කුඩු බිස්නස් කළ ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරයා අත් අඩංගුවට

Published in පුවත්
Tuesday, 12 November 2024 13:04

අනුරාධපුර අධිකරණ සංකීර්ණයේ අධිකරණ කිහිපයක නඩුවලට පෙනී සිටින ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරයකු, හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරමින් බන්ධනාගාර රැඳවියන්ට හෙරොයින් ඇතුළු නීති විරෝධී ද්‍රව්‍ය ලබාදෙන බවට ලැබුණු තොරතුරකට අනුව අත් අඩංගුවට ගෙන තිබේ.

සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අනුරාධපුර අධිකරණ සංකීර්ණය ආසන්නයේ කඩ 12 ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී, හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර පරසන්ගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි නීතිඥවරයෙකි.

සැකකාර නීතිඥවරයා, සිය වෘත්තීය උපයෝගී කර ගනිමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින්, එම මත්ද්‍රව්‍ය බන්ධනාගාර රැඳවියන්ට ලබාදෙන පුද්ගලයකු බව පොලිසිය කියයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ සහ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින රැඳවියන්ගේ නඩුවලට පෙනී සිටින මුවාවෙන්, ඔවුන් උසාවියට රැගෙන එන අවස්ථාවලදී ඔවුන් ළඟට සමීප වෙමින් හෙරොයින් මත්කුඩු, ගංජා, බීඩි, සිගරැට් සහ දුම්කොළ මෙම නීතිඥවරයා විසින් රැඳවියන්ට ලබාදෙන බව අනාවරණය වූ බවද පොලිසිය සඳහන් කළේය.

සැකකාර නීතිඥවරයා සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව, අධිකරණ සංකීර්ණය ආසන්නයේ කඩ 12 ප්‍රදේශයේ හෙරොයින් මත්කුඩු පානය කරමින් සිටි මෙම නීතිඥවරයා අත්අඩංගුවට ගත් බවත්, අත්අඩංගුවට ගෙන සිදු කළ පරීක්ෂාවකදී සැකකරුගේ කලිසම් සාක්කුවේ තිබී හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 2300ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ බුද්ධි නිලධාරීන් විසින් මෑත කාලය තුළ ආවරණය කරගත් තොරතුරුවලට අනුව හෙරොයින් ජාවාරමේ නිරත වූ පොලිස් නිලධාරීන් 6ක්, කේරළ ගංජා ජාවාරමේ නිරත වූ පොලිස් නිලධාරින් 3ක්, මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ රජයේ සහ පෞද්ගලික ආයතනවල නිලධාරීන් සක් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වනවිට එම වැටලීම්වලට සම්බන්ධ බුද්ධි නිලධාරීන්ට විවිධ බලපෑම් එල්ල කරමින්, ස්ථාන මාරු කිරීමේ උත්සාහයක් පවතින බවද වාර්තාවේ. අත්අඩංගුවට ගත් සැකකාර නීතිඥවරයා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us