News Items (18842)
ග්‍රීසිය නව වාර්තාවක් තබමින් සමලිංගික විවාහ නීතිගත කරයි
සමලිංගික විවාහ නීතිගත කළ පළමු ක්‍රිස්තියානි ඕතඩොක්ස් රට බවට ග්‍රීසිය පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පාසල් නිල ඇදුම් සහ පෙළ පොත් මාර්තු පළමු සතිය වනවිට බෙදා අවසන්
පාසල් නිල ඇදුම් සහ පෙළ පොත්, මාර්තු මාසයේ පළමු සතිය වන විට බෙදා අවසන් කරන බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ලංවිම ජනතාවට දැනුම් දෙයි
පවතින වියළි කාලගුණයත් සමග දෛනික විදුලි ඉල්ලුම, ගිගාවොට් පැය 3 ත් 4 ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වල අද (18) ප.ව 4.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මැණිකේ මගේ හිතේ ගීතය තුළින් ලොවක් වසඟයට ගත් යොහානි ද සිල්වා පසුගිය දා නැවතත් සමාජයේ කතාබහට ලක්වන චරිතයක් බවට පත්වූවාය.
මේ වසරේ මාස එකාහමාරට රු. බි. 7 ක් සංචාරකයන් රටට ගෙනල්ලා
මේ වසරේ මාස එකහමාරක කාලය තුළදී සංචාරක ව්‍යාපාරය මඟින් රුපියල් කෝටි 700ක් උපයා ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් නලින් පෙරේරා පවසයි.
කෝට්ටේ–නාවල යා කරන ලංකාවේ දිගම ගුවන් පාලම අවසන් අදියරේ
නාවල – අංගම්පිටිය ගුවන් පාලම් මාර්ගයේ ඉදිකිරීම කටයුතු අවසන්කර මහජනතාවට විවෘත කිරීම ජූලි මාසයේදී සිදුවෙනු ඇති බව වාර්ථා වේ.
ජනාධිපතිවරයා, ජනාධිපතිධුරය අහෝසි කිරීම හෝ ජනාධිපතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් උත්සාහයක නිරත බවට විපක්ෂ දේශපාලන පක්ෂ ගෙන යන ප්‍රචාරයට පදනම වූයේ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යපාරය පසුගියදා ජනාධිපතිධුරය අහෝසි කළ යුතු බවට නිකුත් කළ නිවේදනයය.
හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වේ
හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 83ක් බව වාර්තා වේ.
රුසියානු විපක්ෂ නායක Alexei Navalny ගේ මරණයෙන් රුසියාව උණුසුම් වේ
රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නිගේ මරණය සම්බන්ධයෙන් විරෝධතා ක්‍රියාමාර්ග ගන්නා පිරිස්වලට එරෙහි ව රුසියානු රජය අනතුරු අඟවා තිබේ.
