අවුරුදු 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම්

Published in විදෙස්
Thursday, 07 November 2024 11:31

වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

එම යෝජනාව සහිත නව නීති එළැඹෙන සතියේදී එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පැවසීය.

ඔස්ට්‍රේලියානු දරුවන්ට සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන හානි අවම කිරීම සඳහා මෙම නව නීති ගෙන එන බව සඳහන් ය.

අගමැතිවරයා පැවසුවේ, "මෙය අපේ පියවරුන්ට සහ මව්වරුන්ට ඔවුනුත් මම වගේම අන්තර්ජාලය නිසා දරුවන්ට හානියක් වෙතැයි කනගාටුවෙනවා...මම කැමතියි ඔස්ට්‍රේලියානු දෙමව්පියන්ට කියන්න, රජය ඔබ සමග ඉන්නවා..." යනුවෙනි.

එහෙත් දැනටමත් සමාජ මාධ්‍ය භාවිත කරන දරුවන් සඳහා එම තහනම බලාත්මක නොකරන බව සඳහන් ය.

එසේම දෙමව්පියන්ගේ කැමැත්ත සහිතව සමාජ මාධ්‍ය පරිශීලකයින් වන දරුවන්ට ද මෙම තහනම අදාළ නොවන බව එරට බලධාරීන් පැවසීය.

නමුත් තරුණ පරිශීලකයින් ආරක්ෂා කිරීමට අපොහොසත් වන තාක්ෂණික සමාගම්වලට එරෙහිව දැඩි පියවර ගන්නා බව ද ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පැවසීය.

 -p.m

 

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us