ගුවන් ගමන් ප්‍රමාදයේ අපහසුවට ඇමැති විජිතගෙන් විසඳුමක්

Published in පුවත්
Tuesday, 12 November 2024 08:55

ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රමාදවීම් සම්බන්ධයෙන් ක්ෂණිකව මගීන් දැනුම්වත් කිරීමට විශේෂ සම්බන්ධීකරණ ඒකකයක් පිහිටුවන ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා ඇමැති විජිත හේරත් මහතා උපදෙස් දී තිබේ.

ගුවන්තොටුපොළත්, ශ්‍රීලංකන් ගුවන් සමාගමත් නියෝජනය වන පරිදි ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළ මේ විශේෂ ඒකකය පිහිටුවා පැය 24 පුරාම ගුවන් යානා ප්‍රමාදය පිළිබඳ තොරතුරු ක්ෂණිකව මගීන් දැනුම්වත් කරන්නටත්, ප්‍රමාද කාල සීමාවේ මගීන්ට උපරිම පහසුකම් දෙන්නට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඇමැතිවරයා උපදෙස් දී ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රමාදය සම්බන්ධයෙන් වූ පැමිණිලි සොයා බැලීමට පෙරේදා (10) කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ කළ නිරීක්ෂණ චාරිකාව අතරතුරය.

පසුගිය පාලන සමයේ ගත් තීරණයක් මත 2023 වසරේ ප්‍රසාද දීමනා වශයෙන් සේවකයන්ට දුන් රු. 50,000ක මුදල නැවත අය කළොත් මේ වසරේදී ප්‍රසාද දීමනාව අහිමිව යෑමට හේතු විය හැකි බව මෙහිදී සේවකයෝ පෙන්වා දුන්හ. එලෙස සේවකයන්ට දුන් ප්‍රසාද දීමනාව නැවත අය කිරීම සදාචාර විරෝධී ක්‍රියාවක් බැවින් එම තීරණය ක්‍රියාත්මක නොකරන්නැයි ඇමැතිවරයා ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සභාපතිවරයාට උපදෙස් දුන්නේය.

ඉකුත් ජනවාරි මස ගුවන්තොටුපොළ ආරක්ෂක අංශයට බඳවා ගත් 150කට ආසන්න කණ්ඩායමට මෙතෙක් දී ඇත්තේ එක් නිල ඇඳුමක් පමණක් බව ද මෙහිදී හෙළි විය. මේ ආරක්ෂක අංශ කණ්ඩායමේ නිල ඇඳුමේ පමණක් වර්ණ හා‍ අමුද්‍රව්‍ය වෙනස්ව ඇති හෙයින් සියලු ආරක්ෂක නිලධාරීන්ගේ ඇඳුම් සමාන වර්ණ හා අමුද්‍රව්‍යයෙන් සැකසීමට උපදෙස් දුන් ඇමැතිවරයා එතෙක් පාවිචිය සඳහා එක් අයකුට නිල ඇඳුම් තුනක්වත් දෙන ලෙසත් බලධාරීන්ට උපදෙස් දුන්නේය.

ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සභාපති හර්ෂ ඩී. අබේවික්‍රම සහ උප සභාපති සිරිල් වන්නිගම මහත්වරුන් ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ පිරිස් මේ අවස්ථාවට එක් වූහ.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us