ග්‍රීසිය නව වාර්තාවක් තබමින් සමලිංගික විවාහ නීතිගත කරයි

Published in විදෙස්
Sunday, 18 February 2024 08:39

සමලිංගික විවාහ නීතිගත කළ පළමු ක්‍රිස්තියානි ඕතඩොක්ස් රට බවට ග්‍රීසිය පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, එරට ආගම්හි දැඩි විරෝධතාවයක් මධ්‍යයේය.

පෙරේදා (15) එරට පාර්ලමේන්තුවේදී බහුතර ඡන්දයෙන් පසුව මෙම නීතිය සම්මත වූ අතර, මේ යටතේ සමලිංගික යුවල්වලට දරුවන් හදා ගැනීමට නීත්‍යානුකූලව අවසරය ද හිමි වනවා

පනත සම්මත කර ගැනීම සඳහා විවාදය දින දෙකක් පැවැත්වුණා.

පනත වෙනුවෙන් ඡන්දය විමසීමේදී පාර්ලිමේන්තුවට පැමිණ සිටි මන්ත්‍රීවරුන් 245න් 176ක්ම පනතට පක්ෂව ඡන්දය භාවිත කර තිබෙනවා.

නව නීතියට පෞද්ගලිකව නායකත්වය දුන් එරට අගමැතිවරයා X(එක්ස්) සටහනක් නිකුත් කරමින් පැවසුවේ, මෙය මානව හිමිකම් සඳහා වැදගත් සන්ධිස්ථානයක් වන අතර එමගින් අසමානතාව තුරන් වී ඇති බවයි.

මේ අතර නව නීතිය ප්‍රකාශයට පත් වූ විට, පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට සිටි දහස් ගණනක් ජනතාව තම සතුට සැමරූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් මෙම නව පනතත් සමග ඊට පක්ෂ සහ විපක්ෂ පිරිස විවිධ මත පල කරමින් සිටිනවා.

ඊට එරෙහිව බොහෝ පිරිස් විරෝධතාවේ නිරත වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නව පනත සම්මත වීමත් සමග ග්‍රීසියේ LGBTQ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ඊට තම සතුට හා ස්තූතිය ප්‍රකාශ කර තිබෙනවා.

-P.M

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us