චීන-ඇමරිකා ජනපතිවරුන් අතර හමුවක්

Published in විදෙස්
Sunday, 17 November 2024 11:48

චීන ජනාධිපති ෂී ජින්පිං හා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් හමුවෙයි. ඒ ඊයේ (16) පේරු රාජ්‍යයේ, ලීමා නගරයේ දී.

ගතවූ වසර 4 තුළ, චීන-ඇමරිකානු සබඳතා අසීරුතා මධ්‍යයේ වුවද සමස්තයක් වශයෙන් ස්ථාවර මට්ටමක පැවති බව ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කර තිබෙනවා. චීනයට එරෙහිව පීඩා එල්ල කිරීම යුක්ති සහගත නොවන අතර ඉන් සාර්ථකත්වයක් අත් කර ගත නොහැකි බවත් චීනය සෑමවිටම පොරොන්දු ඉටු කර ඇති බවත් චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඇමරිකාව නිරන්තරයෙන් ම සිය පොරොන්දු නොතකා විරෝධී ප්‍රතිපත්තියක සිටියි නම් ඇමරිකාවේ ස්වරූපයටත් දෙපාර්ශ්වයේ අන්‍යෝන්‍ය විශ්වාසයටත් එය හානිකර වනවා. සමානාත්මතාවය මත චීනය හා ඇමරිකාව එකිනෙකාට සැලකිය යුතු බව ද ෂී ජින්පිං මහතා සඳහන් කළා.

වර්තමාන ලෝකය කැලඹිලි තත්ත්වයන් රැසකට මුහුණ දෙන බවත් පෙර නොවූ විරූ අභියෝගයන්වලට මානව වර්ගයා මුහුණ දෙමින් සිටින බවත් ෂී ජින්පිං මහතා කියා සිටියා. විශාල රටවල් තරගකාරීත්වය මත නොසිටිය යුතු අතර, සාමූහිකව සහයෝගිතා පැවැත්වීමෙන් අසීරුතාවන් පරාජයට පත් කළ හැකි වනවා.

ඇමරිකා රජය සමඟ අඛණ්ඩව සංවාද පවත්වමින් සහයෝගීතාව පුළුල් කරන අතර, මතභේද පාලනය කිරීමටත් අපේක්ෂා කරන බව ද ෂී ජන්පිං මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කළා.

එහිදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා පැවසුවේ ‘නව සීතල යුද්ධය’ තම රට දියත් නොකරන අතර චීනයේ දේශපාලන ක්‍රමවේදය වෙනස් කිරීමට මැදිහත් නොවන බවයි. සන්ධාන සබඳතාව තහවුරු කිරීමෙන් චීනයට විරුද්ධ වීමක් සිදු නොකරන බවත් ‘තායිවාන ස්වාධීනත්වය’ට සහාය නොදක්වන බවත් චීනය සමග ගැටුම් ඇතිකර නොගන්නා බවත් හෙතෙම ප්‍රකාශ කර තිබෙනවා.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us