සහල් හිගය උග්‍ර වෙයි - වෙළෙඳසල්වලින් සහල් දෙන්නේ එක් අයෙකුට කිලෝ 3යි Featured

Published in පුවත්
Monday, 18 November 2024 08:24

දිවයිනේ සහල් හිඟය උත්සන්න වෙමින් පවතින බවට තොරතුරු අනාවරණය වේ. නාඩු ඇතුළු සහල් වර්ග රැසක පවතින හිඟය හේතුවෙන් ඇතැම් සුපිරි වෙළෙඳසල්වලින් පාරිභෝගික ජනතාවට නිකුත් කරන සහල් ප්‍රමාණය සීමා කර ඇත.

මේ අනුව, ඇතැම් සුපිරි වෙළෙඳසල්වලින් එක් බිල්පතකට නිකුත් කරන සහල් ප්‍රමාණය සහල් කිලෝග්‍රෑම් 3ක් දක්වා සීමාකර තිබේ.

පවතින සහල් හිඟය හේතුවෙන් ගොවීන් බොහෝ දෙනෙකු තමන් සතු වී තොග වෙළෙඳපොළට අලෙවි නොකර සිය ආහාර අවශ්‍යතාව සඳහා ළඟ තබාගෙන සිටින බවද පැවසේ.

මහා පරිමාණ සහල් මෝල් හිමියන් වෙළෙඳ පොළේ පවතින මිලට වඩා අඩු මිලකට සහල් නිකුත් කරන බවට ජනාධිපතිවරයාට පසුගියදා පොරොන්දු වුවද, ඔවුන් වෙළෙඳ පොළට සහල් නිකුත් කිරීම සීමා කර ඇතැයිද තොරතුරු අනාවරණය වේ.

2024/25 මහ කන්නයේ සහල් පළමු අස්වනු තොගය නෙළීමට නියමිතව ඇත්තේ ලබන වසරේ (2025) ජනවාරි මාසයේ මැද සතියේදීය. නැගෙනහිර, අක්කරෙයිපත්තුව ආදී ප්‍රදේශවලින් එම අස්වනු නෙළීමට නියමිතය. මහ කන්නයේ සමස්ථ අස්වැන්නෙන් සියයට අටක පමණ ප්‍රතිශතයක් මෙම ප්‍රදේශවලින් නෙළීමට නියමිතය. රජය පසුගිය දිනවල කියා සිටියේ වී අලෙවි මණ්ඩලය හරහාද මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීමට කටයුතු කරන බවය. කෙසේ නමුත්, මණ්ඩලය සතු ගබඩාවලින් 100ක් පමණ වසර ගණනාවකින් අලුත්වැඩියා කර නොතිබීම නිසා අබලන් තත්ත්වයේ පවතින බවටද තොරතුරු අනාවරණය වේ.

-p.m

 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us