සහල් ගිනි ගණන් නිසා සහල් අලෙවිය 50% කින් පහළ වැටේ Featured

Published in පුවත්
Monday, 11 November 2024 08:40

වෙළෙඳපොළේ පවතින ඇතැම් සහල් වර්ගවල හිඟය සහ අධික මිල හේතුවෙන් මේ වනවිට සහල් අලෙවිය 50%කින් පමණ පහළ වැටී ඇති බව මරදගහමුල සහල් ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි.

එමෙන්ම ඉකුත් සති කිහිපයේ වෙළෙඳපොළේ පාලන මිල ඉක්මවා සහල් මිල ගණන් ඉහළ ගිය අතර නාඩු සහල්වල හිඟයක් ද පැවතුණි.
ඒ අනුව ජනාධිපතිවරයා ඔක්තෝබර් 24 වනදා මහා පරිමාණ සහල් නිෂ්පාදකයින් කැඳවා පාලන මිලට සහල් අලෙවිකරන ලෙස දැනුම් දුන් අතර, ඔවුන්ද එහිදී ඊට එකඟතාව පළකළේය.

එමෙන්ම රට තුළ පවතින වී සහ සහල් තොග පිළිබඳ දත්ත වාර්තාවක් වහාම ඉදිරිපත් කරන ලෙස ජනපතිවරයා දුන් උපදෙස් අනුව පාරිභෝගික අධිකාරිය සැකසූ වාර්තාවද ඉකුත් නොවැම්බර් 06 වනදා ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබීය.

එහෙත් තවමත් වෙළෙඳපොළේ ඇතැම් සහල් වර්ගවල හිඟයක් පවතින බවත්, තිබෙන සහල් පාලන මිලට වඩා වැඩි මිලට අලෙවි කෙරෙන බවත් ජනතාව සහ වෙ‍ෙළඳුන් පවසයි.

කෙසේවෙතත් රට තුළ වී සහ සහල් තොග පිළිබඳව ලබාගත් වාර්තාවට අනුව ප්‍රමාණවත් තරම් නාඩු සහල් පවතින බව වෙළෙඳ අමාත්‍යංශ ලේකම් එම්.එම්. නයිමුදීන් පවසයි.

මිල වැඩිකිරීමේ අරමුණින් ඇතැම් මෝල් හිමියන් කෘත්‍රිමව සහල් හිඟයක් මවාපෑමට කටයුතු කර ඇති බවත්, ඉදිරි දින කිහිපය තුළ මීට විසඳුම් ලබා දෙන බවත් අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේය.

-p.m

 

Last modified on Monday, 11 November 2024 08:52

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us