බන්ධනාගාරගත ව සිටි රුසියානු විපක්ෂ නායකවරයා හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මිය ගිය බව ඊයේ (16) ප්රකාශ කර තිබිණි.
ඒ අනුව ඔහුගේ මරණය දේශපාලන වාසියක් කර ගනිමින් විදී පුරා ප්රචණ්ඩකාරී ලෙස විරෝධතා පැවැත්වීමට අවස්ථාව ලබානොදෙන බව රුසියානු රජයේ බලධාරියෙකු ප්රකාශ කර ඇත.
කෙසේ වෙතත් රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි හට ගෞරව කිරීම සඳහා විවිධ පාර්ශ්ව මොස්කව්හි වීදි පුරා අනුස්මරණ උත්සව සංවිධානය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
-P.M