෙන් සහ විදේශීය වශයෙන් ඔවුන් භාරගත් අභීයෝග ජයග්‍රහණය කළ යුතුව තිබෙනවා. අපි ඒ සඳහා ඔවුන්ට බාධා නොකළ යුතුයි ශ්‍රී ලාංකික මහජනතාව හැටියට. අපි ශ්‍රී ලාංකිකයින් හැටියට බලා සිටිය යුතුයි ඔවුන් දුන් බලාපොරොත්තු ප්‍රමාණය කෙසේද ශ්‍රී ලාංකික මහජනතාවට ලබාදෙන්නේ කියලා.

 

 

(මුලාශ්‍රය - ada.lk)

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us