subash

subash

සියලුම අස්වැසුම ප්‍රතිලාභීන්ට අද (12දා) සිට තමාට හිමි නොවැම්බර් මස ප්‍රතිලාභ මුදල ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පවසයි.

අනුරාධපුර අධිකරණ සංකීර්ණයේ අධිකරණ කිහිපයක නඩුවලට පෙනී සිටින ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරයකු, හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරමින් බන්ධනාගාර රැඳවියන්ට හෙරොයින් ඇතුළු නීති විරෝධී ද්‍රව්‍ය ලබාදෙන බවට ලැබුණු තොරතුරකට අනුව අත් අඩංගුවට ගෙන තිබේ.

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අද (12) දිනයේදී අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රමාදවීම් සම්බන්ධයෙන් ක්ෂණිකව මගීන් දැනුම්වත් කිරීමට විශේෂ සම්බන්ධීකරණ ඒකකයක් පිහිටුවන ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා ඇමැති විජිත හේරත් මහතා උපදෙස් දී තිබේ.

මැතිවරණ රාජකාරි අතරේ පොලිස් ස්ථානාධිපතිවරුන්ට සතියේ දවස් පහම උදෑසන 6.30 සිට රථවාහන අධිපැය රාජකාරි ලෙස මහමග රැඳී සිටින ලෙසටත්, කසිප්පු වැටලීම් ඇතුළු පහළ ශ්‍රේණියේ නිලධාරීන් කරන සියලු රාජකාරි කරන ලෙසටත් පොලිස් මූලස්ථානය නිකුත් කළ චක්‍රලේඛයක් නිසා ස්ථානාධිපතිවරුන් දැඩි ආතතියට පත්ව ඇතැයි වාර්තා වනවා.

මහ මැතිවරණය හේතුවෙන් දිවයින පුරා පිහිටි සුරාසල් මේ මස 14 සහ 15 දෙදින වසා තැබීමට නියමිතය.

වෙළෙඳපොළේ පවතින ඇතැම් සහල් වර්ගවල හිඟය සහ අධික මිල හේතුවෙන් මේ වනවිට සහල් අලෙවිය 50%කින් පමණ පහළ වැටී ඇති බව මරදගහමුල සහල් ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි.

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර මධ්‍යම, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන් වේ.

මෙල්කෝ රිසෝට්ස් සහ දේශීය සමාගමක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංස් ඒකාබද්ධ හෝටල් ව්‍යාපෘතියක් වූ City of Dreams Sri Lanka පසුගිය ඔක්තෝබර් මාසයෙදී විවෘත්ත කරන ලද අතර මෙහි ජාත්‍යන්තර මට්ටමේ කැසිනෝ ශාලාව 2025 මැද භාගයේදී විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශිතය.

Connet With Us