2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අද (20) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනා සළකා බැලීමට පත් කළ විශේෂ කමිටුව අද (20) පස්වරුවේ රැස්වීමට නියමිතව තිබේ.

කාදිනල් රංජිත් හිමිපාණන් මීගමුව පිටිපන ධීවර වරාය බලහත්කාරයෙන් පවරාගෙන ඇති බව ධීවරයින් පිරිසක් අද අගරදගුරු මන්දිරය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවක් සම්බන්ධයෙන් ඇතිව තිබු නොසන්සුන් තාවය මත මෙම ධීවර වරාය, ප්‍රදේශයේ ධීවර ජනතාවට එයින් උපරිම ප්‍රතිලාභ ලැබෙන පරිදි යම් අධිකාරියකට පවරා දෙන බව කොළඹ අගරදගුරු පදවිය අද සහතික විය.

ලංකාවම භීතියට පත් කරමින් රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ සිදු වූ කාන්තා ද්විත්ව ඝාතන රැල්ලේ මවක සහ දියණියක අපයෝජනය කර මරා දැමීමේ චෝදනාවන්ට වරදකරු වූ ‘දාම ඝාතකයාට’ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය මරණ දඬුවම අද (19දා) නියම කළාය.

ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් 95 දෙනෙක් සදහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අතින් ගුවන් ටිකට්පත් ලබාදුන් අතර, මේ වන විට කෘෂි අංශයේ රැකියා සදහා පිටත්ව ගිය ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව 602 දක්වා ඉහළ ගොස් තිබේ.

සිය සැමියාගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට කිසිවකු විසින් අවසරයකින් තොරවඇතුළු වී එම ගිණුම් යළි ලබාදීමට රුපියල් ලක්ෂයක මුදලක් කප්පම් ලෙස අවශ්‍ය බවට නාඳුනන පුද්ගලයකුගෙන් පණිවුඩ ලැබුණු බවට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ලැබී තිබිණ.

පවතින ආර්ථික අර්බුදය හමුවේ පවුල තුළ තිබෙන මූලික සබඳතා අඩු වී සමාජය කඩා වැටීමකට ලක්ව ඇතිබව කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය එම්.ටී.එම්. මහීස්  ප්‍රකාශ කළේය.

ලාංකීය සටන් ඉතිහාසයේ සංවිධානය වුණු ජාත්‍යන්තර ප්‍රමිතියේ  දැවැන්තම සටන් අත්දැකීම වුණු  Karma Fight League එසේත් නැත්නම් (KFL) හි නවතම දිගහැරුම වන Motorola Karma Fight League powered by Abans වෙනුවෙන් මේ වනවිට සියලු කටයුතු  සුදානම් වෙමින් පවතිනවා.

පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති චක‍්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ යුතු අතර විදුහල්පතිවරුන් විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා සිසුන් ඇතුළත් කරගැනීම සිදු කරනු ලැබේ.

එළැඹෙන අප්‍රේල් මාසයේදී කොළඹ වරාය නගරයේ ඉදිකළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය විවෘත කිරීමට නියමිතය.   කොළඹ වරාය නගරයේ දැන් ඉදිරීම් අවසන් වෙමින්  පවතින දකුණු ආසියාවේ ප්‍රථම නාගරික තීරු බදු රහිත (downtown duty-free store) සාප්පු  සංකීර්ණය  විවෘත වීම ඓතිහාසික ආර්ථික සන්ධිස්ථානයක් නිර්මාණය කරනු ඇත.

Connet With Us